තිස් තුන් කෝටියක් දෙවිවරුන් ගේ සහයෝගය ලබා ගන්නට නාමල් රාජපක්ෂ කැන්වසින් යයි


 


පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අරඹින් දිවයින පුරා පිහිටි  ප්‍රසිද්ධ විහාරස්ථාන දේවාල හා කෝවිල් වන්දනාමාන කිරීමට යමින් සිටී.ඔහු මෙරට ජනතාව අතර ඇදහීමකට ලක් වී සිටින  තිස්තුන් කෝටියක් දෙවිවරු කෙරෙහි විශ්වාස කර ඇති බව පෙනී යයි.මෙරට දෙකෝටියක⁣ට අධික ජනතාව දේශපාලන වශයෙන් බෙදී සිටියදී තිස් තුන් කෝටියක් දෙවිවරුන් ගේ ආශීර්වාදයෙන් නාමල් රාජපක්ෂ නවවන ජනපතිවරයා ලෙස පත් වීමට ඉඩ හැකියාව ලැබුණ හොත් එය දෙවියන්ගේ ජයක් ලෙසද සැළකිය හැකිය.

ඔහු පළඳින සාටකය පෝරිසාද සොර පවුලේ  ලාංඡනය ලෙස මෙරට පොදු ජනතාව ගේ සිත් සතන් තුළ නොමැකෙන ආකාරයෙන් සටහන්ව තිබේ.මේ සාටකය දුටු විට නාමල් රාජපක්ෂට මිනිසුන්ගේ ලැබෙන ඡන්ද පවා අහිමිවීම නිසැකය.එහෙත් මිල අධික පඬුරු පාඩුක්කම් පන්සල් හා දේවාල වලට පූජා කරමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින් නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා රාජපක්ෂ පවුල ඉදිරියේදී දෙවියන් ගේ කැමැත්ත ලබාගැනීමට තවදුරටත් කැප වෙනු ඇති බවට කිසිදු සැකයක් නැත.

නාමල් රාජපක්ෂ මස් මාළු කෑම අත් හරින ලද්දේද මෙරට ජනපති ධුරය අත් කර ගැනීම සඳහා එසේ ආහාර පාන ගත යුතු යැයි එක්තරා කපුවකු විසින් දෙන ලද උපදෙසක් අනුවය.මේ කපුවා අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේ සිටි සූරියආරච්චි නම් කරණවෑමියෙකි.
මොහු බොහෝ දේශපාලඥයන් මෝඩයින්ට අන්දා අතමිටි සරු කර ගත් අයෙකි.තරුණියක දූෂණය කිරීමේ වරදකට පවා බන්ධනාගාර ගතව සිටි මොහු පසුව ගුරුකම් කරන්නකු බවට පත්වී ශිරන්ති රාජපක්ෂට සමීප විය.
⁣මෙවැනි ගෝත්‍රික ගුරුකම් කරන්නන් ගේ පිහිට නිරන්තරයෙන්  ලබා ගන්නා රාජපක්ෂ පවුල මේ වන විට නාමල් රාජපක්ෂගේ ජනපතිවරණ ජයග්‍රහණය සඳහාද එවැනි කිහිප දෙනෙකුගෙන්ම ගුරුකම් සෙත් සාන්ති කරවා ගනිමින් සිටී. 



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්