ජාජබය සර්පයින් ඔඩොක්කුවේ දමා ගැනීම
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් විශේෂණ යොදා ලිවිය යුතු නැත.ඔහු ගේ කෙරුවාව ගැන සාමාන්‍ය සොල්දාදුවාගේ සිට මේජර් ජනරාල් දක්වා දැනුවත්ය.මේ වන විට යුද්ධ හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් පාර්ශව දෙකකි.ඒ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා හමුදාපති විකුම් ලියනගේ ඇතුළත් ගජබා වරුන්ය.ඒ කණ්ඩායම නියෝජනය කරන ඇතැම් රෙජිමෙන්තුවල ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පිරිසක්ද වේඅනෙක් පාර්ශවය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයට හිතවත් අදූෂිත හමුදා ඡ්‍යෙෂ්ඨ නිළදාරීන්ය.මේ නිළධාරීන් පිරිස සංඛ්‍යාත්මකව වැඩිය.එහෙත් මෙි වන විටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙහෙයවන්නේ දූෂිත ගජබාවරුන්ට හා ඔවුන්ට සම්බන්ධ අතලොස්සක් වූ දූෂිත ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසය.ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න හා හමුදාපති විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද හමුදාවට සිදු කළ හානිය වචනයෙන් ලියා සඳහන් කිරීමට බැරි තරමේය.ගජබා රෙජිමෙන්තුව හැර අනෙකුත් රෙජිමෙන්තු වල මේජර් ජනරාල්වරුන්ට හමුදාපති ධුරයට පත් වීමට ඇති ඉඩ කඩ අහිමි කර ගජබාවරුන්ම ඒ සඳහා පත් කිරීමට කුමන්ත්රණකාරී වටපිටාවක් නිර්මාණය කරන ලද්දේ මේ තිදෙනාය.මේ හේතුව නිසාම අනෙකුත් සටන් රෙජිමෙන්තු මේජර් ජනරාල්වරුන් සිටියේ කළකිරීමෙනි.දැනටත් ඒ කළකිරීම එසේමය.ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තමන් ඇති දැඩි කළ රාජපක්ෂවරුන් සමග තිබූ ඇයි හොඳයිකම ගාලු මුවදොර අරගලයේදී අත් හැර දැමුවේ එම අරගලයේ නිරත ජනතාව වෙනුවෙන් අනුකම්පා කර නොවේ.ඔහුගේ යටි සිත තුළ පැවතියේ ඔහු හට ගුරුකම් කරන්නා විසින් ලබා දී තිබූ මෙරට ජනපතිවරයා වීමේ සිහිනයයි.මේ වන විට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා උඩ දමමින් සිටින්නේ ගාලු මුවදොර අරගලයේදී ඔහු දැක්වූ ව්‍යාජ දේශප්රේමිත්වයයි. ඔහුගේ වීරත්වයේ ගුණ ගායනා කරන පාර්ශව වලින් අපට අසන්නට ඇත්තේ එකම ප්‍රශ්ණයකි.තමන් ආරක්ෂා කළ හා තමන් ඉහළට ඔසවා තැබූ රාජපක්ෂවරුන්ට පිටුපෑ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරි අවදානමක් වටපිටාවකදී ජාතික ජන බලවේගය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සිය වගකීම් ඉටු කරන්නේද යන්න සියයට සීයක්ම ස්ථිරව තහවුරු කර ගත හැකිද යන්නය.සිය පැවැත්ම සඳහා තමන්ගේ සමීපතමයා පාවා දෙන්නා හෙට දවසේදීත් එසේම බව අපි නම් දනිමු. අප ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ විවාහය ගැනද බොහෝ අවස්ථා වලදී ලියා ඇති තොරතුරු වැරදි නම් ඒවා නිවැරිදි කළ හැක්කේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට මිස වට පඩයන්ට නොවේ.තමන්ගේ නිත්‍යානුකූල බිරිඳගෙන් දික්කසාද නොවී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය අනියම් බිරිය ලෙස තියා ගෙන සිටින්නේ හිටපු ඇමතිවරයකු වන නෙල්සන් ගේ දියණියයි.මේ තැනැත්තිය මීට පෙර විවාහ වී සිටියේ යුද හමුදාවට ආහාර සැපයුම් කරු වන වික්‍රමරත්න සමාගමේ හිමිකරු සමගය.ප්‍රථම විවාහයෙන් වෙන්වූ එම තැනැත්තිය ජනරාල් ශවේන්ද්‍ර ගේ අනියම් බිරිය ලෙස සිටියදී ජනරාල් වරයා හමුදා පති වීමෙන් පසුව ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලෙස කටයුතු කරන්නට ගත්තාය.යුද හමුදාපති වරයා ලෙස ඒ වන විට කටයුතු ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය අනියම් බිරියගේ කටයුතු සදහා හමුදා මුදල් ප්රතිපාදනයන් මුදා හරින ලදී.මෙය ඉතා බරපතල රාජ්‍ය මුදල් අවභාවිතාවකි.මේ මුදල් අවභාවිතාව ආරක්ෂක ඇමතිවරයා ලෙස විමර්ශනය කිරීම ජනපතිවරයා ගේ අනිවාර්ය වගකීමයි.කෙසේ වෙතත් අප මේ සඳහන් කර ඇති තොරතුර අසත්‍යය නම් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට හමුදා වැටුප් හා ලේඛනයට ලබා දී ඇති පළමු බිරිඳ දික්කසාද කළ බවට දැක්වෙන අධිකරණ නියෝගය හා අප විසින් අනාවරණය කරන අනියම් බිරිය බව සඳහන් කරන තැනැත්තිය සමග විවාහ වූ බව සඳහන් විවාහ සහතිකය ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරමු.මේ වන විටත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනපති අනුර කුමාර සමග හුරතල් වෙමින් සිටින බව ජාතික ජන බලවේගයට සම්බන්ධ යුද හමුදා ඡ්‍යෙෂ්ඨයන් අප වෙත පවසා සිටී.ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයේ සිටියදී සෑම දිනකම උදෑසන බුදුන් වැදීම සදහා පිච්ච මල් වට්ටියක් සඳහා එක් දිනයකට රුපියල් 15000ක් වැය කර ඇති බව පැවසේ.මේ පිච්ච මල් වට්ටිය සපයා ඇත්තේ ඔහුගේ අනියම් බිරිය සභාපති ධුරය දැරූ යුද හමුදා සේවා වනිතා ඒකකයෙනි.මේ ජෝඩුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ආගමික වැය ශීර්ෂයෙන් හිතේ හැටියට ගසා කෑවෝය.එක් දිනයකට සමන් පිච්ච මල් වට්ටියකට රුපියල් 15000 ක් මේ දෙදෙනා වියදම් කරද්දී හමුදාවේ පහල ඇවරියේ සාමාන්‍ය සෙබළුන්ගේ ආහාර සලාකය ඉතා අප්‍රසන්න හා අමිහිරි විය.මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා වන විකුම් ලියනගේ ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධාන පුරෝහිතයාය.විකුමි ලියනගේ හමුදාව තුළ ජනප්‍රිය වී සිටින්නේ බේබදු කමට හා කාන්තාවන් ඇසුරේය.හමුදාපතිවරයා ගේ සේවා කාලය දෙසැම්බර් අවසන් වීමෙන් පසු හමුදාපති ධුරයට පත් වීමට නියමිතව ඇත්තේ වර්තමාන මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නානායක්කාරය.ඔහු සිංහ රෙජිමේන්තුවට අයත් වූ නිළධාරියෙක් වුවද ජනරාල් ශවේන්ද්‍ර ගේ හා හමුදාපති විකුම් ලියනගේ ගේ සුවච කීකරු අත වැසියෙකි.ඔහුට පසුව හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියා ගැමුණු හේවා රෙජිමෙන්තුවට අයත් මේජර් ජනරාල් වෙල ගෙදරය.ඔහු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නානායක්කාරට වඩා ඡ්‍යෙෂ්ඨත්වයෙන් ඉහල නමුත් ගජබා වරුන් විසින් කුමන්ත්‍රණකාරීව ඔහුගේ ඡ්‍යෙෂ්ඨතාව අහිමි කර ඇති බව පැවසේ.මෙම නිළධාරියා සෙබළුන් අතර ජනප්‍රිය දූෂණයෙන් තොර අවංක නිළධාරියෙකි.එහෙත් ගජබාවරුන් අවංක නිළධාරීන් රුස්සන්නේ නැත.ජනපතිවරයාට මේ තක්කඩි පෝරිසාදයන් ගැන දැනීමක් අවබෝධයක් නැති වන්නට පුළුවන.එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුයියකොන්තාට මේ කල්ලියේ කෙරුවාව ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.එබැවින් මේ තක්කඩි පෝරිසාදයන් ගෙන් ජනපතිවරයා ආරක්ෂා කිරීම ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධාන වගකීම වේ.ඒ අතරේ පසුගිය දිනකදී ජනපති අනුර කුමාර දිසානායක හා ජාතික ජන බලවේගයේ ක්රියාකාරිකයන් පිරිසක් භෝජන සංග්‍රහයක් භුක්ති විඳිමින් සිටින ආකාරය දැක්වෙන සංස්කරණය කරන ලද බවට සැක කර හැකි ඡායාරූපයක් කවරකු හෝ අන්තර්ජාලයට නිකුත් කර තිබේ.මෙම ඡායාරූපය ජාතික ජන බලවේගයට එරෙහි විරුද්ධවාදීන් ගේ බොහෝ හාස්‍යයට ලක් වී තිබෙන බව පෙනෙන්නට ඇත.සැබැවින්ම ජනපතිවරයා ඇතුළු මේ පිරිස භෝජන සංග්‍රහය භුක්ති විදීම අතිශය පෞද්ගලික කාරණයකි.එය සයිබර් අවකාශයට නිකුත් කරන ලද්දේ ජනපති මාධ්‍ය අංශයෙන් නොවන බව අපට පැහැදිලිය.ඒ මන්ද යත් එවැනි පෞද්ගලික ඡායාරූපයක් වගකීම් විරහිතව ජනපති මාධ්‍ය ඒකකයෙන් සමාජ ගත නොකරන බැවිනි.මෙම ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැරි තැනැත්තා කවර තරාතිරමේ පුද්ගලයකු වුවද ඒ තුළ බරපතල අවදානමක් පවතින බව අපගේ විශ්වාසයයි.මේ භෝජන සංග්‍රහය තිබී ඇත්තේ පෞද්ගලික නිවසක බව එහි වටපිටාව නිරීක්ෂණය කරන විට පෙනී යයි.මෙම ඡායාරූපය ගත් තැනැත්තා ජනපතිවරයා ඇතුළු කිසිවකුගේ අවධානයට ලක් නොවන ආකාරයට මේ ඡායාරූපය ගෙන ඇතත් එහි සිටින ලක්ෂමන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා එය දැක තිබේ.මේ දැකීම අහඹුවක්ද විය හැකිය.අප එසේ ලියන්නේ එහි සිටින අනෙක් කිසිවකුගේ අවධානය මේ ඡායාරූපය කෙරෙහි දක්වා නොමැති බැවිනි.ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ පැටිකිරිය ගැන අප ලියන ලද්දේද මේ අනාරක්ෂිත වටපිටාව ජාතික ජන බලවේගයේ නායකයන්ට සිහිපත් කර දෙන්නටය.එසේ නොමැතිව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග අපට පෞද්ගලික කෝන්තර නොමැත.ජනපතිවරයාගේ පෞද්ගලික ඡායාරූපයක් කවරකු හෝ විසින් මෙලෙස වගකීම් විරහිතව අන්තර්ජාලයට මුදා හැරීමෙන් තහවුරු වන්නේද ඔහු සම්බන්ධයෙන් පැවතිය යුතු ආරක්ෂාවේ අනාරක්ෂිත බව හා දුර්වල නියාමනයයි.ඒ නිසාම ජාතික ජන බලවේගයේ නායකයන්ට අපට ලියන්නට ඇත්තේ සත්ව කරුණාව පෙන්වා සර්පයින් ඔඩොක්කුවේ දමා නොගන්නා ලෙසය.
Comments
Post a Comment