යාපනය ගිණි තැබූ රනිල් වික්‍රමසිංහ මං සුදනා වෙලා
දකුණේ ජනතාව සුවිශේෂී දේශපාලන වෙනසක් කිරීමට බලා පොරොත්තුවෙන් සිට්නවා.ඒ සඳහා ඔවුන් ජාතික ජන බලවේගය සමග එක්වී සිටිනවා.මේ අවස්ථාවේ උතුරේ ඔබද ඒ සඳහා එක්වී එම බලාපොරොත්තුව ශක්තිමත් කළ යුතුයි.එසේ නොකර ඵෙතිහාසික වැරැද්දක් නොකරන ලෙසට මා ආයාචනා කරනවා.
ජාතික ජන
බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා යාපනයේදී පැවැති ජන හමුවේදී
සිදු කළ කතාවේ සංක්ෂිප්තය එසේය.ඒ බව යාපනයේ පල වන උදයන් පුවත්පතේද පල වී
තිබුණි.
එහෙත් අද දවසේ (08) යාපනයට ගිය රනිල්
වික්‍රමසිංහ එහි පැවති මහජන හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ අනුර කුමාර දිසානායක
උතුරේ ජනතාවට තර්ජනය කර ඇති බවය.ඔ
හු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු බවය.
හු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු බවය.
රනිල්
වික්‍රමසිංහ ගේ ප්‍රයත්නය නැවත මෙරට වාර්ගික වෛරයක් මතු කර උතුරු නැගෙනහිර
දෙමළ ඡන්ද ලබා ගැනීම බව පැහැදිලිය.එහෙත් රනිල් වික්‍රමසිංහට තමන්ගේ
දේශපාලනික අතීතය අමතක වී ඇත්තේ වයස් ගත වීම නිසා මතුවන ඩිමෙන්ෂියා රෝගී
තත්වය නිසා විය හැකිය.1981 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනය ජනතාවගේ නිවාස
ගිණි තබමින් මහ ඡන්ද මංකොල්ලකෑම සිදු කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ අමාත්‍ය
ධුරයක් දැරූ එජාප ආණ්ඩුව පැවතියදීය.ආසියාවේ විශ්ව කෝෂයක් බඳු යාපනය
පුස්තකාලය ගිණි තැබුවේද මේ අවස්ථාවේය. රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධුරය දැරූ
තෙල් සංස්ථාවේ සේවය කළ පාදඩ මැරයන් යාපනයේ සිදු කළ මේ මහා විනාශයට
මැදිහත් වූ බවද පසුව හෙළි විය.
යාපනයේ සිදු කළ ඒ මංකොල්ලකාරී මෙහෙයුම නිසා මතුවුන කම්පන ධාරාව අවසන් වූයේ මෙරට ජනතාව දීර්ඝකාලීන යුද්ධයකට ඇද දමමිනි.
එම මෙලේච්ඡ යුද්ධයේදී දෙපාර්ශවයට සිඳු වූ ඛේද ජනක හානිය කෙතරම් දැයි ගණනය කිරීමට පවා නොහැකිය.මේ
සාහසික අපරාධයේ පළමු පෙල වග උත්තර කරුවකු වන රනිල් වික්‍රමසිංහට
වර්තමානයේදී සිය මදාවිකාර පාහර අතීතය අමතක වී ඇති බව තහවුරු වන්නේ ජාජබයේ
නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නගන අවලාද නිසාය.
Comments
Post a Comment