ලැජ්ජා නහර කපා ඇති ආණ්ඩුවේ නොසන්ඩාල මන්ත්‍රීවරුන් මෙන්න

 



හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද සිටින්නේ හිරගෙදරය.
බාල ඖෂධ ගෙන ඒමේ සිද්ධියට චෝදනා නැගුන නඩුවේ සැකකරුවකු ලෙස බන්ධනාගාරගත කළ ඔහු තවමත් රඳවා සිටින්නේ බන්ධනාගර රෝහළේය.බන්ධනාගාර ලොක්කන් ගේ අතමිට සරු කරන ව්‍යාපාරය බන්ධනාගාර  රෝහළය.බන්ධනාගාර භාෂාවෙන් පවසනවා නම් මොරෙකු බන්ධනාගාර ගත වූ විට ඒ මෝරා සියළු පහසුකම් සහිතව රඳවන්නේ බන්ධනාගාර රෝහළේය.මෝරා යනුවෙන් හඳුන්වන්නේ දේශපාලන බල අධිකාරියේ ප්‍රබලයකු හෝ අතමිට සරු ධනවතෙකි.බන්ධනාගාර රෝහලේ සේවය කරන්නේද දෙකයි පනහට පස්ස උස්සා වෛද්‍ය වෘත්තිය පවා දෙන ලැජ්ජාවක් හිරිකිතයක් නොදැනෙන වෛද්‍යවරුන්ය.බන්ධනාගාර රෝහල් ගත කරන මෝර ගණයේ සැකකරුවන්ට අධිකරණයෙන් මුදා හැරෙන තුරුම අසනීප සුව නොවේ.කෙහෙළිය රඹුක්වැල්ලට ඇති අසනීපයද තවම හොඳ වී නැත්තේ ඒ නිසාය. 

 


කෙහෙළිය රඹුක්වැල්ල⁣ට එරෙහිව පාර්ලිමේන්තුවේදී විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය දවසේ ඔහු ශුද්ධවන්තයෙකු බවට මරහඬ දුන් අශීලාචාර වාහෙලා දැන් රනිල් ගේ ඔඩොක්කුවේ පිරිසක්ද සජිත් ගේ හා නාමල් ගේ ඔඩොක්කුවල තවත් පිරිසක්ද වශයෙන් කැඩී විසිරී ගොසිනි.

කෙහෙළිය රඹුක්වැල්ල එදා පාර්ලිමේන්තුවේදී සිඳු කෙරුවේ ඇඟ කිළිපොලායන තුච්ඡ නින්දිත ප්‍රකාශයකි.බාල ඖෂධ නිසා දෑස් අන්ධවූවන් මිය ගිය අසරණයන් ගැන ඔහුට කිසිම කම්පාවක් වේදනාවක් දැනී නොතිබුණි.එදා මේ නොසන්ඩාලයා කීවේ රෝහල් අසල මල් ශාලා ඇති බවය.මේ නින්දිත පුකාශය තුළ වූ සැඟවුන අර්ථය වූයේ බාල ඖෂධ වලින් ජනතාව මිය ගියද ආණ්ඩුවට කිසිම ප්‍රශ්ණයක් නොමැති බව මිස වෙන දෙයක් නොවේ.

 එදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමනුස්සයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාස භංගයේදී ඔහු ශුද්ධවන්තයකු බවට අත එසවූ පාර්ලිමේන්තු නොසන්ඩාල හැත්ත මෙසේ පෙල ගැස්විය හැකිය.

එම්.රාමේෂ්වරන්,සහන් පී විතාන,මදුර විතානගේ,මහින්ද අමරවීර ,මහින්ද රාජපක්ෂ,මහින්දානන්ද අළුත්ගමගේ,මායදුන්න චින්තක,මිලාන් ජයතිලක,මොහාන් පී ද සිල්වා,මුදිතා ප්‍රියදර්ශනී,නාලක බණ්ඩාර,නලින් ප්‍රනාන්දු,නාමල් රාජපක්ෂ,නිමල් සිරිපාලද සිල්වා,නිපුණ රණවක,පවිත්‍රා වන්නිආරච්චි,පියල් එන් සිල්වා,ප්‍රදීප් උදුගොඩ,ප්‍රසන්න රණතුංඟ,ප්‍රසන්න රණවීර,ප්‍රේමනාත් සී දොලවත්ත,රාජිකා වික්‍රමසිංහ,රමේෂ් පතිරණ,රන්ජිත් බණ්ඩාර,රන්ජිත් සියඹලාපිටිය,රෝහණ දාසානායක,රොෂාන් රණසිංහ,මන්ජුලා දිසානායක,මනූෂ නානායක්කාර,
මරිජාන් ෆලීල්,නසාර් අහමඩ්,නිමල් ලන්සා,ප්‍රේමලාල් ජයසේකර ,ප්‍රමිත බණ්ඩාර,රෝහණ දිසානායක,එස්.එම් චන්ද්‍රසේන,එස්.විපුලේන්ද්‍රන්,සාගර කාරියවසම්,සමන්ප්‍රිය හේරත්,සම්පත් අතුකෝරාළ,සනත් නිශාන්ත,සංජීව එදිරිමාන්න ,සරත් වීරසේකර,සීතා අරඹෙපොල,සරත් බණ්ඩාර,ශෂේන්දු රාජපක්ෂ,සහන් සේමසිංහ,සිරිපාල ගම්ලත් ,සිසිර ජයකොඩි,
එස්.ශාන්තිරනාදන්,සුදර්ශන දෙනිපිටිය,සුදත් මංජුල,තාරක බාලසූරිය
තේනුක විදානගමගේ,තිස්සකුට්ටි ආරච්චි ,ටිරාන් අලස්,සුමිත් උඩුකුඹුර, සුරේන් රාඝවන්,සුසිල් ප්‍රේමජයන්ත්,උදය කාන්ත ගුණතිලක,උපුල් රාජපක්ෂ,විදුර වික්‍රමනායක,විජිත බේරුගොඩ ,වජිර අබේවර්ධන ,විජේදාස රාජපක්ෂ,
විමලවීර දිසානායක,යදාමිණි ගුණවර්ධන,ජගත් කුමාර එදා කෙහෙළියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ උන්ය.

දැන්⁣ මේ නොසන්ඩාලයන් සජිත් රනිල් හා නාමල් ගේ ගුණ  වයමින් වේදිකා වල මරහඬ නගමින් සිටී.මේ වාහෙලා එදා කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව පාදඩ කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය වුන් ⁣වේ.මේ කිසිවකුටත් හෘද සාක්ෂියක් නැති මෙලේච්ඡයන් බව කෙහෙළිිය රඹුක්වැල්ලගේ ශුද්ධවන්තයකු බවට පාර්ලිමේන්තුව තුළ කළ කී කතා වලින් තහවුරු කර ගත හැකිය.නාමල් සජිත් රනිල් හැරුණවිට මේ අතරින් තවත් දෙදෙනෙකු ජනාධිපතිවරණයට තරග කරයි.

කෙහෙළිය රඹුක්වැල්ල බාල ඖෂධ මිලයට ගනිමින්  මුදල් හම්බ කෙරුවේ මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ජීවිත උකසට තබමිනි.එපමනක්ද නොව මේ පාහරයා බාල ඖෂධ වලින් රජයේ රෝහළකදී මිය ගියහොත් ඒ අසලම මල් ශාලා ඇතැයි පවසමින් මේ රටේ  අසරණ ජනතාවගේ ජීවිත අමානුෂික ආකාරයෙන් හාස්‍යයට හා හෑල්ලුවට ලක් කෙරුවේය.මේ මේලෙච්ඡයා එසේ පවසද්දී සතුටින් සිනාසෙමින් අත් පොළසන් දුන්නේ මෙහි ඉහළ නාම ලේඛනයේ දැක්වූ පාදඩයන්ය.
රනිල් වික්‍රමසිංහ රට ගොඩ ගන්නවා කියන්නේද නාමල්ට රට බේරාගන්නවා යැයි පවසන්නේද සජිත් ප්‍රේමදාස ජාතියේ ගැලවුම්කාරයා යැයි ප්‍රකාශ කරන්නේද එම පාදඩයන්මය.

සජිත් ප්‍රේමදාසගේද ලැජ්ජා නහර කපා දමා තිබේ.කෙහෙළිිය රඹුක්වැල්ලට එරෙහිව තමන් ගෙනා  විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ වුන් රොත්තක් දැන් ඔහුගේ තුරුල්ලේය.
මේ රටේ අසරණ මිනිසුන්ගේ ජීවිත අනතුරට හෙළා බාල ඖෂධ ගෙන්වූ කෙහෙළිය⁣ රඹුක්වැල්ල නිවැරිදියැයි අත් එසවූ මේ පාහරයන් තමන් තුරුල්ලට ගත් සජිත් ප්‍රේමදාසට මේ රටේ ජනතාවගේ ජීවිත ගැන කිසිදු හැඟීමක් නැති බව ඉන් තහවුරු වේ.

ලැජ්ජයි කැතයි නින්දිතයි හලෝ..... තමුසෙලාට කවදා හෝ දවසක හෙණ හතම වදිනවා ඇත්තයි සත්තමයි

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්