තඹුත්තේගම ඕඅයිසී අතුරුදන්

 


තඹුත්තේගම පොලීසියේ ස්ථානාධිපති වරයා තමන්ට රාජකාරි කිරීමට අපහසු බවට සටහනක් තබා සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.මේ වන විට ඔහු අතුරුදන් වී ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.


මෙම පොලිස් නිළධාරියා මීට ඉහතදී වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති අතර එහිදී වැඩ තහනමකට ලක්ව පසුව නැවත සේවයේ පිහිටුවීමෙන් පසුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබේ.කොටුව පොලිස් ස්ථානයේ සිට නැවත ඔහු තඹුත්තේගම පොලිස් ස්ථානයට මාරු කර යවා ඇත.
ඔහු මෙසේ රාජකාරියෙන් ඉවත්ව යන ලද්දේ කවර හේතුවක් මත දැයි මෙතෙක් අනාවරණය වී නැත.



Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා