සජිත් ප්‍රේමදාස කුඩු පට්ටම් කර ගම්පහින් කාල බෝම්බයක් පිපිරේ
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ තම නම සඳහන් වුවද තමන් මෙවර මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම අද (11)පැවැති මාධ්‍ය හමුකදී පැවසීය.
ඔහු එහිදී මෙසේද පැවසීය.
"......මම
ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් විදියට මෙවර
මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුවෙ සිටි කෙනෙක්.ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන
බලවේගයේ ආසන සංවිධායකවරයා විදියට මම අවුරුදු 20ක් කටයුතු කෙරුවා.නමුත් මම
මෙවර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුනත් ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට තීරණය
කෙරුවා.මම විශේෂයෙන් මෙහිදී කියන්න කැමතියි මට ආදරය කරන මම පාර්ලිමේන්තුවට
යවන්න දඟලන ඡන්ද දායකයන් ගෙන් ඉල්ලනව මා වෙනුවෙන් ඡන්දෙ දාන්න එපා කියල.ඔබතුමාගගෙ ඡන්දය වටිනා ඡන්දයක්.
මා
තවදුරටත් සමගි ජන බලවේගය සමග කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය පාවිච්චි
කරන්න එපා.සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයෙ නායකයා ගැන දැඩි කළකිරීමකින් කතා
කරන්නෙ.මම නොමිනේෂන් අත්සන් කරලා පැය 24 යන කොට මගේ ගම්පහ ආසනය සජිත්
ප්‍රේමදාස පහුගිය ජනාධිපතිවරණයේ සජිත්ට වැඩ නොකරපු එජාප නායක රනිල්
වික්‍රමසිංහට වැඩ කරපු පුද්ගලයට දීම ගැන මම දැඩි ලෙස කළකිරුනා.මම ගම්පහ
ආසනයේ නගරාධිපති විදියට අවුරුදු 09 ක් කටයුතු කෙරුවා.පලාත් සභා
මන්ත්‍රීවරයෙක් විදියට අවුරුදු 04 ක් හාටියා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
විදියට අවුරුදු 12 ක් හිටියා.මගේ ආසන සංවිධායක කම වෙන පුද්ගලටයකුට පැවරීම
මට විශ්වාස කරන්නත් බැරිවුනා.මගේ දුරකථනයට ආන්සර් කරන්නෙත් නෑ.
"සජිත් ප්‍රේමදාස බය ගුල්ලෙක් .කතා කරන්නෙ බුදු හාමුදුරුවො වගේ.වැඩ කරන්නෙ දේවදත්ත වගේ"
සජිත්
ප්‍රේමදාස වගේ බයගුළු කමට දුෂ්කරතාවලට මුහුණ දෙන්න බැරි නායකයෙක් එක්ක වැඩ
කරන්න බෑ.කතාකරනකොට එයා බුදු හාමුදුරුවො වගේ .වැඩ කරන්නෙ දේවදත්ත
වගේ.ඉගෙනගත්ත අයට සජිත් ප්‍රේමදාස කැමති නෑ.පාඨලී චම්පක රණවකටත් කෙරුවෙ මේ
දේ.සජිත් හිතන්නෙ හැම දේම දන්නෙ එයා කියල.."
ගම්පහ
මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ සංවිධායක කම සජිත් ප්‍රේමදාස ලබා දී
ඇත්තේ පසුගිය ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සහයෝලය දැක්වූ වරුණ
දීප්ත රාජපක්ෂ හටය.ඒ දිනවල රනිල් වික්‍රමසිංහ පාර්ශවය මාධ්‍ය මගින් විශාල
ප්‍රචාරයක් ගෙන යන ලද්දේ ජවිපෙ නායකයකු එජාපයට සම්බන්ධ වූ බවටය.වරුණ දීප්ත
රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පලාත් සභා මන්ත්‍රීවරයකු ලෙස
කටයුතු කළ අයෙකි.පසුව පක්ෂයේ ගත් විනය ක්‍රියා මාර්ග හේතුවෙන් ජනතා
විමුක්ති පෙරමුණෙන් ඉවත් කර තිබේ.
ජනාධිපතිවරණයේ
උනුසුම පහව යන්ටත් පෙර වරුණ දීප්ත රාජපක්ෂ සිය නායකයා වූ රනිල්
වික්‍රමසිංහ අත හැර සජිත් ප්‍රේමදාස පාර්ශවය වෙත එක්වීම හා සිය පක්ෂයේ
අවුරුදු 20 කට ආසන්න කාලයක් ආසන සංවිධායක වරයකු ඉවත් කර ඔහුට එම ආසනය ලබා
දීමේ සිඳුවීම ගැනත් සිතන විමසන සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට සජිත්
ප්‍රේමදාසගේ දේශපාලනික අඳ බාල කමත් වරුණ දීප්ත රාජපක්ෂලාගේ තක්කඩිකමත් ඉතා
මැනවින් වැටහිය යුතුය.
වරුණ දීප්ත රාජපක්ෂගේ
නැඟෙනියගේ සැමියා වූයේ දොස්තර වසන්ත සමරසිංහය.ඒ දොස්තර වසන්ත සමරසිංහ
දැනට මාලිමාවේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයක් ලෙස කටයුතු කරන වසන්ත සමරසිංහ
නොවේ.මේ දොස්තර වසන්ත සමරසිංහද අසූ නවය දශකයේ ජවිපෙ ප්‍රබල
ක්‍රියාකාරිකයකුව සිටි අතර මේ වන විට විදේශගතව සිටී.ඔහු මේ වන විට වරුණ
දීප්ත රාජපක්ෂගේ නැගෙනිය සමග විවාහයෙන් ඉවත්ව සිටින බවද වාර්තා වේ.
Comments
Post a Comment