මේජර් ජනරාල් සලේ සජිත් ප්‍රේමදාස ගේ අඹ යාළුවෙක්

 



 සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සලේ සමීප සම්බන්ධතාවක් පවත්වන බව අනාවරණය වේ .

සජිත් ප්‍රේමදාස සිය හිතවතකු සමග පැවැත්වූ දුරකථන සංවාදයකදී "සලේ හොඳ මනුස්සයෙක් එයා මම එක්ක ගොඩක් කල් ඉඳලා සම්බන්ධයි.පාස්කු කේස් එකට සලේ සම්බන්ධයි කියල මම විශ්වාස කරන්නෑ" යනුවෙන් පවසා තිබේ.එම දුරකථන සංවාදය සිදුවන අවස්ථාවෙි එහි සිටි තෙවන පාර්ශවයක් විසින් ලංකා දවසට එම තොරතුර ලබා දෙන ලදී. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන මේජර් ජනරාල් සලේ තමන් සමීප හිතවත්කමක් පවතින බවට සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ නම් ඔහු යම් හෙයකින් මෙරට ජනපතිවරයා වුව හොත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු නොකරන බව සිතා ගත හැකිය.

මේ වන විටත් උතුරු නැගෙනහිර සේවාවේ නිරත ජාතික බුද්ධි සේවයට හා හමුදා බුද්ධි සේවාවට අයත් නිළධාරීන් සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහගේ පාලනය බිඳ වැටෙන බවට ජාතික බුද්ධි සේවාවන් වටහා ගෙන ඇති බැවින් ඒ හා සම්බන්ධ ඇතැම් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් මේ ආකාරයෙන් සජිත් ප්‍රේමදාසට සමීප වෙමින් සිටින බව පැහැදිලිය.මේ සෑම නිළධාරියෙකුම රාජපක්ෂ පාලන සමයේ මෙරට සිදුවූ බරපතල අපරාධ වලට චෝදනා එල්ල වූවන් වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්