නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමු⁣ණේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කෙරේ

 




පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉවත්වීමත් සමගම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (08)දින නම් කෙරිණි.නාමල් රජපක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ උත්සවය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පිහි⁣ටි පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයෙදී පැවැත්විනි.මෙම උත්සවයට නාමල් රාජපක්ෂගේ මව වන ශිරන්ති රාජපක්ෂද බාප්පාවරුන් වන හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හා චමල් රාජපක්ෂ සහභාගි නොවූ අතර ඥාති සොහොයුරා වූ හිටපු අමාත්‍ය ශවේන්ද්‍ර රාජපක්ෂද නොසිටියේය.පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ පත් කරනු ඇති බවට අප හට සැකයක් තිබුණි.එය සිදු වූයේ නම් මෙවර ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණට යම් බලපෑමක් සිදු කළ හැකිව පැවතුණි.එහෙත් නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් තහවුරු වන්නේ පොදු ජන පෙරමුණ පවතින දේශපාලන යථාර්ථය පිළිබඳව අවධානයකින් කටයුතු නොකරන බවය.


ඒ තුළ නාමල් රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ එකිනෙකා අතර දැඩි අර්බුදයක් පවතින බවට යම් සැකයක් මතුවේ.කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය තුළින් ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵළයට  බලපෑමක් ඇති නොවන බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.නාමල් රාජපක්ෂ පාර්ශවය හා ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්වී සිටින පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් අතර ඉදිරියේදී දේශපාලනික උණුසම් සංවාදාත්මක වටපිටාවක් නිර්මාණය විය හැකි බව නම් නිසැකය.

 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්