දේශබන්දු ගේ පොලිස්පති කම නැති වූ දින සිට දකුණ සාමකාමී වේ
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කර මාස ගණනාවකි.ඇමති ටිරාන් අලස් සමග එක්ව දේශබන්දු තෙන්නකෝන් ඇල්ලූ අඩව් කස්තිරම් ගැන යම් අදහසක් ඇති කර ගත හැක්කේ බලපිටිය, අම්බලන්ගොඩ ,රත්ගම පොලිස් බල ප්‍රදේශයන්හි අද පවතින සාමකාමී වටපිටාව පිළිබඳව විනිශ්චයකට එළඹීමෙනි.යුක්තියේ මෙහෙයුම පවතිද්දී මේ ප්‍රදේශවල මිනිස් ඝාතන සිඳු වූයේ තරගයටය.එය එසේ සිදු වූයේ යටි බිම් ගතව දේශබන්දු තෙන්නකෝන් කල්ලියේ මැදිහත් වීම මත බව ලංකා දවස දිගින් දිගටම අනාවරණය කෙරිණි.එහිදී ලංකා දවස අසත්‍ය තොරතුරු පල කරන බවට ඇතැම් අවස්ථා වලදී අමාත්‍ය ටිරාන් අලස් අප හට චෝදනා කරන ලදී.එහෙත් අප එම ප්රවෘත්ති පල කරන ලද්දේ අප හට තොරතුරු සපයන ලද මූලාශ්‍ර පිළිබඳවවිශ්වාසය තබමිනිපසුගිය දිනක අප ඇමතූ ඩුබායි වල ජීවත්වන තොරතුරුකරුවකු අප හට පැවසුවේ මේ වන විට දකුණේ අපරාධ රැල්ල නැවතී ඇත්තේ පොලිස්පති දේශබන්දු කල්ලියේ සහයෝගය නොමැති නිසා බවය."සර් පහුගිය දවස්වල දකුණෙ මිනිස් ඝාතන කරන්න උදව් කෙරුවෙ දේශබන්දු මහත්තයයි එයාගෙ ගෝලයොයි.එයාල කොස්ගොඩ සුජී වගේ පාතාල අපරාධකාරයන් එක්ක සම්බන්ධයි.මේ අපරාධ කරන්න එස්ටීඑෆ් එකේ සපෝට් එකත් හම්බ වුනා.මතකද ගාල්ලෙදි ඩී.වී ජානක ඇමතිතුමාගෙ මාමණ්ඩිට වෙඩි තිබ්බා.ඒ වෙඩි තිබ්බෙ එස්ටීඑෆ් එකේ ඒඇස්පී සාගර කුලසේකර මහත්තයගෙ ගෝලයො දෙන්නෙක් සර්.දැන් ඒඇස්පී කුලසේකර මහත්තය සජිත් ප්‍රේමදාස මහත්තයගෙ මැඩම්ගෙ බොඩ් ගාඩ්.ඒ කියන්නෙ සජිත් මහත්තය ජනාධිපති වුනත් මෙයාලට කරදරයක් වෙන්නෑ කියන එකයි.එස්ටීඑෆ් එකයි කොස්ගොඩ සුජීලයි එකතු වෙලා ගේම් ගැහැව්වෙ දේශබන්දු මහත්තය දැනුවත්වයි."ඩුබායි ජීවත්වන පාතාල ක්රියාකාරකයා අප සමග එසේ පැවසුවේය.ඔහු අනාවරණය කළ සියළු තොරතුරු සම්පූර්ණයෙන් සත්‍ය බව අපට මේ වන විට වැටහේ.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව බලපිටිය රත්ගම ආදී ප්‍රදේශවල පවතින සාමකාමී වටපිටාව තුළ ඒ සත්‍යතාව වඩාත් තහවුරු කර ගත හැකිය.මෑතකදී කොළඹ විරෝධතාවක් සිදු කළ ඩෑන් ප්‍රියසාද් ඉල්ලා සිටියේ කන්ජිපානී පොඩි පැටී හා ලොකු පැටී වැනි පාතාල ක්රියාකාරිකයන් අත් අඩංගුවට ගෙන ලංකාවට රැගෙන එන ලෙසය.මේ හාස්‍ය ජනක නාටකය පිටුපස සිටින්නේ ඇමති ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ය.ඩෑන් ප්‍රියසාද් වීරයෙක් වන්නේ ඒ දෙදෙනාගේ රැකවරණය තුළය.පසුගියදා හදිසියේම තිරුපති දේවාලයට ගිය දේශබන්දු තෙන්නකෝන් හට ඉන්දියාවේදී කන්ජිපානී ඉම්රාන් හමුවූ බවට අපට තොරතුරු ලැබී තිබුණි.දේශබන්දු තෙන්කෝන් ලංකාවට පැමිණි විගස ඩෑන් ප්‍රියසාද් ගේ නාටකය සංවිධානය කෙරිණි.ඒ විගඩම් නාටකය සිදු වූයේ කන්ජිපානී ඉම්රාන්ගේ දැනුවත් කම මතය. ඩෑන් ප්‍රියසාද් සමග විරෝධතාවට සහභාගි වූවන් කුඩ්ඩන්ය.මේ කුඩ්ඩන් බියක් හැකක් නැතුව එම විරෝධතාවට සහභාගිවීම තුළින්ම එහි සැඟවුන න්‍යාය පත්‍රය වටහා ගත හැකිය.ඩෑන් ප්‍රියසාද් වැනි අපතයන් ලවා දේශබන්දු තෙන්නකෝන් කල්ලිය සමාජගත කරවන්නේ යුක්තියේ මෙහෙයුම සදහා නැවත පොලිස්පති ධුරය සදහා දේශබන්දු තෙන්නකෝන් පත් කළ යුතු බවය.හෙට අනිද්දා වන විට පැවැත් වෙන ජනපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව කිසිදු සැකයක් නැත.අනුර කුමාර දිසානායක ජනපතිවරයා වීමෙන් පසුව ඉටු කළ යුතු පළමු කාර්යයන් අතර අනිවාර්ය කාර්යයක් වන්නේ ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් කල්ලිය සිඳු කළ අපරාධ පිළිබඳව විමර්ශනය කිරීමය.සමස්තයක් වශයෙන් ගත් කළ රාජපක්ෂවරුන් විසින් කොඳු නාරටි කඩි නපුංශක බවට පත් කරන ලද පොලිස් දෙපාර්තමේන්තුව තුළ විනය ස්ථාපිත කිරීමද නව ජනපතිවරයාගේ වගකීමක් වේ.ඒ මන්ද යත් ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු කල්ලිය සියළු නොසන්ඩාල තක්කඩි මදාවි අපරාධ සිදු කරන ලද්දේ අයාලේ ගිය පොලිස් දේපාර්තමේන්තුව ආවරණය කර ගනිමින් නිසාය.
Comments
Post a Comment