ජනාධිපති කාර්යාලයේ තක්කඩියන් මහජන මුදලින් මඩ වීඩියෝ හදලා


 

 මහනුවර කටුගස්තොට ඉන්ධන හලක් අබියස  ව්‍යාජ තෙල් හා ගෑස් පෝලිමක් නිර්මාණය කර වීඩියෝ කරන ලද පුද්ගලයෙකු මැතිවරණ කොමිසමේ විමර්ශන නිළධාරීන් හා පොලිස් නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.


මහනුවර වීරකෝන් උද්‍යානයේ පිහිටි සංචාරක නිකේතනයක ⁣සිට්න විදේශිකයන් විශාල  පිරිසක් සංචාරය⁣ කිරීමට යන බව පවසා තුන් රෝද එම ඉන්ධන හල වෙත කැඳවා ඇති අතර එම තුන් රෝද රථ පෝලිම ඉන්ධන ලබා ගැනීමට සිටින බවට හැඟවෙන ආකාරයට වීඩියෝ ගත කිරීමට සැළසුම් කර ඇති අතර දිගන වතු යායක කම්කරුවන් පිරිසකට රුපියල් 2500ක් ගෙවමින් එහි කැඳවා ව්‍යාජ ගෑස් පෝලිමක් නිර්මාණය කර තිබූ බව අනාවරණය වේ.

මෙම සැළසුම ක්‍රියාත්මක කරන ලද්දේ ජනාධිපති කාර්යා⁣ලයේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ප්‍රජා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් හා මනූෂ නානායක්කාර යන අයවළුන්ගේ උපදෙස් මත බව දැනගැන්මට තිබේ.මහජන බදු මුදලින් යැපෙන මේ තක්කඩියන්  ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට මෙම සැළසුම ක්‍රියාත්මක කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්