සජිත් හාමු ගේ මම ලීඩර් රඟපෑම මරේ මරු
ජාතික සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයට එක්වූ විවිධ පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන වල නායකයන් ගිවිසුම්ගත වීමේ උත්සවය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංඟනයේදීී අද 08)දින පෙරවරුවේ පැවැත්විනි.
මෙම උත්සවයේ ආරම්භය
පාසැලක විදුහල්පතිවරයකු අසල අපොස සාමාන්‍ය පෙළ විභාගයට අත්සන් තැබීම
සිහිපත් කරන හාස්‍ය ජනක නාටකයක් බඳුය.පක්ෂ නායකයන් ජාතික සමගි ජන බලවේගයේ
නායක සජිත් ප්‍රේමදාස අසුන් ගෙන සිටින මේසය අසලට පැමිණ එහි ඇති ගිවිසුමේ
අත්සන තබා පිටුපස සිට ගෙන සිටිනු දැක ගත හැකි විය.ගිවිසුමට අත්සන් කිරීම
සදහා පැමිණෙන දේශපාලන නායකයන් හට ගරු කර පිළිගැනීමටවත් ජාතික සමගි ජන
බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අසුන් ගෙන සිටි අසුනෙන් නැගී සිටීම පවා නොකරන
ලද අතර ඔහු එහි සිටියේ ආරූඩ කර ගත් ස්වරූපයකිනි.
සැබවින්ම එම
නිරූපනය පාසැලක ශිෂ්‍යයන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට විදුහල්පති ඉදිරියේ
අත්සන් තැබීම හා සමානය.මෙහිදී සජිත් ප්‍රේමදාස එම ගිවිසුමට අත්සන තැබූ
දේශපාලන නායකයන් අතර ඡ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වූ මහචාර්ය ජී.ඇල්.පීරිස්ට පවා
ගරු කිරීමට සිය අසුනෙන් නැගිටීමක් නොකරන ලදී.මේ සිදුවීම නිසා මහාචාර්ය
ජී.ඇල්.පීරිස් බරපතල අපහසු තාවකට ලක් වූ බව විද්‍යාමාන විය.
සජිත්
ප්‍රේමදාස ගේ මේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ හොත් ඔහු මෙරට විධායක
ජනපතිවරයා වුව හොත් ඔහුගේ සමීපයට කිසිවෙකුට ලං විය නොහැකි වන බවට පූර්ව
ප්‍රකාශනයක් බඳුය.
Comments
Post a Comment