ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න පත් කෙරේ.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අසනීප තත්වයේ පසුවන බැවින් එම පක්ෂයට පසුගියදා නව නායකයකු තෝරා පත් කර ගත් බව වාර්තාවේ.2015 වර්ෂයේදී පාර්ලමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න ඒ සඳහා පත් වූ බවද වැඩිදුරටත් වාර්තා විය.
නිරෝෂන්
ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අවදියේ
තලවතුගොඩ රෙදි පිළි අලෙවිහලක් විවෘත කරන ලද අතර ඒ සඳහා මුදල් යෙදවූයේ පාතාල
ක්‍රියාකාරිකයකු වූ මදූෂ් බවට බොහෝ පාර්ශව වෙතින් චෝදනා නැගිණි.එහෙත් එම
චෝදනා සම්බන්ධයෙන් නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශ කරන ලද්දේ තමන්ට මිතුරකු
විසින් ඉඩමක් හා ගොඩනැගිල්ලක් නොමිලයේ ලබා දුන් බවත් එහි රෙදිපිළි අලෙවිහල
දැමීම සඳහා තමන් විසින් බංකුවකින් කෝටි අටක ණය මුදලක් ලබා ගත් බවත් එහි
මාසික වාරිකය ලක්ෂ අටක් බවත්ය.
පොලිස් අත්
අඩංගුවේදී මරා දැමූ මදූෂ් ගේ අවසන් කටයුතු කරන ලද අවස්ථාවේ නිරෝෂන්
ප්‍රේමරත්න අවමංඟල සභාවේ කතාවක් පවා කරන ලද බව ඒ දිනවල ජනමාධ්‍ය වාර්තා කර
තිබුණි.
තමන් හා මියගිය මදූෂ් එකම ගමක ජීවත්වූ
බවද ඔවුන් කුඩා කාලයේ සිටම මිතුරන් බවද මෙම චෝදනා වලට පිළිතුරු දෙමින්
නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබේ.කුඩා
කාලයේදී ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ නිරෝෂන් ප්‍රේමරත්න පසු කලකදී සති
පොළවල්වල නාට්ටාමියකු ලෙසද කටයුතු කරමින් ජීවිකාව ගෙන ගොස් ඇති බවද පසුව
මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වූ නිරෝෂන් ප්‍රේමරත්න එවකට ස්වාධීන රූපවාහිනියේ
අධ්යක්ෂ ජනරාල් වරයා වූ නිවුටන් ගුණරත්නගේ සහායෙන් එහි මාධ්‍යවේදියකු
ලෙස සේවයට එක් වී ඇත.ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන
අවදියේ නිරෝෂන් ප්‍රේමරත්න
ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙසද පත් කෙරිණි.
ඔහු සිය මාධ්‍ය ජීව්තය හමාර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් පසුවය.
පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අවදියේ නිරෝෂන් ප්‍රේමරත්න බොහෝ අවස්ථාවල
ජාතිවාදී හා ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන ලදී. ප්රජාතන්ත්රවාදී වාමංශික
පෙරමුණේ හිටපු නායක වාසුදේව නානායක්කාර ජාතිවාදය හා ආගම්වාදය දැඩි ලෙස
ප්‍රතික්ශේප කරන ලද දේශපාලඥයකු වේ. සිය දේශපාලන ක්‍රියාකාරකම් වලදී දැඩි
ජාතිවාදියකු හා ආගම්වාදියකු ලෙස පෙනී සිටි නිරෝෂන් ප්‍රේමරත්න හට සිය පක්ෂ
නායකත්වය වාසුදේව නානායක්කාර විසින් බාර දීම කුතුහලය දනවන සිදු වීමක් වේ.
Comments
Post a Comment