තැපැල් ඡන්ද මංකොල්ල කෑමක් සිඳු විය හැකිද
ජනාධිපතිවරණය උණුසුම් කරමින් තැපැල් ඡන්දය සඳහා දින කාල වකවානු ප්‍රකාශයට පත් කර තිබේ.තැපැල් ඡන්ද දීමේ අවසන් දිනය ලෙස සදහන්ව ඇත්තේ සැප්තැම්බර් 06 වන දාය.ඉන් අනතුරුව එළඹෙන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනයන් වේ.මේ සති අන්ත දින දෙක පිළිබඳ මෙහි විශේෂයෙන් සඳහන් කරන්නේ මීට ඉහත කාලයකදී ලංකා දවසට යුද හමුදා බුද්ධි අංශ නිළධාරියකු කළ ප්‍රකාශයක් නිසාය.ඔහු එහිදී ප්‍රකාශ කරන ලද්දේමහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා තරග කළ ජනපතිවරණයේදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් පාර්සල් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට වාසි සැළසෙන ආකාරයට වෙනස් කළ බවත් තමන් ඇතුළු බුද්ධි අංශ නිළධාරීන් තිස් දෙනෙකු පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඒ සඳහා රාජකාරියේ යොදවා තිබුණ බවත්ය.මේ බුද්ධි අංශ නිළධාරියා සිඳු කළ අනාවරණය අතේ ගෙතූ රෝලක් හෝ අසත්‍ය ප්‍රකාශයක් යැයි එකවර බැහැර කරන්නට නොහැකිය.ඒ මෙරට මැතිවරණ ඉතිහාසය තුළ විවිධ හැඩයේ වංචා දූෂණ සිදු වී ඇති බවට සඳහන්ව තිබෙන නිසාය.මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා තරග කළ ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ දිනයේ හවස් වරුවේ මහින්ද රාජපක්ෂගේ ඉතා සමීපතමයකු තමන්ගේ අනුගාමිකයන් කිහිප දෙනෙකුට උපදෙස් දුන්නේ පසුදින සදහා කිරිබත් හා කැවුම් සූදානම් කරන ලෙසය.එම අනුගාමිකයන් සිය නායකයා ගෙන් ප්‍රශ්ණ කෙරුවේ ඡන්දය ගණන් කිරීමට පෙර කැවුම් කිරිබත් සූදානම් කිරීමට උපදෙස් දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජයග්‍රහණය ස්ථිරද යන්නය.ඒ අවස්ථාවේ එම නායකයා පැවසුවේ දිනුවත් මහින්ද දිනුම් පැරදුනත් මහින්ද දිනුම් උඹලා බය වෙන්න එපල්ලා යනුවෙනි.ඉන් තහවුරු වන්නේ සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ අතර පැවැති මැතිවරණ සටනේ කවර හෝ දූෂණයක් සිදු වූ බවය.හමුදා බුද්ධි අංශ නිළධාරියා සිදු කරන ලද ප්‍රකාශය මේ පසුබිම මත විනිශ්චය කිරීම වැදගත්ය.මෙවර තැපැල් ඡන්දය අවසන් වී තැපැල් ඡන්ද පාර්සල් මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබීමට නියමිතව ඇත්තේ සිකුරාදා සවස් වරුවේය.එම තැපැල් ඡන්ද පාර්සල් එදින මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා ගෙන තියා ගන්නේද යන්න ගැන අපට අදහසක් නැත.එසේ තියා ගන්නේ නම් හමුදා බුද්ධි නිළධාරියා සිදු කරන ලද ප්‍රකාශය ගැන නැවත නැවතත් අවධානයට ගත යුතුය.අපි ඒ ගැන ආණ්ඩුවට එරෙහි ජනාධිපති අපේක්ෂකවරුන්ගේ අවධානයට යොමු කරමු.
Comments
Post a Comment