පරණ පොලීසිය ශුද්ධ නොකර ඡන්දයකට ගියහොත් ආණ්ඩුවට ඉක්මනින්ම කෙලවා ගත හැකිය

 

 හෙට නව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නියමිතය.පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් පසුව රාජ්‍ය පත් කිරීම් ,ස්ථාන මාරු කිරීම් කිරීමට රාජ්‍ය පරිපාලන නීති අනුව නොහැකිය.


එය ⁣එසේවුවහොත් ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගය⁣ට පාර්ලිමේන්තු මැතිවරණය⁣ට මුහූණ දීමට සිදු වන්නේ පසුගිය ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාවන් මත පත් කරන ලද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති වරුන් ⁣නියෝජ්‍ය පොලිස්පති වරුන් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් හා පොලිස් ස්ථානාධිපති වරුන්ගේ බල අධිකාරියට යටත්වය.පසු ගිය කාලයේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ සුවච කීකරු මෙහෙකරුවන් ලෙස ක්‍රියා කරනු  දැක ගත හැකි විය.

නව ජනපති වරයා මේ පසුබිම වටහා නොගෙන හදිසි මැතිවරණයකට ගිය හොත් සිදු වන්නේ ආණ්ඩුවේ ආයු කාලය තීරණය කෙරෙන පාර්ලිමේන්තු බලයක් රහිත මැතිවරණ ප්‍රතිඵළයක් අත් විඳීමටය.පොලීසියේ දූෂිතයන් රැළ ඒ සඳහා දැනටත් විපක්ෂය හා කුමන්ත්‍රණය කරමින් සිටී.මේ කුමන්ත්‍රණ කාරී පොලිස් කල්ලි අත පවතින එම ආයතනික බල අධිකාරිය විධිමත්ව විනයානුකූල හා යහපත් පොලිස් නිළධාරීන් වෙත නොපැවරීමකින් තොරව හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් අත නොපුච්චා ගන්නා ලෙස ආණ්ඩුවෙි බලධරයන් ගෙන් අපි ඉල්ලමු.


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා