රට ලේ විලක ගිල්වීමට ⁣රනිල් සොම්බියා සූදානම් වේ

 


 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා දුන් තීන්දුව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර තීරණයකට එළඹිය යුතු බව අද (24)රැස් වූ අමාත්‍ය මණ්ඩලය අදහස් කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තියෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණය

ලබා දුන් මේ තීන්දුවේ ගැටළු රාශියක් ඇති බවටද මෙහිදී ඇමති මණ්ඩලය තුළ සාකච්ඡා කර ඇති බව පැවසෙනවා. අමාත්‍ය මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට වංගුවක් ගහන්නට සැරසෙන බවට මින් සැකයක් මතු වෙනවා. 

රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේ එහෙයින් පිරිසක් මිස රට වෙනුවෙන් තීරණ ගන්නා පිරිසක් නොවන බව මෙරට ජනතාව දනී.මේ තක්කඩියන් කණ්ඩායම සිය දේශපාලන බල ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ඕනෑම තුප්පහි කෙරුවාවකට මැදිහත් වෙනවා විනා නීතියට ගරු කිරීමක් දක්වන්නේ නැත.මීට වසර දහකට පමණ පෙර රනිල් වික්‍රමසිංහ පෝරිසාද හොර තඩියකු බවට චෝදනා කළ වුන්  බොහෝ දෙනෙකු මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කරන්නේ ඒ රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කු කුක්කන් විදියටය.

මේ පාදඩයන් කිසිම ලැජ්ජාවක්, බයක් ,හිරිකිතයක් ඇත්තන් නොවේ.පොලිස්පති වරයා පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දීඇති තීන්දුව පිළිබඳව අද අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය විනිශ්චය කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන මේ පාදඩයන්ගේ තක්කඩි පැටිකිරිය මත පිහිටාය. 

පසුගිය කා⁣ලයේ ජනපති රනිල් වික්‍රමසිංහ මෙරට අධිකරණයට එරෙහිව  අවලාද නගමින් තමාගේ විධායක ජනපති ධුරය අධිකරණයට වඩා ඉහළින් පවතින බවට බොහෝ අවස්ථාවලදී ඇඟවීය.පොලිස්පතිවරයා සම්බන්ධ⁣යෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ඒ බල උන්මාදයට එරෙහිව ලබා දුන් තීන්දුවක් ලෙස සැළකිය හැකිය. 

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා මේ තීන්දුව පිළිබඳව තඹ දොයිතුවකට මායිම් නොකිරීමේ අවදානමක් මතු වෙමින් පවතී.මෙය වඩාත් බරපතල විය හැක්කේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන වික්‍රමසිංහගේ ඔඩොක්කු කුක්කන් පිරිසද ඔහුගේ අදහස අනුමත කරන්නට ඉඩ ඇති නිසාය.ඉන් අනතුරුව ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර විශාල ගැටුමක් ඇති විය හැකිය.මේ ගැටුම තුළ ඉදිරි ජනපතිවරණය කල් දමා ගැනීමට රනිල් වික්‍රමසිංහ හා කල්ලිය සැළසුම් කරන්නටද පුළුවන.

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ ගේ මේ බල උන්මාදය මෙරට සමාජය තුළ විශාල අර්බුදයකට ඇද ගෙන යාමේ වැඩි ඉඩක් පවතී.ආණ්ඩුවේ අවශ්‍යතාව වී ඇත්තේද සමාජය තුළ  මේ අර්බුදය ඇවිලීම බවට කිසි සැකයක් නැත.
මෙය කිසිසේත්ම පහසුවෙන් විසඳා ගත නොහැකි ප්‍රශ්ණයක් කරා ඇද ගෙන යාමට රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ නොසන්ඩාල ආණ්ඩුව දරන මෙි කැත හා අවලස්සන උත්සාහය සියළු පාර්ශවයන් එක්ව වහාම පරාජය කළ යුතු වන්නේය.

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි