පොලීසියේ පෝරිසාද නිල ඇඳුමට ජනතා අප්‍රසාදය පලවේ

  


ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය රත්ගම අම්බලන්ගොඩ කරන්දෙණිය ආදී මැතිවරණ කොට්ඨාශ ආවරණය කර ගනිමින් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සමග රථවාහන රාජකාරියේ යොදවා ඇති මෙම පොලිස් නිළධාරීන් සමූහය පිළිබඳව ජනතාව අප්‍රසාදය පල කර සිටී.


ගැසට් කරන ලද පොලිස් නිළ ඇඳුමට පරිබාහිරව අමුතුම මාදිලියේ පොලිස් නිළ ඇඳුමකින් යුතු මෙම පොලිස් නිළධාරීන් කණ්ඩායම ⁣රාජකාරියේ⁣ යොදවන ලද්දේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් හා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙන් බව පැවසේ .නිළ ඇඳුමේ නිල ලාංඡනය හෝ නම රහිතව පොලිස් ඇඳුමකින් සැරසී මාර්ග බාධක වල⁣ රාජකාරියේ යොදවා සිටින මොවුන් මංකොල්ලකාරයන් මෙන් සමාජය තුළ තැති ගැන්වීමක් හා බියවැද්දීමක් ඇති කරන බව ජනතාවගේ අදහස වී තිබේ.ඇතැම්විට මෙම පොලිස් නිළධාරින් දැක බියට පත්වන වාහන රියදුරකු සිය වාහනය නොනවත්වා ගමන් කරන විටකදී වෙඩි තැබීමක් වැනි සිද්ධියක් ඇති වුව හොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්න පවා පැහැදිලි නැත.ඒ මන්ද යත් අමුතු ජාතියේ නිල ඇඳුමෙන් සැරසුන එම  පොලිස් නිළධාරීන්ගේ අනන්‍යතාව සඟවා ඇති බැවිනි.


 

මේ පිළිබඳව නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවධානය වහා යොමු විය යුතු වේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා