පෝරිසාද ටිරාන් අලස් ගේ බබා හුකුම් බී වාර්තාව

 


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් කරමින් පවතින බවට අප සිඳු කළ වාර්තා කිරීම් සම්බන්ධයෙන්
එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන ටිරාන් අලස් කල්ලිය මහත් භීතියට පත් වී ඇති බව අනාවරණය වේ.

පසුගියදා මහේස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බී වාර්තාවක් ඉදිරිපත් කර සදහන් කර ඇත්තේ ජාජබයේ නායක අනුර කුමාර දිසානායක ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට මාධ්‍යවේදී අජිත් ධර්මපාල විසින් සඳහන් කර ඇති බවත් එම තොරතුරු ඔහුට ලබා දුන් තොරතුරුකරු අනාවරණය කරගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසටය.ජනමාධ්‍යවේදියෙකු හට තොරතුරු සපයන්නකු පිළිබඳව අනාවරණය නොකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ටිරාන් අලස් කල්ලිය නොදන්නා බව ඉන් පැහැදිලිය.

කෙසේ වෙතත් අපගේ අනාවරණය කිරීමෙන් ටිරාන් අලස් ඇතුළු කල්ලිය දැඩි භීතියට පත් වී ඇති බවත් මෙරට මේ වන විට පවතින දේශපාලන වටපිටාව තුළ ඔවුන් ගේ අපරාධකාරී පැවැත්ම ඉතා නුදුරේදීම අවසන් වන හෙයින් ඔවුන් දැඩි කම්පනයට පත්වී ඇති බවත්  පෙනෙන්නට තිබේ.මෙතෙක් කාලයක් පොලිස් නිල රාජ්‍ය යාන්ත්‍රනය අයුතු ලෙස යොදවමින් සාපරාධී අපරාධයන් සිඳු කළ ටිරාන් අලස් ජාජබයේ නායක අනුර කුමාර දිසානායක හට ජීවිත තර්ජනයක් ඇතැයි අප කළ හෙළි දරව් කිරී⁣මත් සමග බබා හුකුම් බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මං සුදනා බව සමාජයට පෙන්වා දෙන්නට විය හැකිය.

තමන් සමග පෞද්ගලිකව පවතින  ඉඩම් ආරවුලක් නිසා ව්‍යාපාරිකයෙකු ගේ වැලිගම සංචාරක නිකේතනයකට ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිස් අපරාධකරුවන් යෙදවූ ටිරාන් අලස් ගේ  කෙරුවාව නිසා එම අපරාධ කල්ලියේ පොලිස් නිළධාරියකු මරණයට පත් වූයේ හමුදා වෙඩි පහරකින් බව අපට අමතක කරන්නට නොහැකිය.එසේ මරණය⁣ට පත්වූ පොලිස් නිළධාරියාගේ දරු පවුලට පොලිස් සුභ සාධක අරමුදලින් ලක්ෂ දහයක මුදලක් අනීතිකව ගෙවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරන ලදී.

ඉදිරි ආණ්ඩුවකදී  මෙම අ⁣පරාධ කල්ලිය සිදු කළ මෙවැනි අනීතික සාපරාධී ක්‍රියා විමර්ශනය කිරීම අනිවාර්ය කාරණයක් වනු ඇත.එම විමර්ෂණයේදී පෝරිසාද ටිරාන්ලා ගේ කෙරුවාව ගැන සාක්ෂි ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට අප සූදානම් බවද තිලිණ ගමගේ විනිසුරු වෙත සිහිපත් කරන්නෙමු. 


  •  or 

  • Comments

    Popular posts from this blog

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

    ඇත්තටම ඌ අපේ එකෙක්