බන්ධනාගාර කොමසාරිස් අත් අඩංගුවට පත් විය.ඒ වෙසක් පෝය ජනපති සමාව නොලැබූ සිරකරවකු මුදා හැරීමේ චෝදනාවටය.ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිටම බොහෝ පුද්ගලයන්ද සිවිල් සංවිධානද බන්ධනාගාර කොමසාරිස්ට එරෙහිව චෝදනා නගන ලද්දේ ඔහු දූෂිතයෙක් බවටය.සැබවින්ම ඔහු දූෂිතයෙක්ද නැද්ද යන්න ගැන අපට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැත.ඒ මන්ද යත් ඔහු මෙතෙක් වැරදිකරුවකු නොවු නිසාය. එහෙත් සිර ගෙවල් තුළ සිද්ධවෙන දූෂිත ජාවාරම් ගැන විවිධ අවස්ථා වලදී මාධ්‍ය අනාවරණය කර තිබේ.සිරකරුවන් හා ඇතැම් බන්ධනාගාර නිළධාරීන් අතර පවතින සහ සම්බන්ධතාව මෙරට අපරාධ වර්ධනය සඳහා බලපා ඇති බව නොරහසකි.මෙරට සිරගෙවල් තුළ සිර දඬුවම් විඳින සිරකරුවන් ප්‍රසිද්ධ පාතාල ක්රියාකාරිකයන් ,දූෂණයේ වරදට හසුවූ රාජ්‍ය නිළධාරීන් හා සාමාන්‍ය සිරකරුවන් ලෙස වාර්ගීකරණය කළ හැකිය.එහිදී සාමාන්‍ය සිරකරු ගනයට අයත් වන්නේ පුරවැසියන් ලෙස ජීවත්වන විට හදිසි කෝපය නිසා අපරාධමය වැරැද්දකට හසුවූ හෝ ජීවත්වීම සඳහා සුලු සුලු වැරදි කර දඬුවම් ලැබූවන්ය.මේ කුලකයේ සිරකරුවන් සිය දඬුවම බන්ධනාගාර නීති රීති වලට යටත්ව නිහඬවම ගෙවා දමන්නන් ලෙස සැළකිය හැකිය. එහෙත් දඬුවම් ලද පාතාල ක්රියාකාරිකයන් සි...
Comments
Post a Comment