විදේශ සේවයේ නිරත දේශපාලන වල් ගප්පියන් වහාම ආපසු කැඳවීමට කාලය එළඹ තිබේ



අපේ රට නියෝජනය කරමින් වෙනත් රටවල පිහිටා ඇති තානාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් කාර්යාල වර්තමානයේ පවතින්නේ වේස මුඩුක්කු වල පරිසරයකි.මේ කාර්යාල වල කාර්ය භාරය වන්නේ ඒවා පිහිටි රටවල දේශපාලනික හා වානිජමය වශයෙන් සම්බන්ධීකරණය කිරීම හා ඒ ඒ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ගේ ශුභසාධනය හා අවශ්‍යතා වෙනුවෙන් මැදිහත් වීමය.එහෙත් මේ කාර්යාල වලින් සිදු විය යුතු එම කාර්ය භාරය ඉටු නොවන බවට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් මැසිවිලි හා චෝදනා නැගේ.⁣විදේශ රටවල පිහිටා ඇති තානාපති ,මහකොමසාරිස් හා කොන්සල් කාර්යාල වර්තමානයේ බරපතල පිරිහීමකට ලක් වී ඇත්තේ ඒ කාර්යාල වල ප්‍රධානීන් වශයෙන් කිසිදු සුදුසුකමක් නැති දේශපාලන ගැත්තන් පත් කිරීමය.

මේ වන විටත් බොහෝ විදේශ රටවල පිහිටා ඇති එම කාර්යාල වල තවමත් සිටින්නේ පසුගිය කාලයේ ආණ්ඩුවල දේශපාලන ගැත්තන්ය.ජනපති අනුර කුමාර දිසානායක පත් වුවද එම පත් කිරීම්වල වෙනසක් සිදු කර නැත.

ඒ පිළිබඳව වූ පළමු උදාහරණය ලෙස ඇමරිකාව ගත හැකිය.ඇමරිකාවේ වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති වන්නේ මහින්ද සමරසිංහය.ඔහු හිටපු අමාත්‍යවරයකුද වන දේශපාලඥයෙකි.
එම තානාපති කාර්යාලයේ තුන්වන නිළදාරී තාරක දිසානායකය.ඔහු එස්.බී දිසානායක ගේ පුත්‍රයාය.මේ කාර්යා⁣ලයේ ලිපිකාරිණියකි ලෙස කටයුතු කරන ඉන්දීවරී කුලරත්න හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ගේ දියණියයි.ඇය එම තනතුරට ඒමට පෙර එම ධුරයේ කටයුතු කර ඇත්තේ විපුල ගුණවර්ධන  නම් හිටපු ඇමති බන්දුල ගුණවර්ධන ගේ පුත්‍රයාය.මේ තානාපති කාර්යාලයේ 
මාධ්‍ය නිළධාරියා වන්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ආවරණයේ නිරත වූ අශෝක ජයතුංගය.ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල කොන්සල් ජනරාල් වන්නේ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාසය.ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය.ඒ මහින්ද රාජපක්ෂගේ සොහොයුරියගේ මස්සිනාය.

ඕස්ට්‍රෙිලියාවේ කැන්බරා මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් ධුරයේ කටයුතු කරන්නේ  ජනාධිපති කාර්යාලයේ සිට විශ්‍රාම ගිය චිත්‍රාංඟනී වාගිස්ශ්වරය.ඒ කාර්යාලයේ ඩී.සී.ප්‍රනාන්දු පුල්ලේ නම් හිටපු ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳය.මීට මාසයකට පෙර අරුන්දික ප්‍රනාන්දුට එරෙහිව චෝදනාවක් එල්ල වූයේ ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවීමට මුදල් ලබා ගෙන ඇති බවටය.රාජ්‍ය තාන්ත්‍රික නීති රීති අනුව අරුන්දික ගේ බිරිඳ වහාම ආපසු මෙරටට කැඳවා ගත යුතුව තිබුණි.ඒ යම් රටක මිනිස් ජාවාරමට සම්බන්ධ වූ අයෙකුගේ කාලත්‍රයාට එම රටේ තානාපති යෙදීමට ඉඩ  ලබා නොදෙන නිසාය.ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහය.ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ජපානයේ ටෝකියෝ තානාපති රොඩ්නි පෙරේරාය.ඔහු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ සමීපතමයකු වන රොනල්ඩ් පෙරේරාගේ සහෝදරයාය.
ඔහුටඑරෙහිව ඇති චෝදනාව වන්නේ ඔහු ජපන් කතක විවාහ වී සිටීමය.තානාපති සේවයේ නීති රීති අනුව යම් අයෙකුගේ කාලත්‍රයා අයත් රටට තානාපති සේවය සදහා පත් වීම් දෙන්නේ නැත.ඒ රාජ්‍ය තාන්ත්‍රික ගණු දෙනු වලදී තානාපති සේවයේ නිළධාරියාට සිය කාලත්‍රයා ගේ රටත් සමගම ළැදියාවන් අතර ගැටුමක් මතුවන නිසාය.මේ තානාපති කාර්යාලයේ සේවය කරන සේසත් තාඹුගල  ගේ ස්වාමි පුරුෂයා එම රටේම විදේශ අමාත්‍යංශයේ සේවය කරන ජපන් ජාතිකයෙකි.දෙදෙනාම ඉන්නේ ටෝකියෝ වලය.එයද රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනු වලදී ළැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කරන්නකි.මේ කාර්යාලයේ ලිපිකාරිණියක ලෙස 2006 වසරේ සිට කටයුතු කරන ඉන්දු ගුණරත්න හිටපු ඇමති නිමල් සිරිපාලද සිල්වාගේ ඥාති දියණියකි.

එක්සත් රාජධානියේ ලන්ඩන් මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමය.
ඔහු හිටපු දේශපාලඥයෙකි.හිටපු අමාත්‍යවරයකු වූ සුසන්ත පුංචිනිළමේ ගේ පුතා වන සේනිය පුංචි නිළමේ ගලුගමුව එහි තුන්වන නිළධාරියාය.ඊට පෙර එහි තුන්වන නිළධාරියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ගේ පුත්‍රයා වන කසුන් ද සිල්වාය.

ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ තුන්වන නිළධාරියා වන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයි වන සහශ්‍ර බණ්ඩාරය.ඊට පෙර එම ධුරයේ කටයුතු කර ඇත්තේ හිටපු ඇමතිවරයකු වන දුමින්ද දිසානායකගේ මල්ලී වන අමිල දිසානායකය.

ඉන්දුනීසියාවේ ජාකර්තාහි ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් ජයනාත් කොළඹගේය.ඔහු හිටපු නාවුක හමුදාපතිවරයෙකි.මැලේෂියාවේ ක්වලාම්පූර් මහ කොමසාරිස් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ සුමංඟල ඩයස්ය.කියුබාවේ හවානා තානාපති අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නේය.
ඔහුද හිටපු නාවුක හමුදාපතිවරයෙකි.නේපාලයේ කත්මන්ඩු තානාපති හිටපු ගුවන් හමුදාපතිවරයක් වන සුදර්ශන පතිරණය.පාකිස්ථානයේ ඉස්ලාම්බාද්හි මහ කොමසාරිස් හිටපු නාවුන හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නය.

කෙන්යාවේ නයිරෝබි තානාපති වේලුපිල්ලේ කනනාතන්ය.ඔහු රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකි.හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඉන්දි⁣යාවේ තිරුපති වන්දනාවේ යාමට උගන්ඩාවේ සිට පෞද්ගලික ජෙට් යානාවක් මෙරටට එවන ලද ව්‍යාපාරිකයාය.සී ෂෙල්ස් හි වික්ටෝරියා
මහ කොමසාරිස් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රීමාල් වික්‍රමසිංහය.ඔහු ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයාය.ඉන්දියාවේ නව දිල්ලි නුවර මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්නය.ඇය ජනපති කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගිය තැනැත්තියකි.පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වූ නාවලගේ බෙනට් කුරේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක්හි නිත්‍ය නියෝජිත හිටපු නීතිපතිවරයකු වූ මොහාන් පීරිස්ය.ඔහු රාජපක්ෂ වරුන්ගේ සමීපතම හිතවතෙකි.එමෙන්ම ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී.වෙන්කට්වේශ්වරන් නම් ව්‍යාපාරිකයෙකි.මාලදිවයිනේ මහ කොමසාරිස් රංග ගුණවර්ධනය. කටාර්හි ඩොහා තනාපති එම්.මනාස් මොහොමඩ්ය.අබුඩාබි හි තානාපති උදය වික්‍රමරත්නය.චීනයේඉ ෂැංහයි කොන්සල් අරුණ ප්‍රනාන්දුය.දකුණු අප්‍රිකාවේ පිටෝරි මහකොමසාරිස් මහචාර්ය ගාමිණි ගුණවර්ධනය.මේ සෑම දෙනාම විදේශ සේවයට අයත් නොවන දේශපාලන හිතවත්කම් මත පත් කරන ලද පුද්ගලයන්ය.

ශ්‍රී ලංකාවේ විදේශ සේවය මෙලෙස දේශපාලනී කරණය වීම නව ජනපති අනුර කුමාර දිසානායකගේ ඉක්මන් අවධානයට යොමු විය යුතුමය.මේ සෑම අයෙක්ම තානාපති වරප්‍රසාද අව භාවිතා කරමින් විවිධ ජාවාරම්වල නිරත වෙමින් සිටින බවට වාර්තා වී තිබෙි. අප මුලදී මෙම තානාපති කාර්යාල  වේස මුඩුක්කු බවට පත් වී ඇති බව ලියන ලද්දේ අපට අසන්නට ලැබෙන මේ ජාවාරම් හා දූෂිත නිසාය.මොවුන්  වැඩි පිරිසක් විදේශ සේවය පිළිබඳව දැනුමක් අවබෝධයක් නැත්තන් වේ.
කෙසේවෙතත් මේ වල් ගප්පියන් තව දුරටත් තානාපති සේවාවල රඳවා ගත හොත් ආණ්ඩුවට  මාර කරුමයකට කර ගසන්නට සිදු විය හැකි බව නම් නිසැකය.

(විශේෂ ස්තූතිය - අනිද්දා පුවත්පත)

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්