සීඅයිඩී ලොක්කාගේ සමු ගැනීමේ සාදයට බර පැණ සොයා පොලිස් පොඩ්ඩෝ හිඟමනේ යති
- Get link
- X
- Other Apps
- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න එම දෙපාර්තමේන්තුවෙන සමුගෙන යාම වෙනුවෙන් සාදයක් පැවැත්වීම සදහා එහි නිවේදිත නිළධාරීන්ගෙන් පොලිස් පරීක්ෂක වරුන් ගෙන් හා ස්ථානාධිපති වරුන්ගෙන් රුපියල් හය දහසක මුදලක් එකතු කිරීමට සැළසුම් කර ඇති බවට වාර්තා වේ.මේ සමුගැනීමේ සාදය බම්බලපිටිය පොලිස් භෝජනාගාරයේදී පැවැත්වීමට නියමිතය.එම සාදයට සහභාගි වන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්,පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් බ්ලැක් ලේබල් බෝතලය බැගින් ගෙන ආ යුතු බවටද වැඩිදුරටත් උපදෙස් ලැබී ඇතැයිද දැන ගැන්මට තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ නිළධාරීන් මේ වන විට මේ සදහා බර පැණ සොයා ගැනීමට කොළඹ පාතාල ක්‍රියාකාරිකයන් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට හා සම්භාහන ආයතන හිමිකරුවන්ට දුරකථන ඇමතුම් දෙමින් කරදර කරමින් සිටින බවටද අනාවරණය වේ.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment