අනුර කුමාර දිසානායකගේ වත්කම රනිල් වික්‍රමසිංහගේ ආදායමට වඩා වැඩිද ?
- Get link
- X
- Other Apps
- අද දින (27) ජාතික ජන බලවෙිගය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි සිටි සුනිල් හදුනෙත්තිගෙන් මාධ්‍යවේදියෙකු විමසුවේ මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇති ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අනුව අනුර කුමාර දිසානායකගේ වත්කම රනිල් වික්‍රමසිංහට වඩා වැඩි නේද යන්නය.මේ ප්‍රශ්ණයට පිළිතුරු දුන් සුනිල් හඳුනෙත්ති පැවසුවේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශය සාවද්‍ය විය හැකි බවට හැඟවෙන ආකාරයේ සඳහනකි.සුනිල් හඳුනෙත්ති එහිදී කළ ප්‍රකාශයෙන් ලංකා දවසට වැටහී ගියේ ඔහු ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අධ්‍යයනය කර නැති බවය.ඔහු එම වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳව මනාව දැනුවත්ව සිටියේ නම් ඒ ප්‍රශ්ණය ඇසූ මාධ්‍යවේදියා හට සාර්ථක පිළිතුරක් දීමට ඔහුට හැකිව තිබුණි.ජනපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය ඔහුට ලැබෙන මාසික වැටුප රුපියල් 97500 කි.ඊට අමතරව ඔහුට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන අතර එය රුපියල් 79816.66කි.ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට විශ්ව විද්‍යාලයෙන් රුපියල් 576785ක දල වැටුපක් ලැබෙන අතර එහි ශුද්ධ වැටුප වන්නේ රුපියල් 393419.70 කි.නියමිත දිනයේ රනිල්ගේ අතේ ඇති මුදල් ප්‍රමාණය රුපියල් 20000ක් වන අතර ඔහුගේ බිරිඳගේ අත ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ දෙකකි.ඔහු සහ බිරිඳ යන දෙදෙනා සතුව රුපියල් 325000 ක රත්තරන්ද බිරිඳ සතුව 340000ක රත්තරන්ද බිරිඳට ඇයගේ මවගෙන් හිමි වූ රුපියල් මිලියන 3.9ක රත්තරන්ද ඇත.දෙදෙනාම 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් 1.85 බැගින් ණය ලබා ගෙන ඇති අතර ප්‍රකාශිත දිනයේ දෙදෙනාටම ඉන් රුපියල් 906,410.07 බැගින් ගෙවීමට ඉතිරිව තිබේ.රනිල් වික්‍රමසිංහට කොටස් හිමිකම් ඇති මෙරට සමාගම් ප්‍රමාණය අති විශාලය.ඒවා වන්නේඇම්ට්රැඩ් ලිමිටඩ්,ඇසෝසියට් නිව්ස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් (ලේක්හවුස්)එට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස්,බ්ලූ ඩයමන් ජුවලරි වර්ල්ඩ් වයිල්ඩ් ,කෙමෙනෙකස් පී.එල්.සී,සී.අයි.සී කෙමිකල් ඉන්ඩස්ට්‍රීස්,සිලෝන් පීඑල්සී,කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩේට් කම්පැනි,කලම්බු පෝර්ට් ඉන්වෙස්මන්ට් පීඑල්සී,ඩෙව් ෆිනෑන්ස් කෝපරේෂන් ඔෆ් සිලෝන් පීඑල්සී,ගලදාරී හොටෙල් ලංකා පීඑල්සී,ජෝන් කීල්ස් හෝල්ඩින් පීඑල්සී,ජේසීබී ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්,කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී,ලී හෙජස් පීඑල්සී,ලංකා හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ලිමිටඩ් ලංකා හවුස් ඉන්වේස්ට් ලිමිටඩ්,ලංකා ඔරෙක්ස් ලීසිං කම්පනි පීඑල්සී,එන්ඩීබී ඊගල් ග්රොත් ඇන්ඩ් ඉන්කම් (යුනිට් ට්‍රස්ට්)නැෂනල් ඉක්විටි ෆන්ඩ්,නේෂන් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී,පාම් බීච් හොටෙල් ලිමිටඩ්,රෝයල් ෆාම් බීච් හොටෙල් පීඑල්සී,රන්වැලි රිසෝට්ස් හොටෙල් ලිමිටඩ් ,ස්ටෑන්ඩඩ් ට්‍රේඩින් කම්පැණි පුයිවට් ලිමිටඩ්,සිතාර ලිමිටඩ්,සන් ඇන්ඩ් ෆන් හොටෙල්ස් ලිමිටඩ්,සම්පත් බෑන්ක් පීඑල්සී,සන්ගතා ලිමිටඩි,ටැන්ජරින් බීච් හොටෙල් පීඑල්සී,යුනියන් බෑන්ක් ඔෆ් කලමුබු පීඑල්සී,වාමා ලැමිනේට් ලිමිටඩ් හා වාමා ලිමිටඩ්ය.මෙතරම් සමාගම් ප්‍රමාණයක කොටස් හිමිකම් පවතින රනිල් වික්‍රමසිංහගේ ආදායම හා අනුර කුමාර දිසානායක ගේ ආදායම අතර පවතින්නේ විශාල පරතරයකි. රනිල් වික්‍රමසිංහ ලබා දී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සදහන්ව ඇති මේ විස්තර ගැන සුනිල් හඳුනෙත්ති දැනුවත්ව සිටියේ නම් රනිල්ගේ ආදායමට වඩා අනුරගේ ආදායම වැඩි නේදැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණයට බහුබූත පිළිතුරු දෙන්නේ නැති බවත් පැහැදිලිය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment