කොස්ගොඩ සුජීවගෙන් ටිරාං බොසාට ලිපියක්
බුදු සරණයි
ටිරාං බොසා වෙතය
බොසාට
පාතාල තර්ජනයක් තියෙනවාය කියාලා නිවුස් කෑල්ලක් මම දැක්කාය .ඒ කතාව
ඇත්තැක්යැ බොසා.බොසා බය වෙන්ඩ එපායැ.මට ඒ සීන් එකේ ඉන්නෙ හරියටම කවුද
කියාලා එවන්න.මන් ගේමට බහින්නම්.බොසා මට පහුගිය දවස්වල දේශබන්දු සර්
දුන්න සපෝට් හොඳටම මතකයි නොවැ.ඩුබායි වලදි මන් ඇරස්ට් කරාම දේශබන්දු සර්
හන්ද මන් බේරුනා.නැතිනම් ඉතින් ඩුබායි වලින් මන් ලංකාවට පැක් කරනවා.ඒත්
දේශබන්දු සර් මන් ඇරස්ට් කරාය කියාලා නොදන්න පාට් එකේ කඩේ වහල හිටියාය. ඒ
නිසා මන් බේරුනා.බොසාලට පින් සිද්ධ වෙනවා
මන් බයක් හැකක් නැතුව කාලා බීලා ඉන්නේ ඉතින් බොසාලා හන්දානේ.
බොසාට
ගේම එකක් දෙන්න මන් ඉන්නකම් කාටවත් බැරියැ.බොසා මගේ දෙයියෝ වාගේ තමා.ඔය
හාල් පාරුවන්ට බොසාගෙ මයිලෙකටවත් අත තියන්න දෙන්නෑය.මම ගේමට බහින්නම්
බොසා.බයවෙන්ඩ එපායැ.
දේශබන්දු
සර් පහුගිය දවස්වල මගේ කෑලි වලට අතවත් තිබ්බෙ නෑ.ඒවට ගරු කරන එක මගේ
බොක්කෙම තියෙනවායැ. මට ඇටෑක් කෙරුව කොස්ගොඩ තාරකයට දේශබන්දු සර් ගේම
දුන්නාය.රියල් විදියට හොඳේ.ඒව මට මැරුනත් මතක නැති වෙන්නෑයා බොසා.සත්තම
සත්තයි.
මාත්
එක්ක ගේමට ඉන්න එවුන්ට තමා කොස්ගොඩ බලපිටියෙදි ඇස්ටීඑප් එකේ අයත් නිතරම
වැඩේ දුන්නේ.මාත් ඉතින් බොසා ඇස්ටීඇප් මාත්තුරන්ට ෂපෝට් කරා හොඳේ. අපේ
කොල්ලන්ට කියාලා.කොළඹගේ සර් කුලසේකර සර් ඒම නිතරම මගේ කොල්ලො එක්ක කෑවා
බීවා නොවැ.ආයේ කියලා වැඩක් නෑ කොළඹගේ සර් රියල් සර් කෙනෙක් කොළඹගේ සර්ට
මන් කිව්වා විතරයි අර මට එගේන්ස් දික්වැල්ලෙ ගෝතයා බලපිටියටම ගෙනැල්ලා
ගහලා දැම්මා නොවැ.ඒකට දැන් කොළඹගේ සර් මාට්ටු වෙලා.මන් කෝටියක් ගියත්
කොළඹගේ සර්ව නිදහස් කරගන්නවා.බලපිටියෙ හයිකෝට් නඩ්ඩා ගෙ පාටි වලට මන් මාළු
යවන්නේ බොසා.මන් එයාට කියන්නම් ඒ වැඩේ ගොඩ දාන්න කියාලා.රස පරීක්සක එකේ
මැඩම්ට කියාලා ඒ බුලට් මාරු කරාලා රිපෝට් එක හරිගස්සන්නම්.එතකොට ඒ නඩුව
ගොඩ දාගන්ට පුළුවන් බොසා.රස පරීක්සක එකේ මැඩම් බලපිටියෙ හයි කෝට් නඩු වලට
ආවාම මගේ කොල්ලො තමා බල කූරි බෝට්ටු කරෝල හෙම දෙන්නේ.එයාගෙ දරුවන්ගෙ
ඉස්කෝල පීස් වලට එහෙමත් මන් සල්ලි එවනවා නොවැ.
දේශබන්දු
සර් ඊයෙ පෙරේදත් මට කතා කරාලා අර පිටකොටුව සත්තිගරහ කෙරුව සාදුලාට දාානෙ
දෙන්න සල්ලි ඉල්ලුවාය.මං ඒ ප්රස්නෙත් ගොඩ දැම්මාය බොසා.මන් එහෙමයි
බොසා.එලකිරි වාගේ තමා.බොක්කෙන්ම බොසාලට ෂපෝට්.
බොසා
බයවෙන්න එපායැ.ඔය පාතාල සිල්ලර කෑලි වලට මාත් එක්ක හැරෙන්න බෑ නොවැ.මන්
ගේමට බහින්නම් .බොසා එවුන්ගෙ නම් ඇඩ්ඩස් ටික එවන්න.මන් සීන් එකට ඇන්ටර්
වෙලා එවුන්ගෙ ඇඩ්ඩස් නැතිවෙන්න ගහල දාන්නම්.ඕකේ බොසා.ආයේ නෝ ටූ වර්ඩ්ස්
බොසා මන් ගාව.හරියැ බොසා බොසාට දේසබන්දු සර්ට කාරු හරි අත තියන්ට ආවොත් මන්
උන්ගේ අම්මලාටත් හු@## ල තමයි ගන්නේ බොසා.මන් කැ## යා කියලා බොසා
දන්නවානේ.
ඒ නම් බොසා බයවෙන්ඩ එපායැ.
බොසා වෙනුවෙන් දේශබන්දු සර් වෙනුවෙන් මන් මැරෙන්ට හරි රෙඩියැ.
බොසාට බුදු සරණයි.දේශබන්දු සර් මතක් කරාය කියන්ට ඒනම්
මීට
ජගමිනි සුජීවද සොයිසා (කොස්ගොඩ සුජීව)
Comments
Post a Comment