ටිරාන් අලස් අධිකරණයට අපහාස කරයි
- Get link
- X
- Other Apps
- පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා දී ඇති තහනම් නියෝගය පිළිබඳව අද (25)දින පල කරන ලද "අද" පුවත්පතට ප්‍රකාශයක් කර ඇති ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම තීන්දුව ලබා දී ඇත්තේ යුක්තියේ මෙහෙයුුම නතර කිරීමේ අරමුණින් බවය.අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මෙරට මත් ද්‍රව්‍ය ජාවාරමට සහයෝගය දක්වන්නන් බවය.අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයකි.ඒ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පවා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ බවට හැඟවෙන ආකාරයට අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් කර ඇත්තේ ඔහු සතුව ඒ පිළිබඳව බුද්ධි තොරතුරු ඇති බැවින් විය හැකියැයි උප කල්පනය කිරීම තුළය.එසේත් නැතහොත් ටිරාන් අලස් අමාත්‍යවරයා සිය ඇමති බල ආධිපත්‍යය පිළිබඳව උන්මාදයකින් අධිකරණ තීන්දුවක් හෑල්ලුවලට හා අපහාසයට ලක්වන ආකාරයෙන් ප්‍රකාශයක් කර ඇති බව නිසැකය.එය එසේ වන්නේ නම් ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් මෙරට අධිකරණය විසින් ක්‍රියාත්මක කෙරෙන නීතියේ ස්වාධීන අධිකාරියට සිදු කර ඇති අපහාසය පිළිබඳව වහා ක්‍රියා මාර්ග ගත යුතුය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment