පරිපාලන ඡ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට ලලිත් පතිනායක පත් කෙරේ
පරිපාලන ඡ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට ලලිත් පතිනායක පත් කෙරේ
මේ
මැතිවරණ කාලසීමාව තුළ පරිපාලන ඡ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක වගකීමෙන්
රාජකාරි කටයුතු සිදු කරනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.පසුගිය කාලයේ පොලීසියේ
අවිධිමත් හා අනීතික රාජකාරි කිරීම් පිළිබඳව බොහෝ පැමිණිලි ලැබෙමින්
තිබුණි.පොලිස් නිළධාරීන්ගේ විනය සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්ණ මතුවිය.ආණ්ඩු
ක්‍රම ව්‍යවස්ථාවට හා මෙරට පවතින අණ පනත් වලට පටහැනිව පුරවැසියන් දණ්ඩනයට
ලක් කිරීම් පිළිබඳවද මහජන පැමිණිලි ලැබෙමින් තිබුණි.
එහිදී
අධිකරණ ක්‍රියා පරිපාටිය උල්ලංඝනය කරමින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්
පුනුරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ස්ථානාධිපතිවරුන්ට
සිදු වූ බවද නව පරිපාලන ඡ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අවධානයට ලක්
කිරීමට අප කැමතිය.
ඡ්‍යෙෂ්ඨ
පොලිස්පති ලලිත් පතිනායකගේ රාජකාරිය සම්බන්ධයෙන් අපට යහපත් අවබෝධයක්
තිබේ.ඔහුගේ රාජකාරියේ කලු සුදු වශයෙන් බෙදීමක් නැත.ඔහු හොඳ පොලිස්කාරයෙක්
බව සඳහන් කරන්නට අපට පුළුවනි.
මේ
හෝරාවේ පරිපාලන ඡ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා වශයෙන් පොලීසියට අයෝමය හයියක්
සපයන්නට ලලිත් පතිනායකට ශක්තියක් තිබේ යැයි අපි විශ්වාස කරමු. පොලිස්
ලොක්කෝද පොඩ්ඩෝද ඒ ශක්තිය අපේක්ෂාවෙන් සිටී.දේශපාලනික බලහත්කාරයෙන් තොර
ස්වාධීනව හා නිදහස්ව රාජකාරි කටයුතු කිරීමට සියළු තරාතිරමේ පොලිස්
නිළධාරීන්ට පරිපාලන ඡ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ මග
පෙන්වීම හා මෙහෙයවීම අද සිට ලැබෙනු ඇතැයිද අපි වැඩිදුරටත් අදහස් කරමු.
කයිවාරුවට වඩා ආදර්ශය ආඩම්බරය.
Comments
Post a Comment