පොදුජන පෙරමුණේ ගේමට ගේම ඇරඹේ
පොදුජන පෙරමුණ නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දක්වන කණ්ඩායමට පසුගියදා එක් වී සිටියේය.
එහෙත් මේ වන විට ඔහු නැවතත් පොදු ජන පෙරමුණු පාර්ශවයට පැමිණි බව මාධ්‍ය විසින් වාර්තා කෙරිණි.
චොකා
මල්ලී යන අනවර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රේමලාල් ජයසේකර 2020 වසරේ පැවැති
පාර්ලිමේන්තු මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජයග්‍රහණය
කරන ලද්දේ මරණීය දණ්ඩනයට නියම බන්ධනාගාර ගත වී සිටියදීය.2020 වර්ෂයේ ජුලි
මස 31 වන දා ඔහුට මරණීය දණ්ඩනය හිමි වූයේ 2015 වර්ෂයේ ජනවාරි 05 වන දින
කහවත්ත නගරයේදී ශාන්ත දොඩංගොඩ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ
චෝදනාවටය.ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ශාන්ත දොඩංගොඩ එදින කහවත්ත
නගරයේ පැවැති ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමකට සහභාගි වී
සිටියදී එසේ ඝාතනය විය.
කෙසේ වෙතත් එම ඝාතනය
සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි වූ ප්‍රේමලාල් ගුණසේකර පාර්ලිමේන්තු
මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ඔහුට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නොහැකි
බවට විපක්ෂය විරෝධතා දැක්වූවද පොදු ජන පෙරමුනු රජය එම විරෝධතා කිසිවක්
නොසලකා ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව සළසා
දෙන ලදී.
එහිදී නීතිපති දප්පුල ලිවේරා පවා ප්‍රකාශ කර තිබුණේ
මරණීය දණ්ඩනය හිමිව බන්ධනාගාර ගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හට ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 89 හා 91 ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට
නොහැකි බවය.1982 වර්ෂයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස
සෙල්වරාජ් යෝගරාජන් නොහොත් කුට්ටුමනී පත් කළ විට එවකට කථානායකවරයා වූ
බාකීර් මාකර් ඒ පත්වීමට අවස්ථාව ලබා නොදෙන ලද්දේ ඔහු ඒ වන විටත්
ත්‍රස්තවාදී පනත යටතේ සිරදඬුවම් හිමිවී තිබුණ බැවිනි.මරණීය දණ්ඩනය හිමිව
බන්ධනාගාර ගතව සිටි ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු බවට
දිවුරුම් දිය නොහැකි බවට විපක්ෂය කරුණු දැක්වූයේ මේ සිද්ධිය සිහිපත්
කරවමිනි.එහෙත් ගෝඨාභය රාජපක්ෂ රජය ඒ කිසිවක් තඹ දොයිතුවකට නොසලකන ලදී.
අනතුරුව
මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාර ගතව සිටි ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයකු
ලෙස දිවුරුම් දීමට අවස්ථාව සැළසුන අතර 2020 ජුලි 31 වන දින
අභියාචනාධිකරණය මගින් ඔහු නිදහස් කෙරුවේය.ඒ නිශ්ශංක බන්දුල කරුනාරත්න හා
ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු වරුන් විසින්ය.මේ නිදහස් වීම
සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනයක් පැතුරුණද ජනපති ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය
වෙත ප්‍රකාශ කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකරගේ නිදහස් කිරීමට අභියාචනාධිකරණයට
තමන් කිසිදු බලපෑමක් නොකළ බවය.ගෝඨාභය රාජපක්ෂගේ එම ප්‍රකාශය හොරාට කලින්
කෙසෙල් කැණ පැනීම හා සමානය.ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයෙන් නිදහස්
කිරීමට ගෝඨාභය රාජපක්ෂ බලපෑම් කළ බව ඉන් තහවුරු කර ගත හැකිය.
ජනපති
රනිල් වික්‍රමසිංහ ගේ දෑත ශක්තිමත් කිරීමට පොදු ජන පෙරමුණ හැරදා ගියේ මේ
ප්‍රේමලාල් ජයසේකරය.එහෙත් ඔහු ගිය පයින්ම ආපසු හැරී නැවත පොදු ජන පෙරමුණට
පැමිණ තිබේ.ඒ ආපසු හැරීම තුළ සැඟවුන කතන්දරයක් පවතී.එහි කතානායකයා බැසිල්
රාජපක්ෂය.ප්‍රේමලාල් ජයසේකර නැවත පොදු ජන පෙරමුණට නොපැමිණියේ නම් ඔහු
අභියාචනාධිකරණයෙන් නිදහස් කර ගැනීම සදහා නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරු
වෙත සිදු කළ බලපෑම හා එය සිදු කළ ආකාරය ගැන අනාවරණය කිරීමට බැසිල්
රාජපක්ෂ සූදානම් විය.ඒ පිළිබඳව සාක්ෂි බැසිල් රාජපක්ෂ සතුව තිබුණි.එහෙත්
බැසිල් රාජපක්ෂ තුරුම්බු පිටියට දැමීමට පෙර බියට පත් ප්‍රේමලාල් ජයසේකර
නැවත ආපසු පැමිණියේය.
පොදුජන පෙරමුණ අත් හැර
ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය වෙත එක්වූ තව බොහෝ දෙනෙකුගේ දූෂිත
කෙරුවාව හෙට අනිද්දා වන විට සමාජයට අනාවරණය කිරීමට බැසිල් රාජපක්ෂ ඇතුළු
පොදු ජන පෙරමුණු ප්‍රබලයන් සූදානම්ව සිටී. එහෙත් ඒ අනාවරණයන් කිරීමට ජනපති
රනිල් වික්‍රමසිංහ ගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය කිහිප දෙනෙක්ම ආපසු පොදු ජන
පෙරමුණ වෙත යාමට සූදානම්ව සිටින බවද අප වෙත ලැබෙන ආරංචි මාර්ග වලින්
පැවසේ.
Comments
Post a Comment