ලක්ෂ්මන් කිරිඇල්ල අම්මාගේ මල බත දී ඇත්තේ ආණ්ඩුවේ සල්ලි වලින්

 


සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු මෙරට ජනපතිවරයා ලෙස පත් වුව හොත් දූෂණය හා චංචාව අවසන් කරන බවට බර වචන හෑල්ලක් ඇතුළත් කර තිබේ.එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නායක හිමියන් වෙත පිළිගැන්වීමේදී ඒ හිමියන් සජිත් ප්‍රේමදාස ගෙන්  "මේ ප්‍රතිපත්ති ප්‍රකාශ⁣නයේ බොරු ලියා නෑ නේද" යැයි විමසුවේ උපහාසාත්මකවය.
ඒ තරමටම මහ නායක හිමියන් සජිත් ප්‍රේමදාසගේ කෙරුවාව ගැන සැක කරන බව ඉන් තහවුරු වේ.

කෙසේ වෙතත් මහා නායක හිමිවරුන්ට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමට සජිත් ප්‍රේමදාස ගිය අවස්ථාවේ ලක්ෂ්මන් කිරිඇල්ලද ඔහු සමග එක්ව සිටියේය.සජිත් ප්‍රේමදාස යම් හෙයකින් මෙරට ජනපති ධුරයට පත් වුව හොත් ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ ඇමති මණ්ඩ⁣ලයේ ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන බව නම්  නිසැකය.

 







2003 වර්ෂය වන විට මේ රටේ වැවිලි කර්මාන්ත අමාත්‍ය වරයා වූයේ මේ නම සදහන් කර ඇති ලක්ෂමන් කිරිඇල්ලමය.ඔහු වැවිලි කර්මාන්ත  අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට 2003 මාර්තු මාසයේ 12 වන දා ඔහුගේ මව අභාවප්‍රාප්ත විය.ඇයගේ අවසන් කටයුතු සිඳු වූයේ 2003 මාර්තු මස 15 වන දාය.මෙරට  සිංහල බෞද්ධ තැනැත්තකුගේ මිය යාමෙන් පසුව අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මල බත පිසීම නම් සංස්කෘතික කටයුත්තක් මෙරට සමාජය තුළ සිදු වේ.
එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ලද තමන්ගේ මව ගේ අවසන් කටයුතු කිරීමෙන් පසුව එම සංස්කෘතික කාර්යය ඉටු කර තිබේ.

එහෙත් මේ ඇමති පුත්‍රයා සිය ආදරණීය මවගේ මල බත දීමට වැය කර ඇත්තේ මහජන මුදල්ය.එහිදී ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා තමන්ගේ අමාත්‍යංශයට අයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් රුපියල් 12375 ක මුදලක් ලබා ගෙන ඇති අතර එම මුදල් වැය කර  ඒ දිනවල ඇතුල්කෝට්ටේ අලකේෂ්වර පාරේ නො 159 ස්ථානයේ පිහිටි රොඩ්රිගෝ අවන්හල වෙතින් ⁣තමන්ගේ මිය ගිය මව වෙනුවෙන් දුන් මල බත සපයා ගැනීමට ලක්ෂ්මන් කිරිඇල්ල කටයුතු කළ බව හෙළිවේ.

එහිදී රොඩ්රිගු අවන්හලින් 2003 මාර්තු 15 දින පව 4.30ට හැත්තෑපස් දෙනෙකු සඳහා මල බත සපයා ඇති අතර එම ආහාර වට්ටෝරුවට සුදු බත්,වට්ටක්කා ව්‍යාංජන,කරවල හොදි,පිපිඤ්ඤා තක්කාලි මිශ්‍ර ළුෑණු සලාදයක් ,බෝංචි ව්‍යාංජන, පොල් සම්බෝල හා අල හොදි ඇතුළත් වී ඇති බව එම අවන්හල ලබා දෙන ලද පෙර ඇනවුම් බිල් පතෙහි  සඳහන්ය.එක් අයෙකු ගේ මල බත් වේලක් සඳහා අවන්හල අය කර ගෙන ඇති මුදල රුපියල් 165 කි.කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙතින් 2003 මාර්තු මස 14 දින ගෙවීම් වවුචරයක් මගින් මෙම ගෙවීම් කර ඇත්තේ ගරු වැවිලි කර්මාන්ත ඇමතිගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් සහභාගි වූ අයට ආහාර සැපයීම යන්නෙන් සඳහන් කරමිනි.එම වවුචරයේ දැක්වෙන ආකාරයට එලෙස වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් 12375 කි .

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා විසින් සිය ධුරය භාවිතා කරමින් සිඳු කරන ලද එස මුල්‍යමය අවභාවිතය පිළිබඳව එවකට රාවය කර්තෘ මණ්ඩලයේ නිදහස් මාධ්‍යවේදියකු වූ කීර්ති ලොකුලියන තම පුවත්පතෙහි පල කිරීමට කටයුතු කර ඒ පිළිබඳව වැඩි දුරටත් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීම⁣ට කටයුතු කර ඇත.

 මෙම පැමිණිල්ල විභාග කර අල්ලස් හෝ දූෂණ කොමිසම ලබා දී ඇති තීන්දුව අපූරු තීන්දුවකි.එහිදී අල්ලස් හෝ දූෂණ කොමිසම තම තීන්දුව පිළිබඳව 2004 අගෝස්තු 08 වන දින මගේ අංක බීසී/252/2004/(05) යටතේ එහි ලේකම් පී.ඒ.අබේසේකර විසින් එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වූ ජේ.අබේවික්‍රමට "ඇමති මවගේ මල බතේ වියදම අධිකාරියෙන් ගෙවයි" යනුවෙන් ශීර්ෂය සඳහන් කර ඇති ලිපිය මගින් දන්වා ඇත්තේ ඉහත පැමිණිල්ල  පිළිබඳව කරන ලද විමර්ශනයේදී පුද්ගලික මුදල් වැය කළ යුතු ආගමික කටයුතු සදහා රජයේ මුදල් වැය කර ඇති බව පෙනී යන බවද රාවය පුවත්පත මගින් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම නිසා එම මුදලින් කොටසක් ගෙවා ඇති බවද තවත් රුපියල් 375 ක් ගෙවීමට නිරීක්ෂණය වී ඇතැයිද යනුවෙනි.මේ අනුව සාවද්‍ය මුදල් පරිහරණයක් සිදුව ඇති බව පෙනී යන අතර නඩු පැවැරුමක් සිදු කිරීමට වඩා ඉතිරි මුදල ගෙවන ලෙස දැන්වීම සුදුසු බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ


මේ වන විට මෙරට රාජ්‍ය පාලනයේ වංචා දූෂණය අවසන් කිරීම පිළිබඳව  පොත් රචනා කරන සජිත් ප්‍රේමදාසගේ සටන් සගයන්ගේ නොසන්ඩාල පැටිකිරිය එහෙමය.තමන් ජාතක කළ මවගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ⁣ දහ දිය මහන්සියෙන් උපයා ගෙන තිබෙන සොච්චමි මුදලක් පවා වැය කිරීමට තරමේ වත් පිරිසිදු හිතක් නැති  මෙවැනි පාදඩ දූෂිතයන් සුදු ඇඳගත්  පමණින් සිල්වතුන් නොවන බව නම් සිතා ගැනීම වටී.    

Comments

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්