බටලන්දේ මිනීමරු මහල්ලාගේ කැත ගේම අත ළඟයි

 


ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්වන එළඹෙන 18 වන දා අවසන් පැයේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා තමන්
ජනපතිවරණයෙන් ඉවත් වන බවත් තමන්ට ලබා දීමට අපේක්ෂා කරන ලද ඡන්දය මා මිත්‍ර අනුර කුමාර දිසානායකට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කිරීමට සැළසුම් කර ඇතැයි අනාවරණය වේ.එහිදී මේ මිනීමරු මහල්ලා උත්සාහ කරන්නේ තමන් හා අනුර කුමාර අතර ගණුදෙනුවක් පවතින බව රටට පෙන්වා දීමටය.මෙම ප්‍රකාශය සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට වාසි සහගත වන ආකාරයට සිදු කෙරේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සමීපතමයන් පිරිස ජාතික ජන බලවේගයේ අනුර කුමාර ජයග්‍රහණය ස්ථිර බව තහවුරු කර ගෙන සිටී.

 එබැවින් මේ වන විට ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවා ඔහු ජනපති ධුරයට පත් කර ඔහුගේ දේශපාලනික නූගත්කම නිසා එම ආණ්ඩුව තුළ මතුවන අර්බුද කාරී වටපිටාව උපයෝගී කර ගනිමින් නැවත රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් කර ගැනීමය.සජිත් ප්‍රේමදාස යම් හෙයකින් බලයට පත් වුව හොත් පවතින පාර්ලිමේන්තුව ඉදිරි වර්ෂයක කාලයක සදහා පවත්වා ගෙන යාමට ඉඩ ඇති අතර එහිදී නාමල් රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීමටද ඔහු මේ වන විටත් එකඟ වී සිටී.රනිල් වික්‍රමසිංහ පාර්ශවය අජූත සූදුවකට සූදානම් වන්නේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි.


ව්‍යවස්ථානුකූලව ජනාධිපති අපේක්ෂකයකුට තරග බිමෙන් ඉවත් වීමේ ප්‍රතිපාදන නැත.රනිල් වික්‍රමසිංහ මහල්ලා ⁣දියත් කිරීමට අපේක්ෂා කරන සැළසුම මෙරට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් විය හැකිය.ඒ ජනපතිවරණ අපේක්ෂයෙකුට තවත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට නොහැකි නිසාය.

රනිල් වික්‍රමසිංහ මහල්ලාගේ සැඟවුන න්‍යාය පත්‍රයේ ඇති ඊළඟ කඩාකප්පල්කාරී මෙහෙයුම වන්නේ එළඹෙන 21 රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.ඉන් අනතුරුව පත්වන ජනපතිවරයාට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු බලය පවත්වාගෙන යාමේ අර්බුදයක් මතු විය හැකි යැයි මොහු සිතයි.ජනපතිවරණය නොපැවැත්වීම සදහා කුරුමානම් ඇල්ලූ මේ පජාත මහල්ලා තවදුරටත් බලයේ සිටින්නට දරන මේ උන්මත්තක උත්සාහය වහා පරාජය කළ යුතුය.

එලෙසම රනිල් වික්‍රමසිංහ මහල්ලාට හා ඔහුගේ මස් කටු සූප්පු කරන්නන්ට ලබා දීමට අපට පණිවුඩයක් තිබේ.ඒ උඹලා මේ දාම් අදින්නට හදන්නේ උඹලා හා උඹලාගේ දරු පවුල් වල ජීවිත සමග බවය.එහිදී ජන මතය විකෘති කිරීමට අවස්ථාවක් නැති බවත් මේ වතාවේ ඒ සෙල්ලම් වානා බවද අපි උඹලාට  සඳහන් කර සිටිමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්