රජාට පහන අල්ලන විදුලි බල ඇමති කාංචන විජේසේකර
විදුලි බල ඇමති කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතරදී පැවැති පොදු ජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ රැස්වීමේදී සම්මත වූ අපූරු යෝජනාවක් ලංකා දවසේ අවධානයට ලක් විය.එම අපූරු පොදු ජන පෙරමුණ ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දැක්වීම කළ යුතුය සහ එහි ලේකම්වවරයා වන නීතිඥ සාගල රත්නායක එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පත් කරන ලෙසට වූ යෝජනාවයි.
සාමන්‍යයෙන් මැතිවරණ කොට්ඨාශයක
දේශපාලන බල මණ්ඩලය යනු එම මැතිවරණ කොට්ඨාශයේ සංවිධායකගේ අණසක යටතේ
ක්‍රියාත්මක වන හා යැපෙන දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි.
2009
පලාත් සභා මැතිවරණය වන විට අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වූයේ ශාන් විජයලාල්ය.ශාන් විජයලාල්
දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා වූයේද ශාන් විජයලාල්ය. මහින්ද රාජපක්ෂ
ජනපතිවරයාට ශාන් විජයලාල් කෙරෙහි පැහැදීමක් නොතිබුණි.2009 පලාත් සභා
මැතිවරණය එළඹීමත් සමගම ගාල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්
තරග වැදීමට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තමන්ගේ අශ්වයකු ශ්‍රී ලංකා නිදහස්
පක්ෂ කණ්ඩායමට ඇතුළත් කෙරුවේය. ඒ සජින් ද වාස්ගුණවර්ධනය.සජින් වාස් පලාත්
සභා අපේක්ෂක කණ්ඩායමට ඇතුළත් කෙරුවේද අභිනව පලාත් සභාවේ මහ ඇමති වරයා බවට
අභිෂේක කිරීමේ අපේක්ෂාවෙනි.පලාත් සභා මැතිවරණයෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්
අපේක්ෂක කණ්ඩායමේ ප්‍රථමයා වූයේ ශාන් විජයලාල් වූ අතර සජින් වාස් එම
ලැයිස්තුවේ සිටියේ හතරවන ස්ථානයේය.එහෙත් මහින්ද රාජපක්ෂගේ අදහස වූයේ සජින්
වාස් ගුණවර්ධන දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍ය වරයා බවට පත් කිරීමටය.මේ නිසාම
දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීම ජනපතිවරයා ප්‍රමාද කරමින්
තිබුණි.දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් පත් නොකිරීමට ජනපතිවරයා
විසින් කුමන්ත්‍රණයක් කරමින් සිටින බවට ශාන් විජයලාල්ට අවබෝධයක් ඇති
විය.ඔහු අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය කැඳවා එම
රජගෙදර කුමන්ත්‍රණය ගැන දැනුවත් කෙරුවේය.දේශපාලන බල මණ්ඩලයේ සාමාජිකයන්
ඇවිලිණි.ඔවුන් සියල්ලන්ගේම තීරණය වූයේ අරලිය මන්දිරය වැටලිය යුතු බවය.ඒ
සදහා ගාල්ල දිස්ත්‍රික්යේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් කැඳවා ගෙන
යාමටද යෝජනා ස්ථිර විය.ඊට පසුදින අම්බලන්ගොඩ නගරයේ බස් රථ ගණනාවක් පෝලිම්
කෙරුණේ අරලිය ගහ මන්දිරය වැටලීමට යාමට පැමිණෙන ශාන් විජයලාල්ට පක්ෂ
අනුගාමිකයන් සඳහාය.සිදුවෙන්නට යන ගැටුම්කාරී තත්වය ගැන මහින්ද රාජපක්ෂ
ජනපතිවරයාට ආරංචි වීමත් සමගම සජින් වාස් දකුණු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා
බවට පත් කිරිමට තිබූ අදහස හකුලා ගනිමින් දකුණේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස
ශාන් විජයලාල් පත් කිරීමට ඔහුට සිඳු විය.
මැතිවරණ කොට්ඨාශයක දේශපාලන බල මණ්ඩලයක ක්‍රියාකාරිත්වය පවතින්නේ එවැනි හැඩයකටය.
මේ
වන විට මෙරට දේශපාලන භූමියේද පොදු ජන පෙරමුණේ ඇතැම් ආසන සංවිධායක වරුන්ගේ
ආධිපත්‍යයට යටත් දේශපාලන බල මණ්ඩල හැසිරෙන්නේද මේ ආකාරයටමය.ඒ රනිල්
වික්‍රමසිංහ හට දේශපාලනික සහයෝගය ලබා දීම සදහාය.
සැබැවින් මේ සහයෝගය ලබා දීමේ අදහස පවතින්නේ මැතිවරණ කොට්ඨාශයේ සංවිධායක වරයාටය.
ඔහුගේ
එම අදහසට දේශපාලන බල මණ්ඩලය ඒකමතිකව එකඟතාව ප්‍රකාශ කරයි.ජනපති රනිල්
වික්‍රමසිංහට සහයෝගය නොදිය යුතුය යන අදහසේ සිටින පොදු ජන පෙරමුණේ මැතිවරණ
කොට්ඨාශ සංවිධායක වරයකු සිටින දේශපාලන බල මණ්ඩලයක ඒකමතිකව තීරණය වන්නේද
තම සංවිධායක වරයාගේ අදහසට යටත්වය.
මාතර මැතිවරණ
කොට්ඨාශයේ පොදු ජන පෙරමුණු සංවිධායක වරයා වන කාංචන විජේසේකර ජනපති රනිල්
වික්‍රමසිංහට සහයෝගය දක්වන බව රටේ ජනතාවට අමුතුවෙන් සිතිය යුතු කාරණයක්
නොවේ.පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනපති රනිල්
වික්‍රමසිංහට සහයෝගය දක්වන කණ්ඩායම ගැන ජනතාව දැන් ගණන් හදා හමාරය.ඒ නිසා
දේශපාලන මණ්ඩල කැඳවා ඒ පිළිබඳව තීරණ ගත්තා යැයි මාධ්‍ය මගින් ඒ ඒ ඇමතිවරුන්
හා මන්ත්‍රීවරුන් සිඳු කෙරෙන ප්‍රකාශ විහිළුකාරය.
කාංචන
විජේසේකර අමාත්‍යවරයාගේ මාතර දේශපාලන බල මණ්ඩලය ගෙන ආ යෝජනාව වැදගත්
වන්නේ එහි යෝජනා කර ඇත්තේ ජනපතිවරයාට දේශපාලන පක්ෂපාතිත්වය දැක්වීමෙන්
ඔබ්බට ගොස් පොදු ජන පෙරමුනේ ලේකම් සාගර කාරියවසම් ඉවත් කර ඒ ධුරය සඳහා
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පත් කළ යුතු බවට කළ සඳහන නිසාය.
කාංචන
විජේසේකර ජනපති රනිල් වික්‍රමසිංහගේ ඇල්ලිය යුතු හොඳම නිලය කුමක්ද යන්න
දනී.ඔහු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පොදුජන පෙරමුණේ ලේකම් ධුරයට පත් කළ
යුතු බවට තම දේශපාලන බල මණ්ඩලය ලවා යෝජනා කරවන්නේ ඒ නිසාය.රමේෂ් පතිරණ
ඇමතිවරයාද
ජනපති රනිල් වික්‍රමසිංහ හා සමානම
සමරිසි
අයෙක් බව ගාල්ලේ ජනතාවට රහසක් නොවේ.කාංචන විජේසේකර ජනපති රනිල්
වික්‍රමසිංහගෙන් ලකුණු දා ගන්නට හදන්නේ මේ සමරිසි උන්මාදය සූදුවේ
තුරුම්බුවක් ලෙස පිටියට දමමිනි.පොදු ජන පෙරමුණේ ලේකම් වරයා ලෙස රමේෂ් පතිරණ
ඇමතිවරයා බවට පත් කිරීම තුළ එය ජනපතිගේ සමරිසි කණ්ඩායමට ආශ්වාදයක් ගෙන
එනු ඇතැයි කාංචන විජේසේකර කල්පනා කර ඇති බව නිසැකය.
පසුගියදා
සමරිසි පනත පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන එමින් පාර්ලිමේන්තු
මන්ත්‍රී දලුවත්තද කෙරුවේද කාංචන විජේසේකරගේ කෙරුවාව හා සමානම ජනපති රනිල්
වික්‍රමසිංහ හා ඔහුගේ සමරිසි කල්ලියේ සිත දිනා ගැනීමේ උපක්‍රමයක් සඳහා බව
පැහැදිලිය.රජාට පහන අල්ලනවා යනුවෙන් පැරැණ්නන් කියා ඇත්තේ මෙවැනි
ක්‍රියාකාරකම් හඳුන්වන්නටය.
Comments
Post a Comment