දේශබන්දු පොලීසියේ අරමුදල් ගිලලා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ කටයුතු කරමින් සිටියදී පොලිස් සුබසාධක අරමුදල හා සේවා වනිතා ඒකකයේ ප්‍රතිපාදන අවභාවිතා කළ බවට පොලිස් දෙපාර්තමේන්තුව තුළින් චෝදනාවක් නැගී තිබේ.
එහිදී
හිටපු පොලිස්පතිවරයා සිය පෞද්ගලික අභිමතය පරිදි පොදු මහජන මුදල්
ප්‍රතිපාදන වියදම් කර ඇතැයි ද වැඩිදුරටත් චෝදනා කර ඇත.තමන්ට ගුරුකම් කළ
කට්ටඬියන්ට හා දේවාල වල පූජාවන්ට පවා පොලිස් අරමුදල් වියදම් කර ඇති බවද
හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ගේ පෞද්ගලික අවශ්‍යතා මත වැලිගම
සංචාරක නිකේනයක් අනීතිකව වැටලීමට ගිය අවස්ථාවේ මිය ගිය පොලිස් සැරයන්
වරයාගේ පවුලට පවා මුදල් තෑගි ලබා ඇති බවටද අනාවරණය වේ.තව දුරටත් පොලිස්
භෝජනාගාරයට මාධ්‍යවේදීන් කැඳවා පොලිස් අරමුදලින් මත්පැන් බීමට දී මුදල්
ත්‍යාග පවා ලබා දී ඇති බවද පැවසේ.මේ හා සමාන බොහෝ දූෂිත ගණුදෙනු විශාල
ප්‍රමාණයක් සිඳුවී ඇති බවටද හෙළිවී තිබේ.
පොලිස්
දෙපාර්තමේන්තුව තුළ සිඳු වී ඇති මේ මහා මුදල් වංචාව පිළිබඳව වහාම
විමර්ෂණයක් අරඹා වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට
ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් බොහෝ දෙනෙකු නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්
වරයාගෙන් ඉල්ලා සිටී. මෙි වන විටත් එම වංචා වන්ට අදාල ලිපි ගොනු අස්ථාන ගත
කිරීමේ කුමන්ත්‍රණකාරී සැළසුමක් පොලිස් මූලස්ථානය තුළ සිඳුවෙමින් පවතින
බවද වැඩිදුරටත් අනාවරණය වේ.
Comments
Post a Comment