දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් කාලයක් දැරූ පොලිස්පති ධුරයේ කටයුතු කිරීම
පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව නීතිය හා සාමය බාර
ඇමති ටිරාන් අලස් හා කල්ලිය දැඩි අර්බුදයකට ලක් වී සිටින බව වාර්තා වේ.මෙරට
මත්ද්‍රව්‍ය හා අනිකුත් පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා බව ප්‍රකාශ
කරමින් ඇමති ටිරාන් අලස් හා දේශබන්දු පොලීසිය යොදවා ගනිමින් සිඳුු කළ
යුක්තියේ මෙහෙයුම පොලිසියේ අපරාධ කරුවන්ට අපූරු ඉල්ලමක් විය.
මෙරට සමාජය තුළ
ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල මර්ධනයට සඳහා දියත් කරන ලද
යුක්තියේ මෙහෙයුම සම්බන්ධයෙන් ජනතාව තුළ පැවැතියේ යහපත් අපේක්ෂාවකි.ඇමති
ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය තක්කඩි දූෂිත පැවැත්ම
තහවුරු කර ගත්තේ ජනතාව තුළ පැවති ඒ යහපත් අපේක්ෂාවට වසන් වෙමිනි.පොලිස්පති
දේශබන්දු පොලීසියේ සේවය කළ ජඩ දූෂිතයකි.වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමට අත්
උදව් සැපයූ අයෙකි.අත් අඩංගුවේ සිටි මදූෂ් හා තාරක වැනි පාතාල
ක්රියාකාරිකයන් අත් අඩංගුවේදී ඝාතනය කර ඔවුන් සන්තකයේ තිබූ මුදල් හා රන්
භාණ්ඩ වල හිමිකාරිත්වය පවරා ගැනීමටද දේශබන්දු ක්‍රියා කර තිබේ.මෙරට බොහෝ
පාතාල ක්රියාකාරිකයන් සිදු කළ අපරාධ වලට පසු ආරක්ෂාව සලමින් එම
අපරාධකරුවන් නීතියේ රැහැනට හසු නොකිරීමට සැළසුම් මුදා හැරි පාදඩ
නොසන්ඩාලයෙකි.
යුක්තියේ මෙහෙයුම මුදා හැරුණේ
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා සමීපතම පාතාල අපරාධකරුවන්ගේත් ඔවුන්ගේ
අනුගාමිකයන් සියළුම දෙනාමත් ආරක්ෂා කර ගනිමිනි.එහිදී කොස්ගොඩ සුජීව නම්
අපරාධකරුට ආරක්ෂිතව සිය හෙරොයින් ජාවාරම හා මිනීමැරුම් කරගෙන යන්නට ඉඩ
පහසුව සැළසුනි.කොස්ගොඩ සුජීව බෙලිඅත්තේදී අපේ ජන බල පක්ෂයේ නායක සමන්
පෙරේරා ඇතුළු පස්දෙනෙකු ඝාතනය කරන්නේ පොලිස්පති දේශබන්දුගේ දැනුවත්වය.එසේම
නියෝජ්‍ය ඇමති ඩී.වී.චානක ගේ මාමණ්ඩිය මරා දැමීම සඳහා වූ කොස්ගොඩ සුජීවගේ
අවශ්‍යතාව සපුරාලමින් එම ඝාතනයට විශේෂ කාර්ය බලකායේ මිනීමරුවන් යොදවන්නේද
දේශබන්දුගේ අනුදැනුම හා අවබෝධය මතය.ගල්කිස්ස මුහුදු තීරයේ සංචාරක හෝටලයක්
විනාශ කිරීම සදහා පොලීසිය යොදවෙන්නේද ඇමති ටිරාන් අලස් ලබා ගත් මුදල්
කොන්ත්රාතුවක ප්‍රතිඵළයක් විදියටය.තමන් සමග ඉඩම් ආරවුලක් තිබූ
ව්‍යාපාරිකයෙකුගේ හිමිකාරිත්වය යටතේ වැලිගම පිහිටා තිබූ සංචාරයක හෝටලයක්
වැටලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ මිනීමරුවන් යොදවන ලද්දේද ඇමති ටිරාන්
අලස් මය.එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ අපරාධ කල්ලියේ සැරයන් වරයකු
වැලිගම පොලීසියේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය.
කොස්ගොඩ සුජීවගේ
අවශ්‍යතාව ඉටු කිරීම පිණිස විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ
අහුංගල්ලේදී අත් අඩංගුවේ සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරන්නේද පොලිස්පති
දේශබන්දු දැනුවත්වය.ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු සිය පෞද්ගලික
ඕනෑ එපා කම් ඉටු කර ගැනීම සදහා විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ සාහසික
මිනිස් ඝාතකයන් යොදවා ගනිමින් සිදු කරන ලද මිනිස් ඝාතනයන් හා මංකොල්ල කෑම්
සියල්ල ඔවුන් විසින් සාධාරණී කරණය කරන ලද්දේ යුක්තියේ මෙහෙයුම ගැන පවසමිනි.
මෙහිදී
ටිරාන් අලස්ගේ හා දේශබන්දුගේ කෙරුවාව පිළිබඳව වර්ණනා කරන්නට යොදා ගත්
මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි චීවරධාරීන්ගේ පැවැත්මද අන්ත දූෂිත
විය.මුරුත්තෙට්ටුවේ ආනන්ද වෙත කෝටි අටක සුඛෝපභොගී වාහනයක් පූජා කර තිබුණේ
දෙමටගොඩ රුවන් නම් හොරොයින් ජාවාරම්කරු විසිනි.ඒ බව අනාවරණය වූයේ පොලිස්
විමර්ශන වලදීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සමගම
ටිරාන් ගේ හා දේශබන්දුගේ පාතාල ජඩ ක්‍රියාකාරකම් බරපතල අර්බුදයකට ලක් වූ බව
පැහැදිලිය.දැන් මොවුන් දෙදෙනා සිටින්නේ දැඩි කෝපයෙනි.
මොවුන්ගේ ඊළඟ සැළසුම සිය හිතවත් පාතාල අපරාධ කරුවන් ලවා මිනිස් ඝාතන රැල්ලක් එකවර මුදා හැරීමය.
මේ
වන විටත් කොස්ගොඩ සුජීව ඒ සඳහා සැළසුම් සකස් කරමින් තිබෙන බව අනාවරණය
වේ.එහිදී හමුදා බුද්ධි අංශ නිළධාරියකු ඝාතනය කිරීමට අදහස් කර ගෙන ඇති බව
හෙළිවේ.එම ඝාතනයෙන් සමාජය තුළ මතුවන කම්පනය හරහා මෙවැනි ඝාතනයක් සිඳු වූයේ
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම නිසා බවට වන අදහසක්
සමාජගත කිරීමට සැලසුමක් පවතී.ඒ සමගම පාතාල ඝාතන රැල්ල හෙට අනිද්දා වන විට
වැඩ අරඹනු ඇත.ඒ සදහා විශේෂ කාර්ය බලකායේ සාහසික ඝාතකයන් කණ්ඩායමක්ද කොළඹ
අපරාධ කොට්ඨාශයේ මෙලේච්ඡයන් යොදා ගැනීමට අපේක්ෂිතය.එම සාහසික ඝාතන රැල්ල
විනිශ්චය කරනු ඇත්තේ පොලිස්පති දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම නිසා
යුක්තියේ මෙහෙයුම අඩාල වීමෙන් සිදු වූ අපරාධ ලෙසය.
Comments
Post a Comment