ජාජබය රාජපක්ෂලාගෙන් ආණ්ඩුකරණය ගැන ටියුෂන් ගත්තා නම් හරි වගේ
- Get link
- X
- Other Apps
- ලංකා දවස පසුගිය කාලයේදී පොලීසියේ හා හමුදා නිළධාරීන් වෙත ඡ්‍යෙෂ්ඨ පරිපාලනයෙන් සිදු වූ අසාධාරණ අකටයුතුකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියෙමු.අපට සමග නිරන්තරයෙන් සම්බන්ධතා පැවැත්වූ එම පොලිස් නිළධාරීන් පොලීසියේ හා හමුදා ඡ්‍යෙෂ්ඨයන් විසින් සිදු කරන බොහෝ දූෂණ අක්‍රමිකතාවන් පිළිබඳව ලංකා දවසට තොරතුරු සපයන ලදී.අප ඔවුන් පොළඹවන ලද්දේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රට තුළ පිහිටුවීමෙන් පසුව මේ සියළු දූෂණ අක්‍රමිකතාවලට තිත තැබෙනු ඇති බවටය.අපගේ එම පෙළඹවීම මතම සක්‍රීය සේවයේ හමුදා හා පොලිස් නිළධාරීන් විශාල පිරිසක් පසුගිය ජනපතිවරණයේදී වර්තමාන ජනපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණට වෙනුවෙන් පෙනී සිටියේය.
ලංකා දවස මෙම මෙහෙයුම මෙහෙයවන ලද්දේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවෙන් මොන ලබුවක් හෝ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.හමුදාව හා පොලීසිය තුළ පැවැතුන බිඳ වැටීම මේ රටේ පුරවැසියන් ගේ නිදහසට ඉතා බරපතල ලෙස බලපාමින් තිබුණ වටපිටාවක පවතින ආණ්ඩුව දේශපාලනිකව වෙනස් කිරීම හැර වෙනත් උපාය උපක්‍රමයක් අප සතුව නැති බව අපට වැටහී තිබුණි.ඒ සඳහා අපට මාර්ග දෙකක් තෝරා ගැනීමට තිබුණි.ඉන් එකක් වූයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සහගි ජන බලවේගය හා අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයයි.
අපි එහිදි වඩාත් විශ්වාසය තැබුවේ ජාතික ජන බලවේගය පාර්ශවයටය.අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය කිරීමෙන් පසුව යුද හමුදාව හා පොලීසියේ පවතින දූෂණ හා අක්‍රමිකතාවන් වලට වහා පිළියම් යොදනු ඇති බවට සක්‍රීය සේවයේ නිරත හමුදා හා පොලිස් සේවයේ නිරත වූවන් විශාල අපේක්ෂාවකින්ද පසුවිය.එහෙත් මේ වන විට හමුදා හා පොලිස් සේවය වෙතින් මේ වන විට ලැබෙමින් පවතින්නේ සිත කළකිරවන ආකාරයේ තොරතුරුය.ලංකා දවස කෙරෙහි විශ්වාසය තබා පසුගිය කාලයේ හමුදාවේ හා පොලීසියේ පැවති දූෂණ හා අක්‍රමිකතාවන් පිළිබඳව තොරතුරු සැපයූ නිළධාරීන් අප හට මේ වන විටත් නින්දා අපහාස කරමින් දුරකථන ඇමතුමි දෙමින් හා පණිවුඩ එවමින් සිටී.ඔවුන් සැම දෙනාම අතිශය කළකිරීමට පත්ව සිටී.ඒ හමුදා හා පොලීසියේ ජාවාරම්කාර දූෂිත නිළධාරීන් තවමත් මීට පෙර පැවති ආණ්ඩුවේ දැරූ තනතුරුවල රැදී සිටින නිසාය.ජාතික ජන බලවේගයට හිතවත් කමක් දැක්වූ නිළධාරීන්ගෙන් මේ දූෂිතයන් උඹලා අපට අරින්නේ නේ බලා ගෙන හිටියේ පව් බං උඹලා යැයි කෝචෝක් කරන තරමට බලවත් වී තිබේ.හමුදාවේ හා පොලීසියේ වෙනස්කමක් ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා විසින් එම අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනා පත් කර තිබේ.අනුර කුමාර දිසානායක මෙරට ජනපතිවරයා ලෙස දිවුරුම් දෙන විට ආරක්ෂක අමාත්‍යංශයේ කමල් ගුණරත්න සේවය හැර ගොස් විදේශ ගත වී සිටියේය.එහි ලේකම් ධුරයට පත් කරන ලද්දේ ගුවන් හමුදාවේ හිටපු ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ සම්පත් තුයියකොන්තාය.පොලිස් අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු ඡේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පත් කෙරිණි.රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව තිබියදී සම්පත් තුයියකොන්තාට ගුවන් හමුදා කඳවුරු වලට ඇතුළු වීම තහනම් කරන ලදී .හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නටද හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් ගේ හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ මෙහෙයවීමෙන් අනීතික විවිධ වද හිංසා පමුණවන ලද බවට ලංකා දවස බොහෝ අවස්ථාවලදී වාර්තා කරන ලදී.දැන් සම්පත් තුයියකොන්තාට ලංකාවේ සියළුම ගුවන් හමුදා කඳවුරු වලට ඇතුළුවීමට හැකිය.රවි සෙනෙවිරත්නටද ටිරාන් හා දේශබන්දු කල්ලියේ වද හිංසා පිළිබඳව සැකයකින් තොරව නිදහසේ ගමන් බිමන් යා හැකිය.සම්පත් තුයියකොන්තා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස වැඩ බාර ගනිද්දී ඔහු සමීපයේම සිටියේ ඔහුට ගුවන් හමුදා කඳවුරු වලට ඇතුළු වීම තහනම් කළ ගුවන් හමුදා පති වරයාය.යුද හමුදාපති විකුම් ලියනගේට එරෙහිව යුද හමුදාව තුළින් එල්ල වෙන දූෂණ චෝදනා බොහොමයකි.මේ හමුදාපතිවරයා බේබද්දෙක් බවටද චෝදනා පවතී.හමුදාපති විකුම් ලියනගේ මේ වන විට සිටින්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙන ලද සේවා දිගුවේ පිහිටෙනි.ත්‍රිවිධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන්ද පවතින දූෂණ චෝදනා අපමණය.ඒ චෝදනා අතර ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස සිය අනියම් බිරිඳ පත්කර ඇය සඳහා හමුදාවේ මුල්‍ය ප්‍රතිපාදන වැය කර ඇතැයි පැවසෙන චෝදනාව ඉතා බරපතලය.එහෙත් දැන් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති වරයාගේ ආරක්ෂක උපදේශකයා වන තරමට ජනපතිවරයාට සමීප වී සිටී.ඇතැම් විට ඒ හේතුව නිසාම ඔහුට එරෙහිව පවතින සියළු චෝදනා නිවාරණය විය හැකි බවට ලංකා දවසට සැකයක් පවතී.අද දින හිටපු ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ට සපයා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.එහෙත් අපට පොලීසියෙන්ම ලැබුණ තොරතුරු වලින් හෙළි වූයේ හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් වෙත සපයා තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව හා වාහන ඉවත් නොකල යුතු බවට නියෝග ලැබී තිබෙන බවය.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සේවය අත් හැර විදේශගත නොවූයේ නම් ඔහුටද අඛන්ඩව එම ලේකම් ධුරයේ රාජකාරි කටයුතු කරන්නට ඉඩ කඩ තිබූ බව දැනට සිදු වෙමින් පවතින ක්‍රියාවලියෙන් අපට සිතේ.ජාතික ජන බලවේගයේ නායකයා බලයට පත් කිරීම සඳහා සක්‍රීය සේවයේ නිරතව සිටියදී පවා රහසේ සහයෝගය දැක්වූ හා කැපවූ බොහෝ නිළධාරීන් ජනපතිවරයා ආරක්ෂක හමුදා හා පොලීසිය සම්බන්ධයෙන් දක්වන උදාසීන බව ගැන කළකිරී සිටී.එහෙත් අපට සතුටු විය හැකි කාරණයක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ විවිධ වද හිංසා වලට ලක්වූ හිටපු ගුවන් හමුදා නිළධාරී සම්පත් තුයියකොන්තා හා හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ඔවුන් ගේ පෞද්ගලික ජීව්තයේ තිබූ කරදර බාධාවන් ඉවත් කිරීමට හැකිවන ආකාරයෙන් මැදිහත් වීමක් සිදු කර තිබීමය.දේශපාලනික පලි ගැනීම් වලට ලක්වූ විශ්‍රාමිකයන් දෙදෙනෙකු ජනපති අනුර කුමාර දිසානායක විසින් ගලවා ගැනීම ගැන ඔහුට ස්තූති වන්ත විය යුතුය.එසේ හිංසාවට ලක්වූ අනෙකුත් සිල්ලර කෑලි ගැන එතරම් වද විය යුතුද නැත.පසුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ හා කොළඹ අපරාධ කොට්ඨාශය වෙතින් සිදු කළ ජාවාරම් හා අපරාධ පිළිබදව සොයා කාලය නාස්ති කළ යුතුද නැත. ඒ කාලයේ සිට් තක්කඩි නිළධාරීන් මේ වන විට ජාතික ජන බලවේගයේ අනුගාමිකයන් ලෙස උභය කුල පාරිශුද්ධ ශුද්ධාත්මයන් බවට පරිවර්තනය වී සිටී.අපරාධ කොට්ඨාශයේ පොලිස් සාහසිකයන් කොන්ත්‍රාත් ක්‍රමයට වැලිගමදී සිදු කළ මෙහෙයුමකදී ඒ පොලිස් සාහසික කණ්ඩායමේ පොලිස් සැරයන් වරයකු ගේ ඝාතනය ගැන පවා සෙවීම නොකළ යුතුය.එය එසේ කළ හොත් හිටපු ඇමති ටිරාන් අලස් ගේ සිත රිදෙන්නට පුළුවන. මෙරට පහල ඇවරියේ පුරවැසියන්ට වඩා ටිරාන් අලස් වැදගත්ය.ලංකා දවසට ලැබුණ අළුත්ම ආරංචිය වූයේ හිටපු පොලිස්පති හා ටිරාන් අලස් මෙහෙයවන ලද යුක්තියේ මෙහෙයුම නැවත අරඹන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග ලැබුණ බවය.පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීම් වලදී ජාජබයේ නායකයන් යුක්තියේ මෙහෙයුම ගැන පුරවැසියන්ගේ කණ පැලෙන තරමට චෝදනා කරනු අසන්නට ලැබුණි.සැබවින්ම යුක්තියේ මෙහෙයුම යනු ටිරාන් හා දේශබන්දු ජෝඩුව පාතාල නායකයන් සමග ගිවිසුම්ගතව සිදු කළ ජාවාරමකි.ලංකා දවස මේ මෙහෙයුමෙන් අහිංසක පුරවැසියන්ට සිදුවූ හිරිහැර ගැන අනන්තවත් වාර්තා කර තිබේ.ජාතික ජන බලවේගයේ නායකයා බලයට පත් කරවීමට ලංකා දවස දිවා රෑ ලියන ලද්දේ ඔහු ජනපතිවරයා වීමෙන් පසුව මොන ලබ්බක්වත් ලබා ගැනීමට නොවේ.එහෙත් මේ වන විට හමුදාවල හා පොලීසියේ දූෂිතයන් අපට කෝචෝක් කරමින් සිටී. ජනපතිවරයා ආරක්ෂක හමුදා හා පොලීසීය පිළිබඳව මේ වන විට මැදිහත් වන ආකාරය දෙස බලන විට ඉදිරියටත් ආරක්ෂක හමුදාවල ජාවාරම්කාර සාහසික අපරාධ කරුවන්ට කිසිදු බාධාවකින් තොරව සිය පැවැත්ම තහවුරු කර ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බව අපට හැඟී ගොස් තිබේ.සැබවින්ම පසුගිය ජනපතිවරයෙන් පොදු ඩන පෙරමුණ නියෝජනය කළ නාමල් රාජපක්ෂ ජනපතිවරයා ලෙස පත් වූයේ නම් හමුදාවේ හා පොලීසියේ සිදු කරන වෙනස් කම් කට ඇරගෙන බලා ඉන්නට තිබුණි.එය එසේ වූයේ නම් මෙලහකටත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ කකුල් දෙකෙන් අල්ලා පර සක්වල ගසා හමාරය.ජාතික ජන බලවෙිගයේ නායකයන්ට අපට කියන්නට ඇත්තේ රාජ්‍ය පලෙනය ගැන රාජපක්ෂ වරුන්ගෙන් ටියුෂන් ගන්නා ලෙසය.එසේ නැතිවුන හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපතිවරයා ඇතුළු ජාජබයට පළමු ෂොට් එක දෙන්නේ මේ පාදඩ ජාවාරම්කාර නිළධාරීන් බව සිහිපත් කරමු .
- Get link
- X
- Other Apps
Comments
Post a Comment