පිල්ලෙයාන් ගේ වනචරයෙක් ශිෂ්‍යාවක අපයෝජනය කරලා
මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් දේශපාලන කාර්ය මණ්ඩල
සංවිධායක වරයෙක් බාල වයස්කාර පාසැල් සිසුවියක අපයෝජනය කර ඇතැයිද ඒ
සම්බන්ධයෙන් මේ සිසුවිය මඩකලපුව පොලීසිය වෙත සිදු කර ඇති පැමිණිල්ලට
සාධාරණයක් ඉටු කිරීමට පොලීසිය මෙතෙක් කටයුතු කර නැති බවද පාර්ලිමේන්තු
මන්ත්‍රී ශානක්‍යයන් රාජපුත්‍රම් රාසමානික්කම්
අද (07)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුවේය.
"ගෝපිනාත්
නමින් හඳුන්වන මේ ගුරුවරයා පිල්ලයෙන්ගේ සමීපතම දේශපාලන සගයෙක්.මේ ගුරුවරයා
විසින් තමන්ට සිදුවූ අපරාධය පිළිබඳව එම ශිෂ්‍යාව ජනාධිපති කාර්යාලයට
පැමිණිලි කර තිබෙනවා. ජනපති කාර්යාලය මගින් එම ගුරුවරයා සම්බන්ධයෙන් නීතිය
ක්‍රියාත්මක කරන ලෙස පසුගිය ජුලි මාසයේදී මඩකලපුව පොලීසියට උපදෙස් දී ඇතත්
එම උපදෙස් පවා මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ " මෙහිදී මන්ත්‍රීවරයා අනාවරණය
කරන ලදී.
වැඩිදුරටත් ශානක්‍යයන් රාජපුත්‍රම්
රාසමානික්කම් මන්ත්‍රීවරයා පැවසුවේ මේ පිළිබඳව මඩකලපුව පොලීසියෙන් විමසූ
විට අපරාධකරු නීතිඥයකු මගින් පොලීසියට බාර වෙන බව දන්වා ඇතැයි සඳහන් කරන
බවද පැවසුවේය.
Comments
Post a Comment