ටිරාන් තවමත් ඇමති වරප්‍රසාද භුක්ති විඳී
අද (23)දින ජනපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ගේ දිවුරුම් දීමේ උත්සවය විනාඩි විස්සකට සීමා විය.ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ වාහන හතරක් යොදා ගනිමිනි.ඒ වන විටත් පොදු ජන පෙරමුණු රජයේ අගමැති දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වී තිබුණි.
සමාන්‍යයෙන් අගමැතිවරයා ඉල්ලා අස් වීමෙන් පසුව පැවැති අමාත්‍ය මණ්ඩලයද අවසන් වේ.
ජනාධිපතිවරයා
පෙර පැවැති දූෂිත පැවතුම් අවසන් කරමින් ආදර්ශයක් සපයමින් තිබියදී පෙර
පැවති අමාත්‍ය මණ්ඩලයද අහෝසි වී තිබියදී එම අමාත්‍ය මණ්ඩලයේ සිටි නීතිය හා
සාමය බාර ඇමති ටිරාන් අලස් අද සවස 0600 ට පමණ සිය අනියම් පෙම්වතියක ගෙදරට
ගෙනැවිත් බැස්සීම සඳහා පැමිණ තිබුණේ පෙර ගමන් පොලිස් යතුරු පැදියක් හා
විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිත වාහන හයක පෙළපාලියකිනි.එම වාහන පෙළපාලිය
වර්තමාන ජනපතිවරයා අද දින යොදාගත් වාහන හතර ඉක්මවා ගොසිනි.කෙසේ
වෙතත් ඒ වන විටත් හිටපු අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු රජයේ වාහන රජයට බාර දී
තිබුණි.එහෙත් ටිරාන් අලස්ට ඒ නීතිමය ප්‍රතිපාදන බලපා නැත්තේ මක් නිසාද
යන්න ප්‍රශ්ණ සහගතය.
ටිරාන් අලස් මේ පෙන්වන්නේ
කාගේ හයියදැයි තවමත් අපට අනාවරණය වී නැත.පසුගිය කාලයේ පාතාල අපරාධකරුවකු
ලෙස සිය අමාත්‍ය ධුරයේ කටයුතු කළ මොහුට එරෙහිව පවතින අපරාධ චෝදනා ගණනාවකි.
මොහු සමග කල්ලි ගැසුන පොලීසියේ අපරාධ කරුවන් පිරිසක් මෙරට සිදු කළ
මිනීමැරුම් හා සාහසික ක්‍රියාවන් නව රජය මගින් විමර්ශනය කළ යුතුමය.එසේ
නොමැතිව මේ අපරාධකරුට තවමත් පොලිස් ආරක්ෂාව සැපයීම නව රජයේ යම් බලධරයකුගේ
දැනුවත් වීමක් මත සිදු වූයේ නම් එය ඉතා කණගාටුදායකය. එය එසේ වන්නේ නම් අපට
ලියන්නට ඇත්තේ මෙරට ජනතාව තැබූ විශ්වාසය පළමු පැයේදීම මේ ආණ්ඩුව බිඳ දමා
ඇති බව පමණය.
Comments
Post a Comment