සජිත් ප්‍රේමදාස පසු බසී
පසුගියදා (22)සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විදේශීය රැකියා නියෝජිතවරුන්ගේ සමුළුව අවලංගු කරන ලද බව වාර්තා වේ.මෙම සමුළුවට විදේශීය රැකියා නියෝජිතයන් 250කට ආරාධනා කර තිබුනද ඒ සඳහා සහභාගි වී ඇත්තේ 30 දෙනෙක් පමණක් බවද දැන ගැන්මට තිබේ.
මීට
ඉහතදී සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය වෘත්තිකයන් ගේ
සමුළුවක්ද පැවැත්වීම නියමිත සහභාගිත්වය නොමැති වීම හේතුවෙන් අවලංගු කරන
ලදී.එම සමුළුව සඳහා වෛද්‍ය වෘත්තිකයන් 2000කට අධික පිරිසකට ආරාධනා කර තිබුණ
අතර ඒ සදහා සහභාගි වූයේ 70කට ආසන්න පිරිසක් බවද අනාවරණය වේ.
මේ
වන විට සජිත් ප්‍රේමදාස ගේ සහභාගිත්වයෙන් බොහෝ ප්‍රදේශවල පැවැත්වීමට
සැළසුම් කර තිබූ දේශපාලන රැස්වීම්ද මහජන සහභාගිත්වය නොමැති හේතුවෙන් අවලංගු
කෙරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
Comments
Post a Comment