යූ.ඇන්.පී ලීඩර් රනිල් ස්වාධීන වන්නේ කෙසේද

 ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස තවමත් නාමයෝජනා දී නැතත් මේ වන විටත් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීම සඳහා මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබේ.



මෙරට දේශපාලන පක්ෂ ලියා පදිංචි කරන්නේ මැතිවරණ කොමිසමයි. එක්සත් ජාතික  පක්ෂයද මැතිවරණ කොමිසමේ ලියා පදිංචි පක්ෂයකි.
එහි නායකයා ලෙස සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහය.එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසමේ  ලියා පදිංචි කිරීමේදී පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව සඳහනක් මැතිවරණ කොමිසමට වෙත බාර දිය යුතුය.

එය එසේ වන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තමන් ⁣ගේ පක්ෂය හා තමන් අනුගමනය කරන ප්‍රතිපත්ති මැතිවරන කොමිසම ලිඛිතව දැනුවත් කර ඒවා ලියාපදිංචි කර තිබේ.එහෙත් මේ වන විට ජනපතිවරයා ප්‍රකාශ කරන්නේ තමන් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයා ලෙසය.
ස්වාධීන අපේක්ෂකයකුද තම රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ඡන්ද දායකයන්ට පැහැදිලි කළ යුතුය.මෙතැනදී ප්‍රශ්ණය වන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නේද යන්නය.තව දුරටත් මැතිවරණ කොමිසමේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ලියා පදිංචි වී සිටින රනිල් වික්‍රමසිංහ ස්වාධීන වන්නේ කෙසේද යන්න පවා බරපතල ගැටළුවකි.ඔහු සිය ස්වාධීන අපේක්ෂකත්වය සඳහා ලියකියවිලි බාර දෙන්නේද මැතිවරණ කොමිසමටය. රනිල් වික්‍රමසිංහගේ මේ ඩබල් ඇක්ටින් පාර හෘද සාක්ෂියට එකඟව සිතන්නට හැක්කේ අමු වංචාවක් විදියටය. 
 
කෙසේ වෙතත් එම ගැටළුවට නීතිමය පදනමක් නැති වුවද සදාචාර සම්පන්න බව පිළිබඳව ප්‍රශ්ණයක් නම් මතු වන බව සඳහන් කළ යුතුය

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්