රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහු මෙරට ප්‍රසිද්ධ සමාගම් 37 ක කොටස් හිමිකරුවෙකි.ඔහු කොටස් හිමිකම් පවතින මේ සමාගම් අතර ලේක්හවුස් සමාගමද වේ.
මේ වන විට
ලේක්හවුස් සමාගම විසින් මුද්‍රණය කර බෙදා හරින ප්‍රකාශන මගින් ජනාධිපති
අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන්
විශේෂයක් දක්වා ඔහුගේ දේශපාලන රැස්වීම් පිළිබඳව තොරතුරු ප්‍රචාරය කරමින්
තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ආ අනු ව්‍යවස්ථාව අනුව 91
වන ව්‍යවස්ථාවේ ඉ අනු ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි රජය විසින් හෝ රාජ්‍ය
සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ
ඇත්තාවූ යම්කිසි ගිවිසුමකට යම් කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක්
තිබීම ජනපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීමේ නුසුදුසු කමක් ලෙස සැළකේ.
මෙම
ව්‍යවස්ථාපිත නීතිය යටතේ ජනපති රනිල් වික්‍රමසිංහ සිය කොටස් යොදවා ඇති
ලේක්හවුස් ආයතනය තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගැනීම ඔහු මෙරට
ජනපතිවරයා වශයෙන් පත් තෝරා පත් කර ගැනීමේ නුසුදුසු කමක් නොවන්නේද යන්න
පිළිබඳව මෙරට නීති විශාරදයන්ගේ අවධානයට ලක් විය යුතුය.
Comments
Post a Comment