ජාතික ජන බළවේගයට එරෙහිව දූෂිතයන් රැළ එක පොදියට පෙළ ගැසේ
මේ වන විට ජාතික ජන බලවේගය පිළිබඳව සමාජය තුළ පවතින ජන ප්‍රසාදය ඉදිරි සතිය තුළදී බිඳ වැට්ටවීමේ මනෝ මූලික මෙහෙයුමක් දියත් කිරීමට ආණ්ඩුව හා විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සැළසුමි කර ඇති බව වාර්තා වේ.මෙම කණ්ඩායම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව අතිශයින් බියට පත් වී සිටින අයවළුන් වේ.
ආරක්ෂක
අමාත්‍යංශයට සම්බන්ධ විශ්‍රාමික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකුද රාජ්‍ය හා
හමුදා බුද්ධි සේවාවට අයත් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකුද ආණ්ඩු පක්ෂයේ
හා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස ක්‍රියා කළ දේශපාලඥයින් කිහිප දෙනෙකුද
එක්ව එම සැළසුම මේ වන විටත් සකස් කර ඇති බව දැන ගැන්මට තිබේ.එහිදී ජාතික
ජන බලවේගයට ජන ප්‍රසාදයක් නැති බවට වන අසත්‍ය බුද්ධි තොරතුරු වාර්තා
ජනසංනිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමත් දේශපාලනික මඩ ප්‍රකාශනයන් සමාජ ගත
කිරීමත් සිදු කිරීමට නියමිතය.
ජාතික
ජන බල වේගයේ ජයග්‍රහණය කෙසේ හෝ අඩාල කිරීම එසේත් නැතහොත් එම ජයග්‍රහණය කඩා
කප්පල් කිරීම සදහා සැළසුම් කර ඇති එම මෙහෙයුම සමහර විට මරා ගෙන මැරෙන
මෙහෙයුමක් කරා විකාශනය වීමේ අවදානමක්ද පවතී.එහිදී ජනපතිවරණය පැවැත්වෙන
දිනයේ තෝරා ගත් ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රචන්ඩත්වය මුදා හැර ඒ
ආශ්‍රිත ප්‍රදේශ වල ආරවුල් සහගත වටපිටාවක් ඇති කර එම මධ්‍යස්ථාන වල ඡන්ද
ශුන්‍ය කිරීම ආදිය සිදු කර ජනපතිවරණ ඡන්ද ප්‍රතිඵළ අත්හිටුවීමක් කරා යාමක්
විය හැකි යැයිද උප කල්පනය කළ හැකිය.
කෙසේ
වෙතත් එම මනෝ මූලික මෙහෙයුම ක්‍රියාත්මක වන අතර තුර කාලයේදී ස්වාධීන
අපේක්ෂක ජනපති රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක
සජිත් ප්‍රේමදාස අතර නොනිල ගිවිසුම් ගත තරග කිරීමකට අවශ්‍ය පදනම දැමීමටද
මෙහිදී අපේක්ෂා කෙරේ.මෙම දෙපාර්ශවය අතර සහයෝගිතාවක් ඇති වේ නම් රාජපක්ෂ
පාර්ශවයේ සහයෝගයද ඒ සදහා ලබාදීමට බැසිල් රාජපක්ෂ සූදානමින් සිටී.එම සැළසුම
ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අකමැති වුව හොත්
මේ වන විට ඔහු සමග සිටින ප්‍රබලයන් පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහට
සහයෝගය දැක්වීමටද නියමිතය.
සැළසුම්
කර ඇති එම මෙහෙයුම අසාර්ථක වුව හොත් ඇතැම් දේශපාලඥයන් කිහිපදෙනෙකුද දූෂිත
විශ්‍රාමික ආරක්ෂක හමුදා නිළධාරීන් හා ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන්
පිරිසක්ද ජනාධිපතිපතිවරණ දිනයේදී ජනතාවගේ ඡන්දය භාවිතා කිරීම පිළිබඳව
වාර්තා කෙරෙන බුද්ධි තොරතුරු අනුව මෙරටින් පලා යාමට සූදානම් වන බවද ලැබෙන
ආරංචි මාර්ග වලින් පැවසේ.
Comments
Post a Comment