ජනපති සොම්බියාට වැලිකඩ ජම්පරය ෂුවර්


 

 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීමෙන් වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ලබා දීමත් සමගම

එම නෛතික කටයුතු අවසන් වන තෙක් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයකු පත් නොකිරීම මගින් ජනපතිවරයා සිය ව්‍යවස්ථාපිත වගකීම් ඉටු නොකිරීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව බොහෝ නීති ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයාගේ පත් කිරීමේ වගකීම ජනපතිවරයාට පැවරේ.ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයකු පත් කළ යුතුතේ ජනපතිවරයා ටව්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ (2) ව්‍යවස්ථාවේ සඳහන් ⁣වන්නේ පොලිස්පතිවරයා ඇතුළු ජනපතිවරයා විසින් පත් කරනු ලබන තනතුරු සදහා වැඩ බැලීමේ පත් කිරීම් තුළ හැකි බවත් හා දිනදහ හතරකට වඩා වැඩි කාලයක් සදහා පත් කරන වැඩ බැලීමේ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතුව ජනපතිවරයා පත් කළ යුතු බවය.එමෙන්ම එම ධුරය සදහා දින දහහතරකට වඩා අඩු කාලයක් සඳහා වැඩ බැලීමේ පත් කිරීම් කිරීමට ජනපතිවරයාට හැකිය.එහෙත් ඒ පත්වීම  අනුක්‍රමිකව සිඳු කරන්නේ නමි ඒ සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් වේ.ඒ අනුව ජනපතිවරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ ඇති ප්‍රතිපාදන යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාවේ අනුමැතිය ඇතිව පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පුද්ගලයකු පත් කිරීම හා එහි අනුමැතිය නොමැතිව දින දාහතරකට නොඅඩු කාලයකට ඒ සඳහා පුද්ගලයකු පත් කිරීමේ හැකියාව ඇතත් මෙි වන විටත් එම පත් කිරීම නොකිරීම නීති ක්ෂේත්‍රයේ බරපතල ලෙස අවධානයට ලක් වී තිබේ.

කෙසේ වෙතත් ජනපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් හා නියෝග අනුව පොලීසිය සිදු කරන රාජකාරි කටයුතු අඩාල වීමටද ජනපතිවරයා ගේ මේ හිතුවක්කාර ක්‍රියා කළාපය හේතු වී ඇති බවද පෙනෙන්ට ඇත.

ජනපතිවරයා ගේ මෙම  ව්‍යවස්ථා විරෝධී  ක්‍රියාකළාපය ජනපති ධුරයේ කටයුතු කරන තෙක් ඔහුට ඇති මුක්තිය යටතේ ආවරණය වෙතත් ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල විය හැකිය.එම රාජද්‍රෝහී ⁣ චෝදනාව යටතේ රනිල් වික්‍රමසිංහ හට වැලිකඩ ජම්පරය ඇඳීමට සිදු වෙන බව නම් සහතිකය.
   

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්