ජනපති අනුර සහෝදරයාට ගොරකයා යනුවෙන් අපහාස කළ මයුරි උඩවෙල අල්ලස් කොමිෂමේ වැබ අධ්යක්ෂ ජනරාල් වරිය ලෙස පත් කෙරේ
අල්ලස් හෝ දූෂණ කොමිෂමේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර ඇති බව අද (10)දින මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණි.එම්.ආර්.වයි.කේ උඩවෙල නොහොත් මයුරි උඩුවෙල මේ වන විටත් අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අතිරේක අධ්යක්ෂ ජනරාල් වරිය ලෙස කටයුතු කරමින් සිටි බවද එහිදී වාර්තා වේ.එම්.ආර්.වයි.කේ.උඩවෙලගේ ස්වාමි පුරුෂයා වන විජේරත්න හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ලෙස කටයුතු කර ඇති බව පැවසේ.පසුගිය ජනපතිවරණයේදී මයුරි උඩුවෙල සිය කාර්යාලය තුළ ප්‍රසිද්ධියේ ජාතික ජන බලවේගයට එරෙහිව වෛරී අදහස් ප්‍රකාශ කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂමේ සේවකයන් හට අනුර කුමාර දිසානායකට ඡන්දය ප්‍රකාශ නොකරන බලපෑම් කළ බවට සේවකයන් කිය සිටී.මෙහිදී මයුරි උඩවෙල ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හදුන්වා ඇත්තේ "ගොරකයා" යන අපහාසාත්මක විශේෂණය යොදා ගෙනය.අල්ලස් හෝ දූෂණ කොමිෂමේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස මයුරි උඩවෙල පත් කරන ලද බවට සඳහන් කර ජනපති ලේකම්වරයාගේ අත්සන සහිත ලිපිය ලැබුණ විට ඇය ප්‍රකාශ කර ඇත්තේ "ගොරකයා" අත්සන් කර එම පත්වීම කෙරුවේ නම් තමන් විසින් එම ධුරය බාර නොගන්නා බවය.අල්ලස් හෝ දූෂණ කොමිෂමේ ජාතික ජන බලවේගයට හිතැති සේවකයන් මැයගේ එම අශීලාචාර ප්‍රකාශය පිළිබඳව සිටින්නේ දැඩි කණගාටුවෙනි.රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ කාලයේදී මයුරි උඩවෙල සිය කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අයවළුන්ට සම්බන්ධ දූෂණ ගොනු තමන් වෙත යොමු නොකරන ලෙසය.රට බේරා ගත් නායකයාට එරෙහිව ගන්නා අධිකරණ ක්‍රියා මාර්ග වලට තමන් කිසි දිනක මැදිහත් නොවන බවටද බොහෝ අවස්ථා වලදී මයුරි උඩවෙල ප්‍රකාශ කරන ලද බවද බොහෝ සේවකයන් පවසා සිටී.මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිළිබඳව ජනතාව වඩාත් විශ්වාසය තැබුවේ මෙරට දූෂණය නැවැත්වීමට මැදිහත් වනු ඇති යැයි අපේක්ෂාවෙනි.මෙරට දූෂණයට තිත තැබීම සදහා අවශ්‍ය කෙරෙන ප්‍රධානතම ආයතන ලෙස සැළකිය හැක්කේ පොලීසිය හා අල්ලස් හෝ දූෂණ කොමිෂමයි.මේ වන විටත් පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චලනය වන්නේ පැරණි තක්කඩියන් හා පෝරිසාදයන් ගේ ගේ ඕනෑ එපා කම් අනුවය.අල්ලස් හෝ දූෂණ කොමිෂමද ඒ හා සමාන වෙමින් පවතින බව වැඩ බලන අධ්යක්ෂ ජනරාල් වරියගේ පත්වීමෙන් සිතා ගන්නට පුළුවන.මේ ආකාරයට සිද්ධි පෙල ගැසෙන්නේ නම් දූෂිතයන්ට දඬුවම් දීම පිළිබඳව අනාගතයේදී සිදු විය හැකි ප්රතිඵළය ගැන නිවැරිදි හා පැහැදිලි අදහසක් අපට ලබා ගත හැකිය.ඒ පසුගිය ආණ්ඩුවල දූෂිතයන් ලෙස චෝදනා ලැබූ සියළුම දෙනා ඉදිරියේදී අධිකරණයෙන් ඉතා සැහැල්ලු විදියට නිදොස් කොට නිදහස් වී යන බවය.මේ සඳහා වූ පසුතලය දැනටමත් යටි බිමි ගතව සැකසෙමින් තිබෙන බව අපට ඇස් පනා පිට තහවුරු වෙමින් පවතී.ගොරකයාගේ පත්වීමක් නම් එම ධුරය බාර නොගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අල්ලස් හෝ දූෂණ කොමිෂමෙි වැඩ බලන අධ්යක්ෂ ජනරාල්වරිය ගැන ජාතික ජන බලවේගය ආණ්ඩුව විශ්වාසය තබා කටයුතු කරනවා නම් ඉන් අනතුරුව ලැබෙන ප්රතිඵළය වන්නේ ජනපතිවරයා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය හීනයක් වීම පමණය.ජාතික ජනබලවේගය ආණ්ඩුව ආණ්ඩුව බල අධිකාරීන් සඳහා පත් කිරිම් වරද්දාගෙන ඇති ක්‍රමය ගැන අපටද අදහසක් තිබේ.ඒ ගැන පොලීසිය නිදර්ශනයක් ලෙස ගන්නවා නම් පොලීසිය තවමත් මෙහෙයවන්නේ හිටපු නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා හිටපු පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්ය.අපගේ ඒ විනිශ්චය සියයට දෙසීයක් තහවුරු කෙරෙන සාක්ෂි පවා අප සතුව ඇත. මේ දෙදෙනා ඒ සඳහා යොදා ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ පොලිස් සාමූහිකය වෙත රිංඟවා සිටි ඔවුන්ගේ නියෝජිතයන්ය.මේ නියෝජිතයන් මේ වන විට සිය හාම් පුතුන්ගේ ඕනෑ එපා කම් අනුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හසුරවමින් සිටී.අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියදී ජනතාව ආමන්ත්‍රණය කළ සටන්කාමී ස්වරය භාවිතාවෙන් දැක ගැනීමේ විලි රුදාවෙන් පොදු සමාජය පෙළෙමින් තිබේ.එහෙත් ඒ සිහිනය තුළ විකෘතිමය ස්වරූපයක් නිර්මාණය වෙමින් පවතීය යන සැකයක් සමාජය තුළ පැතිර යාම ඉතා බරපතල කාරණයකි.එහිදී සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා භාවනාව දේශපාලන භාවිතාවට අදාල කර ගත යුතුද නැත.
Comments
Post a Comment