හලෝ හලෝ තුසිත හල්ලොළුව- මෙන්න දුරකථනයෙන් කියා ගන්නට බැරි වූ ඉතිරිය
ජනපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොළුව මාධ්‍යවේදී අජිත් ධර්මපාල ඇමතුවේය.හලෝ කෝමද ඉතින්හොඳින් ඉන්නවාඔයා අපේ ජනාධිපතිතුමාට දිගටම ගහනවා නේදගහනවා නොවෙයි මට ලැබෙන තොරතුරු මම රටට කියනවාහා අජිත් මතක තියාගන්න ජනපති වරණයට පහුවෙනිද ඒ කියන්නෙ 22 වෙනිදාාත් මේ රටේ ජනාධිපති කියල ලියල තියාගන්නඑසේ පැවසූ තුසිත හල්ලොළුව දුරකතනය විසන්ධි කර තිබේ.ඔහු ගේ එම ප්‍රකාශය තර්ජනයක්ද හිතවත්කමට කළ දැනුම් දීමක්ද යන්න ප්රශ්ණකාරීය.ව්‍යවස්ථානුකූලව ජනපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය ඔක්තෝම්බර් 18 දක්වා පවතී.එම දිනය පිළිබඳව සිතා තුසිත හල්ලොළුව එසේ කීවා දැයි සිතා ගන්නට නොහැකිය.කෙසේ වෙතත් මේ සඳහනම වෙනත් ආකාරයට මහජන රැළියදී ඇමති ටිරාන් අලස්ද ප්රසිදධියේ පවසා තිබුණි.ඔහු පවසා තිබුණේ එළඹෙන සැප්තැම්බර් 21 වන දිනට පසුවද තමන් නීතිය හා සාමය බාර ඇමති බවය.මේ ප්‍රකාශ වාචාල කතා ලෙස එකවර බැහැර කරන්ටද නොහැකිය.තුසිත හල්ලොළුව දේශපාලන භූමියට එන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයකු වූ අමරසිරි දොඩම්ගොඩ ගේ අතවැසියකු ලෙසය.අනතුරුව ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාර්යාලයේ කාර්යාල සහායක වූ මොහු පසු කාලයකදී මංඟල සමරසිංහගේ පෞද්ගලික ලේකම් වරයා බවටද පත් වෙන්නේය.යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා වූ යටි බිම් ගත මෙහෙයුමේ කොටස් කරුවකුද බව කියවෙන තුසිත හල්ලොළුව ඒ ආණ්ඩුවේ ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කෙරුවේය.කාර්යාල කාර්ය සහායකයකු දේපල හිමි ධනවතකු බවට පරාවර්තනය වීම තුළ හල්ලොළුව ගේ වැඩ කිඩ කවර ආකාරයේද යන්න තක්සේරු කර ගත හැකිය.ඔහුට මිරිහාන ගල්වල පාර පිහිටි කෝටි ගණනක් වටිනා නිවාසයක් තෑගි කරන්නේ ඇවන්ගාඩ් සේනාධිපතිය.තුසිත හල්ලොළුවට කෝටි ගණනක් නිවසක් ඇවන්ගාඩ් මුදලාලි තෑගි කරන්නේ යාළු කමට නම් නොවන බව සිතා ගත හැකිය.මේ නිවස රෝසි සමරසිංහට අයත්ව තිබූ දේපොලකි.මේ නිවසට යාබදව තිබෙන්නේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ නිවසය.තුසිත හල්ලොළුව වටා භ්‍රමණය වන රුවැත්තියන් බොහෝය. රුවැත්තියන්ගේ පහස සොයන එවැන්නන්ට වර්තමාන ජනපති ලේකම් කාර්යාලය අන්තක්පුරයක් බව දන්නෝ දනිති.තුසිත හල්ලොළුවලා පෙම් කෙලින්නේ ජනපති අධ්යක්ෂ ජනරාල් බෝඩ් ලෑල්ල අස්සේය.ඒ පෙම් කෙලිල්ලට වැය කරන්නේ මහජන බදු මුදල්ය.හිටපු ජනපතිවරුන්ගේ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය හොර ගුහාවක් ලෙස මිස ප්‍රේම පාරාදීසියක් බවට පත්ව තිබූ අනාවරණය නොවේ.