දේශබන්දු දෙවියන් සොයා ඉන්දියාවට ගිහිල්ලා

 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත් හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගුරුකම් කටයුත්තක් සදහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ.එම ගුරුකම සිදු කරන්නේ නැවත පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා බවද පැවසේ.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට මෙතෙක් කාලයක් ගුරුකම් කටයුතු සිඳු කරන ලද්දේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පරම්පරාගත මානසික ආබාධිත බවකින් පෙළෙන  පුද්ගලයෙකි. මේ කපුවා කොස්ගොඩ සුජීව සමග සමීප සම්බන්ධතා පවත්වන බවටද  බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණි.එසේම එම පුද්ගලයා මීට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය,මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා,මේජර් ජනරාල් සංජය වනසිංහ ,රාජිත සේනාරත්න ආදීන් ගේ තනතුරු ආරක්ෂා කර ගැනීමට ගුරුකම් කරන ලදී.එහෙත් මේ වන විට ඒ සියල්ලන්ගේ තනතුරු අහිමි වී ගොස් තිබේ.මේජර් ජනරාල් සංජය වනසිංහ ගේ බිරිඳ මෙම මානසික ආබාධිතයා ලවා අවස්ථා ගණනාවකදී ගුරුකම් කරගන්නා ලද්දේ සිය සැමියාට හමුදාපතිකම ලබා ගැනීමේ අදහසිනි.එහෙත් මේජර් ජනරාල් සංජය වනසිංහට හමුදා මාණ්ඩලික ප්‍රධානී  ලෙස විශ්‍රාම යාමට සිදුවිය.


මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ බිරින්දෑවරු සමග ගණුදෙනු කරන මෙම මානසික ආබාධිත කපුවා එම බිරින්දෑ වරු රවටමින්  තමාගේ ගුරුකම් කටයුතු කර ගෙන යමින් සිටින බව අනාවරණය වේ.ඒ ගුරුකම් කටයුතු සදහා මොහු විශාල මුදලක් අය කරමින් සිටී.මෙම කපුවා පාසැල් වියේ සිටම මානසික ආබාධයකින් පෙළුන බවට බුද්ධි තොරතුරු වාර්තාතිබේ.එවැන්නකුගෙන් ගුරුකම් කටයුතු කරගන්නා පුද්ගලයන් සැබැවින්ම මෝඩ තකතිරුවන් බවට තහවුරු කිරීමට ⁣වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.   

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් වීමෙන් පසුව සීනිගම දේවාලයේ පැවැති ආගමික කටයුතු සදහා පැමිණියේද මේ මානසික ආබාධිතයා සමගය.⁣

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්