ජීනීවා හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිනියට ඕස්ට්‍රේලියානු පෙඬරල් අධිකරණයෙන් දඩ ගහලා
- Get link
- X
- Other Apps
- ඕස්ට්‍රෙිලියානු පෙඬරල් අධිකරණය ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වූ හිමාලි අරුණතිලකට එරට වෘත්තිමය අයිතිවාසිකම් කඩ කරන ලදැයි චෝදනා කරමින් සිය ගෘහ සේවිකාවක වූ ප්‍රියංකා ධනරත්නට නොගෙවූ වැටුප් හා එහි පොලී වශයෙන් ඩොලර් 543000 ක් ගෙවීමට නියෝග කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.හිමාලි අරුණතිලක ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කර ඇත්තේ 2015 වසරේ සිට 2018 වසර දක්වා වේ.අනතුරුව ඇය 2023 වසරේදී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිනිය හා නිත්‍ය නියෝජිත වරිය ලෙස පත් කෙරුවාය.ඕස්ට්‍රේලියානු පෙඬරල් අධිකරණය මෙම තීන්දුව දෙමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවා දෝෂ දර්ශනයට ලක් කර තිබේ.හිමාලි අරුණතිලක ගේ ගෘහ සේවිකාව ලෙස කටයුතු කළ ප්‍රියංකා ධනරත්නට පෙරවරු 06 සිට රාත්‍රී 10 දක්වා සතියේ දින හතම නිවසේ බැල මෙහෙවර කම් කිරීමට සිදුවී ඇති අතර ඒ සදහා ඇයට වැටුප් වශයෙන් ගෙවා ඇත්තේ ඩොලර් 11200ක වැටුපක් වන බවත් එය පැයකට ශත 75 ක් පමණ වන බවත් අධිකරණ විභාගයේදී හෙළි වී ඇති අතර එසේම මෙම සේවා කාලය තුළදී ඇයට නිවාඩු ලබාදී ඇත්තේ මුළුතැන් ගෙයි පිසීමේ කටයුතු වලට යොදා ගත් උණුසුම් තෙල් වලින් දෑත් පුළුස්සා ගැනීමෙන් පසුව දින දෙකක් පමණක් බවද එහිදී අනාවරණය වී තිබේ.ගෘහ සේවිකා ප්‍රියංකා ධනරත්නට නිවසින් පිටව යාම තහනම් කර තිබූ බවත් ඇයගේ ගමන් බලපත්‍රය හිමාලි අරුණතිලක අවුරුදු තුනක කාලයක් බලහත්කාරීව රඳවා ගෙන තිබූ බවද සාක්ෂි විභාගයේදී හෙළි වී ඇත.ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිසි සොයා බැලීමක් සිදු කෙරුවේ නම් මේ තත්ත්වය උදා වන්නේ නැති බවට ප්‍රකාශ කළ රේපර් විනිසුරුවරි ඕස්ට්‍රෙිලියානු කම්කරුවන්ගේ අයිතිවාසිකම් රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් යටපත් කළ නොහැකි බවටද විශේෂයෙන් සඳහන් කර තිබේ.මෙම නඩු තීන්දුව ශ්‍රී ලාංකික බොහෝ විනිසුරුවරුන්ගේ අවධානයට ලක්විය යුතු තීන්දුවකි.ඒ මන්ද යත් මෙරට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද වලින් ආවරණය වූ ඉහළ පන්තිය ඉදිරියේ මෙරට අධිකරණය දක්වන බයාදු නිවට ස්වභාවය ඔවුන් සිදු කරන ලද වැරදි විභාගයේදී දෙන ලද තීන්දු වලින් තහවුරු කර ගත හැකි නිසාය.මෙරට ගෘහ සේවිකාවකට මෙවැනි අත්දැකීමකට මුහුණ පාන්නට සිදු වුයේ නම් සාධාරණය පතා යාමට සිදු වන්නේ සීනිගම දේවාලයට හෝ හලාවත මහා භද්‍රකාලි දේවාල වලටය.ඒ තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් පලි ගහන්ටය.එසේ නොමැතිව මෙරට වරප්‍රසාද පන්තිය අධිකරණය මගින් වරද කරුවන් නොකරන බවටත් තමන්ට කිසි දිනක සාධාරණය ඉටු නොවන බවටත් මෙරට ජනතාව හොඳින් වටහා ගෙන සිටී.රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දැන් ජිනීවා හා නිත්‍ය නියෝජිතවරිය වහාම මෙරටට කැඳවා ගත යුතුය.එහෙත් එය එසේ නොවන බවට අනුමාන කළ හැක්කේ සැකකරුවකුගේ ලිංඟයේ සිද්ධා ලේප ගල්වා කුරිරු වද හිංසා කළ අපරාධකරුවකු මෙරට පොලිස්පති කිරීමට පවා රනිල් වික්‍රමසිංහ නිර්දේශ ඉදිරිපත් කළ නිසාය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment