ජාතික ජන බලවේගය දිනනවා- මේජර් ජනරාල් සලේ පවසයි

 



ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සලේ පසුගියදා නිවාඩුවක් ගත කිරීමට සංචාරක නිකේතනයකට ගියේය.ඔහුගේ අනන්‍යතාව ගැන එම සංචාරක කිකේතනයේ කිසිවකුත් දැන සිටියේද නැත.එහෙත් ඔහු සහ පිරිස නිවාඩුව ගත කර ආපසු යන අවස්ථාවේ එහි කළමණාකරුට මේ තම නිවාඩු නිකේතනයට පැමිණ ඇත්තේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියකු බවට යම් ඉඟියක් ලැබී තිබුණි.බුද්ධි සේවාව⁣ට ගරු කිරීමක් ලෙස කළමණාකරු පැමිණ සිටි අමුත්තාගේ බිල්පත යම් අඩු කිරීමක් කරන ලදී.එම බිල්පත ඔහු සිය අමුත්තා වූ මේජර් ජනරාල් සලේ අතට පත් කර නැවත පැමිණෙන ලෙසටද ආරාධනා කෙරුවේය.මේජර් ජනරාල් සලේ එහිදී ඔහු වෙත අපූරු කතාවක්  පැවසුවේය.


'ඔබ ජාතික ජන බලවේගයට සම්බන්ධ ක්‍රියාකාරිකයෙක් බව මට විශ්වාසයි
ඒ බව මට තහවුරු වූයේ ඔබට ලැබෙන දුරකථන ඇමතුම් වලට ඔබ දුන් පිළිතුරු වලින්......මා ඔබට දැන් සතුට දැනෙන ආරංචියක් කියන්නම්.මා වෙත ලැබුණ අවසන් බුද්ධි වාර්තාවට අනුව ඔබේ නායකයා මේ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා...එච්චරයි"

ඒ සමගම මේජර් ජනරාල් සලේ ඔහුගෙන් සමුගත්තේ අතට දී සුබ පතමිනි. ඒ අතරේම මේජර් ජනරාල් සලේගේ ජාතික බුද්ධි සේවාවට වඩා ලංකාව පුරාම පැතිරුණ හොඳ බුද්ධි ජාලයක්  ලංකා දවසට තිබෙන බවද සිහිපත් කරන්නට අප කැමතිය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්