පොදු ජන පෙරමු⁣ණේ ජනපති අපේක්ෂකයා රාජපක්ෂ ලොකු අයියා විය හැකිය


 

 පොදු ජන පෙරමුණ හා ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර ඇතිවූ ආරවුල ඉතා බරපතල ආකාරයෙන් දෙපාර්ශවයටම දේශපාලනික හානියක් ඇති වන ආකාරයට පිපිරී යන බව පෙනෙන්නට තිබේ.මේ වන විටත් පොදු ජන පෙරමු⁣ණ තුල ප්‍රබල ක්‍රියාකාරිකයන් වූ ප්‍රසන්න රණතුංග,මහින්දානන්ද අළුත්ගමගේ ,එස්.එම්.චන්ද්‍රසේන,

රෝහිත අබේගුණවර්ධන සමග තවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට එක් වී ඇති බව වාර්තා වේ.ඇතැ⁣ම් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබුණේ පොදු ජන පෙරමුණ හා රනිල් පාර්ශවය අතර ඇති වී තිබෙන ගැටුම හුදු නාටකයක් පමණක් බවය.
එහෙත් එම ගැටුම සැබෑ ගැටුමක් බවට තහවුරු වන සාක්ෂියක් අද සවස මාධ්‍ය වෙතින් ප්‍රචාරය විය.ඒ පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිටි ධම්මික පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් තමන් පෞද්ගලික හේතුවක් මත පොදු ජන පෙරමු⁣ණේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව සඳහන් කිරීමය.සැබැවින්ම ධමිමික පෙරේරා ජනපති අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම පොදු ජන පෙරමුණ හා ජනපතිවරයා ගේ පාර්ශවය අතර ඇති වී තිබෙන දේශපාලනික අර්බුදය හේතු වී ඇති බව පැහැදිලිය.   

දැන් පොදු ජන පෙරමුණ තීරණාත්මක ලෙස දෙකඩ වී තිබේ.ඒ විනාශය පොදුජන පෙරමුණට අත් කර දුන්නේ රනිල් වික්‍රමසිංහය.තමා ජනපති පදවියට පත් කළ පොදු ජන පෙරමුණට ඔහු කළ.ගුණ සැලකුවේ මේ විදියටය.

රනිල් පාර්ශවය දැන් අලුත් සූත්‍රයක් දේශනා කරන්නට ඉඩ තිබේ.ඒ රනිල් වික්‍රමසිංහ දැන් රාජපක්ෂලාගෙන් වෙන්වූ සුපිරිසිදු චරිතයක් බවය.
එහෙත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ පසුව මහින්ද රාජපක්ෂ වෙත යවන ලද ලිපියෙන් ඉල්ලා සි⁣ටියේ තමන්ට පොදු ජන පෙරමු⁣ණේ සහයෝගය ලබා දෙන ලෙසය.ඒ නිසා රනිල් පාර්ශවයට තමන්ගේ පිරිසිදු බව ගැන සහතික ඉදිරිපත් කරන්නට නොහැකි වටපිටාවක්ද නිර්මාණය වී තිබෙි.    
පසුගිය මහ මැතිවරණයේදී දෙකයි දශම ගණනක් ලබා ගත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයේ ජයග්‍රහණය ලබා  ගැනීමට රජයේ දේපොල දන් දෙයි.රජයේ ඉඩම් බෙදා දෙයි.මහජන මුදලින් සහනාධාර දෙයි.
එහෙත් ඔහු සිටින්නේ ජනපතිවරණ තරගයේ තුන්වැනියාටය.එහිදී ඔහු⁣ට අන්ත පරාජයක් අත්වන බව පැහැදිලිව දකින්නට තිබේ.

රාජපක්ෂ පාර්ශවයද ගේම ලෙහෙසියෙන් අත නාරින බවද සිතා ගත හැකිය.දැන් පොදු ජන පෙරමුණ තරගයට බසින්නේ සිය දෙවෙනි පෙල ඉදිරියට ගනිමිනි.රනිල් වික්‍රමසිංහට එක්වූ සිය සාමාජිකයන් දේශපාලන බල අධිකාරියට වසන් වෙමින් පසු ගිය කාලයේදී සිදු කරන ලද   දූෂිත ක්‍රියාකාරකම්  පිළබඳ සියළු තොරතුරු හෙට අනිද්දා වන විට සමාජගත කිරීමටද පොදු ජන පෙරමුණු නායකත්වය පෙළඹෙන්න⁣ට ඉඩ තිබේ.එය පොදු ජන පෙරමුණ මගින් සෘජුවම සිදු කරන මැදිහත් වීමක් නොවන්ටද පුළුවන් වන අතර එය වෙනත් දේශපාලන ප්‍රවාහයන් හරහා මුදා හැරීමක් විය හැකිය.

මෙහිදී  පොදු ජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා හෙට (07)වන දින ප්‍රකාශයට පත් කරන බව  සඳහන් කර තිබේ.බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවය.එහෙත් දේශපාලන ක්ෂේත්‍රයේ කපටියන් ලෙස සැලකිය හැකි රාජපක්ෂ පවුල මේ සූදුව ක්‍රීඩා කරන්නේ තුරුම්බු වසන් කරගනිමින් බවට අප හට සැකයක් පවතී.ඒ පොදු ජන පෙරමුණේ  ජනපති අපේක්ෂකයා ලෙස ඇතැම් විට චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තියෙන බැවිනි.
ගොඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂක ලෙස තරග වැදීමට නියමිතව සිටියදී පුරවැසි බව සම්බන්ධයක් මතුවී ඔහුට ජනපතිවරනයට තරග වැදීමට නොහැකි වූයේ නම් විකල්පය ලෙස නම් කර තිබුණේ චමල් රාජපක්ෂය.
චමල් රාජපක්ෂ පොදු ජන පෙරමුනේ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස නාම යෝජනා ලබා දුන හොත් එහි යම් දේශපාලනික වාසියක් පවතී.ඒ චමල් රාජපක්ෂට එරෙහිව දූෂිතයකු ලෙස චෝදනා නැති වීමය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්