විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලංකා දවසෙන් යෝජනාවක් - හැකි නම් කරන්න

 



පොදු ජන පෙරමුණේ දේශපාලන බෙදුම් තීරය පැහැදිලිව විවර කරමින් එම පක්ෂයෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන 92 ක පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.මෙහිදී පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය තුළ රාජපක්ෂ වරුන්ට සහයෝගය දක්වන පාර්ශවය ජනපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටද අපේක්ෂිතය.පොදු ජන පෙරමුණ මේ ආකාරයට බෙදීමක් සිදු නොවුනේ නම් ජනාධිපති අපේක්ෂකයා වන්නට තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය
.එහෙත්⁣ මේ වන විට ඔහු සඳහා අවස්ථාවක් දීමට වඩා සිය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සදහා වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන්ට සිඳු වී තිබේ.

රාජපක්ෂ වරුන් දෙවිවරුන් ලෙස ඇදහූ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඒ ඇදහිල්ල ඉවතට දමා රනිල් වික්‍රමසිංහගේ දෙපා වන්දනා කිරීම මෙරට දේශපාලනයේ  හාස්‍යජනක විකාර රූපී හැඩය හා තක්කඩිකම අනාවරණය ⁣කෙරෙන නිදර්ශනයකි.එහි පවතින තක්කඩිකම ඉතා හොදින් විමසීමට නම් ජනපතිවරයා හා එක්වූ පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර සිටින ඇතැමුන් යහපාලනය ආණ්ඩුවේ අගමැති වරයා වූ රනිල් වික්‍රමසිංහ අපහාසාත්මකව වි⁣වේචනය කර ආකාරය සිහිපත් කර ගත යුතුය.

රාජපක්ෂවරුන් ගේ දේපලක් වූ දේශප්‍රේමිත්වය රනිල් වික්‍රමසිංහ උදුරා ගෙන තිබේ.එළඹ ඇත්තේ රට ජාතිය ගලවා ගැනීමේ අවසාන අවස්ථාවයි.
රාජපක්ෂ පවුලට වඩා ඒ සඳහා ශක්තිය ඇත්තේ රනිල් වික්‍රමසිංහට බව පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම පවසයි.රනිල් වික්‍රමසිංහ මෙරට අටවන ජනපතිවරයා කරවීමට රාජපක්ෂ කල්ලිය ඇටවූ කෙමනට මේ වන විට ඔවුන්ම හසු වී ඇති බව පැහැදිය.අටවන ජනපති ධුුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයේදී පොදුජන පෙරමු⁣ණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම පරාජය කරන්නට රාජපක්ෂ වරු ගෙනගිය කැත හා අවලස්සන සැළසුම වර්තමානයේදී රාජපක්ෂවරුන්ටම විඳවීමට හේතුවක් වී ඇති බව පෙනී යයි.සැබෑ ලෙසම මේ වන විට ඩලස් අලහප්පෙරුම මෙරට ජනපතිවරයා ලෙස කටයුතු කෙරුවේ නම් පොදු ජන පෙරමුණේ දේශපාලනයට මෙතරම් හානියක් නොවන්නේය.එහෙත් රාජපක්ෂ පවුලේ බල ලෝභිත්වය ඔවුන් දේශපාලන සුසාන භූමිය කරා ගෙන යමින් සිටී. 

එහෙත් මෙරට සමහර පුරවැසියන්ගේ මතය වී ඇත්තේ මේ සිදු වෙමින් පවතින ක්‍රියා දාමය රාජපක්ෂ වරුන් හා ජනපති රනිල් වික්‍රමසිංහ අතර සමීප අවබෝධයකින් සිදු වන දෙයක් බවය.
පොදු මහජනතාව අතර පවතින ඒ සැකය දුරු කිරීමට විපක්ෂ නායකවරයාට ඉතා හොඳ වටපිටාවක් හා අවස්ථාවක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වී තිබේ. ජනපතිවරයා හා රාජපක්ෂවරුන් අතර සැබෑ විරසකයක් පවතීද නැද්ද යන්න තහවුරු කර ගැනීමට විපක්ෂ නායකවරයා කළ යුත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමය.ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහා පොලිස්පතිවරයා පත් කිරිමේදී ඔහු විසින් සිඳු කළ අනීතික මැදිහත්වීම පමණක්ම සෑහේ.

 මෙම විශ්වාස භංගයේදී ආණ්ඩුව පරාජයට පත් කිරීමට විපක්ෂ නායක වරයාට අවස්ථාවක් පවතී.එහෙත් එය එසේ වන්නේ පොදු ජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශවය සැබෑවටම ජනපතිවරයා අතර දේශපාලනික විරසකයක් පවතී නම් පමණය.මෙම විශ්වාස භංගය පරාජයට පත් වූවද විපක්ෂයට ජයග්‍රහණයක් හිමිවේ.ඒ රාජපක්ෂ වරුන් හා ජනපතිවරයා අතර පවතින්නේ රැවටිලිකාර විරසකයක් බව රටට තහවුරු කෙරෙන බැවිනි.



  •  or 

  • Comments

    Popular posts from this blog

    ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි