හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වයට ඇප මුදල් තැන්පත් කෙරේ
ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරග කිරීම සදහා හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ වෙනුවෙන් අද දින (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇප මුදල් තැන්පත් කරන ලදී.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
නියෝජනය කරමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි එම පක්ෂයේ උප සභාපති බව
හැඳින්වූ යයස් විජේසිංහ නම් පුද්ගලයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක සජින් වාස් ගුනවර්ධන විසින් විජේදාස රාජපක්ෂගේ
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් මෙම ඇප මුදල් තැන්පත් කෙරිණි.
සජින්
වාස් ගුනවර්දන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය
නියෝජනය කරයි.හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා
වශයෙන් කටයුතු කළ සජින් වාස් ගුනවර්දන යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමගම
රාජපක්ෂ කඳවුරෙන් එලවා දැමිනි.
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේදී
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුණවර්දනට ඒ
කාලයේ පැවැති මැතිවරණයකදී අම්බලන්ගොඩ ජනතා විමුක්ති පෙරමුනේ
ක්‍රියාකාරිකයකු වූ නයිදවාවඩු නම් ගුරුවරයකු පහර දී ඝාතනය කිරීම
සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.මෙම ඝාතනයට කිස්සේත්ම සම්බන්ධ නොවූ තමන්ගේ
සමීපතමයකු පොලීසියට බාර දීමෙන් සජින් වාස් ගුනවර්දන එම චෝදනාවෙන් ගැලවිනි. සජින්
වාස් ගුනවර්දනගේ ඩිපෙන්ඩර් රථයකට යටවී බාල වයස්කාර දරුවකු ගේ දෙපා බරපතල
ලෙස තුවාල වීමේ සිදුවීමකදී එම ඩිපෙන්ඩර් රථය බලපත්‍ර රහිත වාහනයක් බව
පොලීසියට අනාවරණය වීමත් සමගම ඒ රිය අනතුර ඩිපෙන්ඩර් රථයෙන් සිදු නොවූ
අනතුරක් ලෙසට අම්බලන්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ සාවද්‍ය සටහන් යෙදවීමට පවා
සජින් වාස් ගුණවර්ධන මැදිහත්වී තිබේ.
Comments
Post a Comment