එහෙත් මේ වන විට ඒ දෙකේම අඩුවක් එහි නැත.හොරට කා මෝරන තෙල බස්සා ගන්නට පුළුවන් වයිවාරන්න බඩු කෑලිද තම තමන්ගේ කාර්ය මණ්ඩල වලට වර්තමාන ජනාධිපති අධ්යක්ෂ ජනරාල් වරුන් විසින් බඳවා ගෙන සිටී.එළඹෙන ජනපතිවරණයෙන් පසුව සිය බඩ රස්සාව අහිමි වන බව තුසිත හල්ලොළුව දනී.සිඳුවන දේශපාලන පරිවර්තනය තුළ තමන් වැන්නන්ට නැවත මෙරට දේශපාලනයේ හම්බකර ගෙන කෑමේ ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන බවද ඔහු දනී.මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ බත් බුදිමින් සිටින ඔහු හා සමානයන් වන මේල් නර්ස් සමන් හා රජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු සනුහරයම ඉන්නේ මරා ගෙන මැරෙන මෙහෙයමක් කර හෝ ජනපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් මෙි රටේ ජනපතිවරයා ලෙස රඳවා තියා ගන්නටය.ඒ අර ඉඩ ප්‍රස්ථාව අහිමි වන නිසාය.තුසිත හල්ලොළුව සමහර විට මාධ්‍යවේදී අජිත් ධර්මපාලට පවසන්නට ඇත්තේ ඔවුන් දකින ඒ හීනය වෙන්නට පුළුවන.මේ හීනයේ කොටස් කරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න,යුද හමුදාපති ,ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සලේ හමුදා බුද්ධි අධ්යක්ෂ චන්දික මහතන්තිල පොලිස් ඇමති ටිරාන් අලස් හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කන්ද සිටී.දැන් මේ සමාගම ගණන් හදමින් සිටින්නේ ව්‍යවස්ථාවේ ප්රතිපාදනයක එක අක්ෂරයක හෝ අඩුවක් මතුකර එළඹෙන ජනපතිවරණයේදී හිමිකරගන්නා ජනතා ජයග්‍රහණය කඩා කප්පල් කිරීමටය.මේ සියලු පුංචි ළමයින් වෙත අපට පවසන්නට ඇත්තේ මේ නුඹලා සෙල්ලම් කරන්නට හදන්නේ මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිය සමග බවය.නුඹලා ගේ අවශ්‍යතාවය ඉතා කැත සෙල්ලමකි.රාජපක්ෂ යුගයේ මෙන් ජාතිය හෝ ආගම පෙරට දමා ජනතාව රවටන්නටත් නොහැකි බව දැන් නුඹලා තේරුම් ගෙන තිබේ.දැන් නුඹලා ඇත්තේ ත්‍රිවිධ හමුදා සරණං ගච්චාමි යැයි තොල් මතුරමින් වෙන්නට පුළුවන.එහෙත් අපේ අවවාදය නම් ඔය වයසක මනුස්සයාට ජම්පරය ඇඳ ජීවිතයේ අවසාන භාගය වැලිකඩ හිරගෙදර නේවාසික ඉන්නට ඉඩ නොදී තම තමන්ගේ දරු පවුල් බලා කියාගෙන සාමයෙන් සාමදානයෙන් ජීවත් වන්නට හුරු වෙන ලෙසය.අප එසේ කියන්නේ නුඹලාට හසුරවන්නට පුළුවන් පොලීසියක් හෝ හමුදාවක් මේ මහ පොළවේ නැති නිසාය.සැප්තැම්බර් 22 ජනපති රනිල් වික්‍රමසිංහ තමයි මේ රටේ ඉන්නේ, කොල කෑල්ලක ලියල තියාගන්න යැයි තුසිත හල්ලොළුව පැවසූ සඳහන කොල කෑල්ලක ලියනවාට වඩා මුළු රටටම පේන්න මෙලෙස අපි ලංකා දවසේ ලියා තැබුවෙමු.
Comments
Post a Comment