ටිරාන් හා පිල්ලෙයාන් ඇතුළු අපරාධකරුවන් අනුර ඝාතන කුමන්ත්‍රණයක

 


  • ප්‍රබල ජනපති අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ල කරන බවට වූ සැළසුමක්  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ඊයේ (4)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කරන ලද එම බී වාර්තාව පිළිබඳව වහාම පරීක්ෂණයක් කර  තොරතුරු වාර්තා කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් තොරතුරුකරුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලදී. මෙම බී වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස තබා ගන්නා ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවේ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙම බී වාර්තාවේ සදහන් වන ප්‍රබල ජනපති අපේක්ෂකයා ජාජබයේ අනුර කුමාර දිසානායක වන බව ලංකා දවසට අනාවරණය විය.ලංකා දවස දිගින් දිගටම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබේ.එහිදී ලංකා දවසට තොරතුරු ලැබී තිබුණ ආකාරයට ප්‍රහාරය සැළසුම් කිරීමට නීතිය හා සාමය අමාත්‍ය  ටිරාන් අලස් හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පිල්ලෙයාන්ගේ කණ්ඩායමක් හා ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධ වී සිටී.අමාත්‍ය ටිරාන් අලස් මෑතකදී ප්‍රසිද්ධ මහජන හමුවකදී 
    ප්‍රකාශ කර තිබුණේ තමන් හොඳ ගේම් කාරයෙක් බවය.එම ප්‍රකාශය ජාජබයේ ජනපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඝාතනය කිරීමේ සැළසුම පිළිබඳ කුමන්ත්‍රණය පිළිබඳ යම් ඉඟියක් බව අපට තොරතුරු හෙළිවී තිබුණි.ජාත්‍යන්තර ඔත්තු සේවාවකට සම්බන්ධ තොරතුරු කරුවකුද අනුර කුමාර දිසානායකගේ ජීවිත  අවදානම ගැන ලංකා දවසට තොරතුරු ලබා දී තිබූ අතර එම ප්‍රකාශයන් පදනම් කරගනිමින්  ලංකා දවස ප්‍රවෘත්ති පවා පල කිරීම් කරන ලදී.

    ජාතික ජන බලවේගය සිය නායකයා ගේ ආරක්ෂාව සදහා වැඩ පිළිවෙලක් සකස් කර ගෙන ඇති බවට සැකයක් නැත.ඒ සඳහා විශ්‍රාමික හමුදා හා පොලිස් සමූහයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීණයන්ගේ උපදෙස් හා ඔවුන් විසින් ක්‍රියාත්මක කෙරෙන සැළසුමක් තිබෙන්නටද පුළුවන.

    මේ වනවිට මෙරට පාලනය කළ දේශපාලනය බල කුලකය නියෝජනය කරන ලද අපරාධකරුවන් බොහෝ දෙනෙකු ජාජාබයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් දැඩි තිගැස්මකට ලක්වී සිටී.මේ මෙලේච්ඡ අපරාධකරුවන් ජාජාබයේ ජයග්‍රහණය අඩාල කිරීම සදහා මරාගෙන මැරෙන මෙහෙයුමක් දියත් කිරීමට පවා නොපැකිළෙන බව සිතිය හැකිය.

    එහෙත් මේ මේලේච්ඡයන් නොදන්නා කාරණයක් තිබේ.ඒ ජාජබය යනු අනුර කුමාර දිසානායක පමනක් නොවන බවය.මේ මේලේච්ඡ අපරාධකරුවන්
    ගේ සැළසුම හුදෙක් එක පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට හැකියාවක් තිබුණද එහි අවසානය විය හැක්කේ එම අපරාධකරුවන්ගේ දරු පවුල් වල ජීවිත පවා අනාරක්ෂිත අවදානමක⁣ට ලක් කිරීමක් විය හැකි බවට ලංකා දවස අනතුරු අඟවා සිටිමු.
    ටිරාන් අලස් හා පිල්ලෙයාන් ඇතුළු අපරාධකරුවන්ට අප ඒ ගැන සිහිපත් කරන්නට කැමතිය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්