හිරු මාධ්‍ය ජාලයට මැකො අවවාද කරයි

 


 හිරු මාධ්‍ය ජාලය මගින් විකාශනය කරන වැඩ සටහන් තුළින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට විවිධ පාර්ශවයන් වෙතින් පැමිණිලි ගණනාවක් ලැ⁣බී ඇති බව මැතිවරණ කොමිෂම පවසයි.


මේ සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලය වෙත ⁣ලිපියක් යොමු කර ඇති මැතිවරණ
කොමිෂම දන්වා ඇත්තේ ජනපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මැතිවරණ කොමිෂම වෙතින් ප්‍රකාශයට පත් කර ඇති මාධ්‍ය උපමාන වලට පටහැනිව වැඩ විකාශයට පත් කර ඇති බවත් එහිදී පත්තරේ විස්තරේ වැඩසටහනේදී දේශපාලන පක්ෂයකට අපහාසයක් වන ආකාරයට අදහස් ප්‍රකාශ කර ඇති බවත් හා මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවක් පදනම් කර ගනිමින් මාධ්‍ය සදාචාරයට නොගැලපෙන හා දැඩි පක්ෂපාතිත්ව යෙන් යුතුව එක අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කර ඇති බවය.පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලය තුළ තමන්ට රිසි අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හා අනෙකුත් පක්ෂ වලට අපහාසයක් වන ආකාරයට විකාශන කටයුතු කර ඇති බවත් මෙම ලිපිය මගින් වැඩි දුරටත් මැතිවරණ කොමිෂම දන්වා තිබේ.

ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාවේදී විද්‍යුත් මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂම වෙතින් මග පෙන්වීමක් ලබා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීම මෙන්ම අනෙකුත් අපේක්ෂකයන් අගතියට පත් නොවන ලෙස ක්‍රියා නොකළ යුතු බවත් එම ලිපිය මගින් මැතිවරණ කොමිෂම සඳහන් කර ඇත.එවන් පසුබිමක හිරු මාධ්‍ය ජාලය මගින් ඉහත පැමිණිලි වල සඳහන් ආකාරයට වැඩ සටහන් විකාශනය කරන්නේ නම් ⁣එය පොදු සංඛ්‍යාත හා ගුවන් කාලය අවභාවිතා කිරීමක් බවද මැතිවරණ කොමිෂම  අවධාරණය කර තිබේ.

හිරු ප්‍රවෘත්ති සංස්කාරක වරයා විසින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තා කරුවන්  වෙත යවන ලද වට්ස් ඇප් පනිවුඩයක්ද ලංකා දවසට ලැබී ඇති අතර එහි සඳහන් වී ඇත්තේද ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත සහභාගිවන ජන හමුවලදී ඔහු අපහසුතාවට පත් වන ආකාරයට ප්‍රශ්ණ කළ යුතු බවය.  


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්