පොලීසියේ මිනීමරු ඒකකයක් නැවත පිහිටුවා එහි මුල් පුටුවට පිස්සෙක් පත් කිරීමේ සැළසුමක් හෙළිවේ

 


පොලිස් දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේ විසුරවා හරින ලද සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය නැවත පිහිටුවා එහි ස්ථානාධිපති ධුරය පොලිස් පරීක්ෂක නියෝමාල් රංඟජීව පත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංඟජීව 2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරය තුළට ගොස් එහි සිටි රැඳවියන් මෙලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිළධාරියෙකි.එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වූ මොහු තාක්ෂනික හේතුවක් මත නඩුවෙන් නිදහස් වූ අතර අනෙක් සැකකරු වූ සහකාර බන්ධනාගාර කොමසාරිස් ළමාහේවා මේ වන විටත් බන්ධනාගාරයේ දඬුවම් විඳිිිමින් සිටී.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංඟජීව සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති  මේ වන විටත් අධිකරණයන්හී විභාග වමින් පවතින නඩු සඳහා සහභාගි නොවන බවත් තමන්ට එම නඩු විභාග වලදී සාක්ෂි දීමට නොහැකි තරමේ මානසික අවුල් සහගත තත්වයක් ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සිටින බවට හෙළි වී තිබේ.මෙරට හෙරොයින් ජාවාරම් කරුවන් මර්ධනයේ වීරයාලෙස තමන්ම හඳුන්වා ගන්නා නියෝමාල් රංඟජීව විසින්  අත්අඩංගුවේ රඳවා ගෙන සිටි පාතාල ක්‍රියාකාරිකයකු වූ ⁣මදූෂ් වෙඩි තබා  ඝාතනය කරන ලදී.තමන් විසින් මදූෂ් ඝාතනය කරන ලද බව හැඟවෙන පෝස්ටුවක් ඔහුගේ මුහුණු පොතට නියෝමල් රංගජීව ඇතුළත් කර තිබුණේ මදූෂ් මරා දමන ලද දිනයට පසු දිනය.පසුව එම පෝස්ටුව මකා දමා තිබුණද මේ වන විටත් එහි ස්ක්‍රීන් ෂොට් බොහෝ අයවළුන් සන්තකයේ තිබේ.

 නියෝමාල් රංඟජීව හා මදූෂ් අතර මංඟල සාදකදී ඇතිවූ ආරවුලක් නිසා  මේ දෙදෙනා අතර පෞද්ගලික විරසකයක් පැවතුනි.මේ විරසකයට හේතුව වූයේ හොරෙයින් ජාවාරමෙන් ලැබෙන මුදල් ගණුදෙනුය.නියෝමාල් රංඟජීව පිළියන්දලදී වෙඩි වැදීමකට ලක් වන්නේද හොරොයින් ජාවාරම්කරුවන් මුදල් ගණුදෙනුවක් සඳහා එන ලෙසට කළ ඉල්ලීමකට අනුව එම මුදල් ලබා ගැනීමට යාමේදීය.එය හොරොයින් ජාවාරම්කරුවන් විසින් මොහු ඝාතනය කිරීම සඳහා දියත් කළ සැළසුමකි.

 මිල්ටෙරි නන්දසේන ගේ මිනිස් ඝාතන කල්ලියේ සාමාජිකයකු වූ නියෝමාල් රංගජීව තමන්ට හිතවත් හොරොයින් ජාවාරම්කරුවන්ට එරෙහි විරුද්ධවාදීන් මුදල් කොන්ත්‍රාත් මත සිදු කළ සාහසික අපරාධකරුවෙක් බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.මිල්ටෙරි නන්දසේන දේශපාලනික මිනිස් ඝාතන සඳහාද මොහු යොදවා ගෙන තිබේ.


කෙසේ වෙතත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය නැවත ස්ථාපිත කර එහි ස්ථානාධිපතිවරයා ලෙස නියෝමාල් රංගජීව පත් කිරීමට සැළසුම් කර තිබීම ඉතා බරපතල කාරණයක් ලෙස සැළකිය හැකිය.එහි වඩාත්ම බරපතල කාරණය වන්නේ තමන්⁣ විසින්ම තමන්ට මානසික ආබාධයක් ඇතැයි පිළිගන්නා තැනැත්තකු අ⁣පරාධ මර්ධනය සදහා වගකීමක් බාරදීමය.



  •  or 

  • Comments

    Popular posts from this blog

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

    කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්