සජිත් ප්‍රේමදාසගේ ගේ බාර් තහනම මාර විහිළුවක්
සමගි
ජන බලවේගයේ පාලනයක් යටතේ මෙරට මත් පැන් නැති කරන බව එහි නායක සජිත්
ප්‍රේමදාස පවසයි.ඔහු ජනාධිපතිවරයා බවට පත් වුව හොත් එය සිඳු විය හැකි බවට
අනුමාන ලෙස සිතිය හැකිය.ඒ සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමතිවරයා කාලයේ කොළඹ
සිනමාහල්වල බියර් විකිනීම තහනමි කළ නිසාය.බෞද්ධාලෝක මාවත පිහිටි රජයට අයත්
තරංඟනී සිනමා හළෙහි හා එහි භූමිය තුළ දුම්වැටි බීම පවා තහනම් කරන ලදී.ඒ
දින වල එහි දුම්වැටි බොන්නන් ඇල්ලීම සඳහා ආරක්ෂකයන්ද යොදවා තිබුණි.
මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී ඔහු රූපවාහිනීය ආසන්නයේ පිහිටි පා ගමන් මංතීරුවේ ඇවිදින අවස්ථාවක ගංජා දුම් ගන්ධයක් දැනුනි."සර් ,කවුද ගංජා ගහනවා වගේ" ආරක්ෂකයෙක් පැවසීය."ආ ...අයිසෙ මේ හරියෙ ආටිස්ට්ල ඉන්නවනේ ....."මිල්ටෙරි නන්දසේන එය තඹ දොයිතුවකට ගණන් නොගත්තේය.එලෙසම ඔහු ඇල්ල වැනි සංචාරක කළාපවල ගංජා සුළු ප්‍රමාණයක් සමග අසු වෙන තැනැත්තන් අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසටද පොලීසියට උපදෙස් දී තිබුණ බව පැවසේ.මේ කතන්දර ලියා තිබුණේ උපුල් ශාන්ත සන්නස්ගල ඔහුගේ ෆේස් බුක් පිටුවේය.එසේ බලන විට සජිත් ප්‍රේමදාසට මිල්ටෙරි නන්දසේනට තිබුණ තරමේවත් මොළයක් නැති බව පැහැදිලිය.මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට සවුදි අරාබිය වැනි ආගමික රාජ්‍යයක් මෙරට ගොඩ නැගිය යුතුය.මෙරට ගංජා හා මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම අවසන් කරනවා යැයි කීම නොව සිතීම පවා විහිළුවකි.හමුදා පුහුණුවීම් වලදී කැලෑ සටන් පුහුණුව සදහා යන්නේ තණමල්විල ප්‍රදේශයටය.එම පුහුණුවීම් වලදී උපදේශකයන් ලෙස කටයුතු කරන හමුදා නිළධාරීන් බොහෝ දෙනෙකු රාත්‍රියේදී ගංජා පානය කිරීම සාමාන්‍ය පුරුද්දකි.හමුදා පුහුණුවීම් කෙරෙන භූමිය තුළ අනවසර ගංජා හේන් නිතර නිතර හමුවීම ඒ ගංජා පානයට හේතුවකි.මිල්ටෙරි නන්දසේන පවා ඒ අත්දැකීම විඳ ඇති බව නිසැකය.මිල්ටෙරි නන්දසේන අවුරුදු දෙකක් ජනපති ධුරයේ සිටියද සජිත් ප්‍රේමදාස බලයට පත් වුව හොත් ඔහුට අවුරුද්දක්වත් එම ධුරයේ සිටින්නට නොහැකි වන බව පසුගිය දිනක කවරකු හෝ පවසා තිබුණි.ඒ කතාව සීයට දෙසීයක් සත්‍ය විය හැකි බව සිතා ගන්නට පුළුවන් වන්නේ සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වලදී දෙන මෙවැනි මෝඩ තකතිරු පොරොන්දු හා බලයට පත් වුව හොත් ඒවා ක්‍රියාත්මක කරන්නට යාමෙන් ඔහුට අත්විඳින්ට සිඳු විය හැකි සමාජ ප්‍රතිචාරය ගැන අදහසක් දැන්ම වටහා ගත හැකි නිසාය.
Comments
Post a Comment